ජනතා අධිකරණය (52) ;- රොෂාන් මහේෂ් උක්වත්ත නඩුව.

police-brutality- (1)

රොෂාන් මහේෂ් උක්වත්ත එරෙහිව පොලිස් පරීක්ෂක මාරසිංහ වැලිකඩ පොලිසිය හා තවත් තිදෙනෙක්. මේ ශේෂ්ට්‍රදිකරණයේ අංක 252/2006 දරන මුලික අයිතිවාසිකම් නඩුවේ තීන්දුවේ සාරාංශය වේ. විනිසුරු සලීම් මස්රූෆ්, විනිසුරු පි ඒ රත්නායක සහ විනිසුරු චන්ද්‍රා ඒකනායක යන ත්‍රිපුද්ගල ශේෂ්ට්‍රදිකරන විනිසුරු මඩුල්ල ඉදිරියේ නඩුව විබාග විය. පෙත්සම්කරු වෙනුවෙන් නීතිඥ උපුල් ජයසුරිය සමග නීතිඥ සදමාලි රාජපක්ෂද වගඋත්තරකරුවන් වෙනුවෙන් නීතිඥ උපුල් කුමාරප්පෙරුම නීතිඥ සුරංග මුණසිංහ සහ ජෙෂ්ඨ රජයේ නීතිඥ රියාස් හම්සා පෙනී සිටින ලදී. මෙහි තීන්දුව දුන්නේ 2010.12.15 වැනිදාය.

පෙත්සම්කරු කියා සිටියේ තමාගේ 1978 ආණ්ඩු ක්‍රම විවස්ථාවෙන් සහතික කර ඇති 11, 12, 13(1) සහ 13(2) යන වගන්තින් වල සදහන් මුලික අයිතිවාසිකම් කඩවූ බවයි. මෙහිදී පෙත්සම්කරු නඩු පැවරුවේ මසක කාලය ගෙවියාමෙන් පසුවය. ශේෂ්ට්‍රදිකරණයේ මුලික අයිතිවාසිකම් නඩුවක් පැවරිය යුත්තේ මාසයක් ඇතුලතය. නමුත් මෙහිදී තීරණය වුයේ කාලය නිර්ණය කිරීමේ අබිමතය විනිසුරුට ඇති බවයි. එනම් ඒ අත්හල නොහැකි වාතාවරණයක් තුලයි. එනම් කාලය ගණන් කල යුත්තේ පෙත්සම්කරු අවහිරයකින් මිදුණු දා සිටය. මෙහිදී පෙත්සම්කරුට තිබු අවහිරතාව වුයේ බන්ධනාගාරගතව සිටීමයි.

පෙත්සම්කරුගේ සොහොයුරා මානව හිමිකම් කොමිෂමට පැමිණිලි කළේය. ඒ 2006.02.22 දින පෙත්සම්කරුව බිරිදව සහ මෙහෙකරුව වැලිකඩ පොලිසිය අත්අඩංගුවට ගත් බවත් 2006.02.24 දින දක්වා ඔවුන්ව එහි රදවා ගෙන ඇති බව කියමිනි. ඔහු පැමිණිල්ලේ ඉල්ලා සිටියේ පෙත්සම්කරුව සහ අනෙක් අයව නිදහස් කර ඔවුන්ට වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙන ලෙසය. මක්නිසාද වැලිකඩ පොලිසියේදී පෙත්සම්කරුට ඉතා තිරිසන් ආකාරයට පහර දි ඇති බැවිනි.

මානව හිමිකම් කොමිෂමද වැලිකඩ පොලිසියට දුරකතනයෙන් සම්බන්ද වී පෙත්සම්කරුව සහ අනෙක් අයව නිදහස් කර වහාම අධිකරණය ඉදිරියට පමුණුවන ලෙස ඉල්ලා ඇත. සහකාර අධිකරණ වෛද්‍ය නිලදාරී (කොලබ) ඉදිරිපත් කල වෛද්‍ය වාර්තාද පෙත්සම්කරුගේ පිඩාව හා ගැලපිනි.

මෙහිදී 13(2) වගන්තිය පුළුල්ව සාකච්චා විය. එනම් අත්අඩංගුවේ සහ රදවා සිටින නිදහස අහිමි කල පුද්ගලයකු හැකි ඉක්මනින් නීතියේ සදහන් ආකාරයට අධිකරණයක් වෙත ඉදිරිපත් කල යුතු අතර ඊට වැඩි කාලයක් රදවා ගැනීමේදී ඒ සදහා විනිසුරුවරයකුගේ නියෝගයක් ලබා ගත යුතුය. පෙත්සම්කරුව දින 05 ක් රදවා ගෙන සිට ඇත. ඒ නිසා ඔහු සම්බන්දයෙන් 13(2) වගන්තියේ දැක්වෙන මුලික අයිතිවාසිකම් උල්ලංගනය වී තිබේ.

11 වන වගන්තියට අනුව කිසිම පුද්ගලයකු වදහින්සාවට පාත්‍ර කල නොහැක. පෙත්සම්කරුට පහරදී ඇත. ඔහුගේ අත් හා කකුල් නවා වැලමිට සහ දණහිස් අතරින් අලවන්ගුවක් යවා තිබේ. පසුව ඔළුවට මුහුණට පිටු පසට තට්ටම් වලට සහ දණහිස් වලට බැටන් පොලු වලින් ගසා ඇත. ලි පොල්ලකින් කකුලේ යටි පතුල් වලට පහරදී තිබේ. මෙම තුවාල අධිකරණ වෛද්‍ය වාර්තා සමග ගැලපිනි. පෙත්සම්කරු කොලබ ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබා ගෙන ඇත.

පොලිසිය කියන්නේ ඔහුව මංකොල්ලයක් සම්බන්දයෙන් අත්අඩංගුවට ගත් බවය. නමුත් පෙත්සම්කරු එය ප්‍රතික්ෂේප කර සිටි. මෙහිදී ශ්‍රියානි එරෙහිව ඉද්දමල්ගොඩ නඩුවේ මාර්ක් ප්‍රනාන්දු විනිසුරුගේ උපුටා ගැනීමක් එනම් අයහපත් චරිතයක් ඇති පුද්ගලයකුටද අනෙක් පුද්ගලයකු හා සමානව වන්දි ලබා ගැනීමේ අයිතිය ඇති බව යන්න යොදා ගැනිණි. මෙහදී තීරණය කල කරුණු අතර පොලිස් ස්ථානදිපති පොලිසියේ සියලු ස්ථාන ගැන එනම් පොලිස් කුඩුව බැරැක්ක ඇතුළුව සුපරික්ෂාකාරී විය යුතුය. ඔහුගේ අනුදැනුමකින් තොරව පොලිසිය බාරයේ සිටින කිසිවකුට තුවාල විය නොහැක.

පෙත්සම්කරුගේ 11 සහ 13(2) වගන්තියේ සදහන් මුලික අයිතීන් කඩවූ බව තීරණය විය. රජය වන්දි ලෙස රුපියල් 80,000ක්ද සහ ගාස්තු ලෙස රුපියල් 20000ක්ද පෙත්සම්කරුට ගෙවිය යුතු විය. විනිසුරු චන්ද්‍රා ඒකනායක තීන්දුව ලියු අතර එයට අනෙක් විනිසුරු දෙපලගේ එකගතාවය හිමි වුනි.

මෙම නඩු තීන්දුව සම්පුර්ණයෙන් කියවීමට පහත සබැදියාව හා යොමු වන්න.

http://www.supremecourt.lk/images/documents/SCFR-252-2006.DecidedOn15.12.2010.pdf

One thought on “ජනතා අධිකරණය (52) ;- රොෂාන් මහේෂ් උක්වත්ත නඩුව.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )