th

අමරසිංහ ආරච්චිගේ මංගලසිරි එරෙහිව පි එම් සෙනෙවිරත්න සහ තවත් දෙදෙනෙක්. මේ ශේෂ්ට්‍රදිකරණයේ විබාග වූ අංක 264/06 දරන මුලික අයිතිවාසිකම් නඩුවේ තීන්දුවේ සාරාංසය වේ. පෙත්සම්කරු ඒ ඒ මන්ගලසිරිය. වගඋත්තරකරුවන් වුයේ කුරුණෑගල පොලිසියේ නිළදාරීන් සහ නීතිපතිවරයාය.

විනිසුරු තිලකවර්දන, විනිසුරු ශ්‍රීපවන් සහ විනිසුරු රත්නායක යන ත්‍රිපුද්ගල ශේෂ්ට්‍රදිකරන විනිසුරු මඩුල්ලක් හමුවේ නඩුව විබාග විය. පෙත්සම්කරු වෙනුවෙන් ජනාදිපති නීතිඥ මනොහරද සිල්වා සමග නීතිඥ බණ්ඩාර තලගුනේද වගඋත්තරකරුවන් වෙනුවෙන් නීතිඥ චුලා බණ්ඩාර සහ රජයේ නීතිඥ මාදව තෙන්නකෝන් පෙනී සිටින ලදී. තීන්දුව ලබා දුන්නේ 2010.08.06 වැනිදාය.

පෙත්සම්කරු දඹුල්ල මුලික රෝහලේ නිර්වින්දක ලෙස කටයුතු කළේය. තවද ඔහු දොඩන්ගස්ලන්ද එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන සන්විදායකද විය. පළමු වගඋත්තරකරු කුරුණෑගල පොලිසියේ පොලිස් පරීක්ෂකවරයකු ලෙසද දෙවන වගඋත්තරකරු කුරුණෑගල පොලිසියේ මුලස්ථාන පොලිස් පරීක්ෂක ලෙසද කටයුතු කරන ලදී.

පෙත්සම්කරුට එරෙහිව ඔහුගේ බිරිද දික්කසාද නඩුවක් හා නඩත්තු නඩුවක් පවරා තිබිණි. මෙම නඩත්තු ගෙවීම පිලිබදව උද්ගතවූ ගැටලුවක් සම්බන්දයෙන් ඔහුව කුරුණෑගල පොලිස් ස්ථානයට කැදවන ලදී. ඒ 2006.06.21 වැනිදාය. මෙහිදී පොලිසිය ඔහුගෙන් ප්‍රකාශයක් සටහන් කර ගත් අතර පසු අවස්ථාවක පළමු වගඋත්තරකරු ඔහුට පහර දෙන ලදී. කිහිපවිටක් ඔහුගේ පිටුපස ප්‍රදේශයට පයින් ගසන ලදී. පපුවටද පහර දෙනු ලැබිණි. ඔහු මේ නිසා බිම වැටුණු අතර එවිටද පළමු වගඋත්තරකරු ඔහුට පහර දෙනු ලැබිණි.

මේ සිද්දියෙන් අනතුරුව ඔහුව කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර 2006.07.05 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලදී. ඔහුව රක්ෂිත බන්ධනාගාර ගත කරපු සැනින් ඔහු කෑගල්ල රිමාන්ඩ් බන්ධනාගාරයේ ප්‍රධාන ජේලර්ට මෙම පහරදීම ගැන ප්‍රකාශයක් කළේය. නමුත් ඔහු වෙනුවෙන් පෙනී සිටි නිතිඥවරයාගෙන් ඉල්ලා සිටියද ඔහු මෙම පහරදීම ගැන කිසිවක් අධිකරණයට කියා සිටියේ නැත.

පළමු වගඋත්තරකරුගේ පහරදීම නිසා පෙත්සම්කරුගේ ශරීරය පිටුපස සහ පපු ප්‍රදේශයේ වේදනාවක් හට ගැනිණි. එම ස්ථාන වල තැලීම් තිබිණි. ඔහුට මුත්‍රා පහකිරීම දුෂ්කර වූ අතර මුත්‍රා සමග ලේ වහනය විය. 2006.06.22 ඔහුව වෛද්‍ය නිළදාරී විසින් පරික්ෂා කල අතර පසුව කෑගල්ල ශික්ෂණ රෝහලේ නතර කරන ලදී. එහිදී ඔහුව අධිකරණ වෛද්‍ය නිලධාරී විසින් පරික්ෂා කරනු ලැබිණි. 2006.07.03 වන දින ඔහුව රෝහලින් මුදා හරින ලදී.

පෙත්සම්කරුගේ 11 වන වගන්තියේ සදහන් මුලික අයිතිවාසිකම එනම් වදහින්සාවට පාත්‍ර වී ඇති බව තීරණය කෙරිණි. පළමු වගඋත්තරකරු පෙත්සම්කරුට වන්දි ලෙස රුපියල් 50,000ක් පුද්ගලිකව ගෙවිය යුතු විය. ගාස්තු අය නොකෙරිණි. මෙම නඩු තීන්දුව තිලකවර්දන විනිසුරුවරිය ලියු අතර එයට ශ්‍රීපවන් විනිසුරුගේ සහ රත්නායක විනිසුරුගේ එකගතාව ලැබිණි.

මෙම නඩු තීන්දුව සම්පුර්ණයෙන් කියවීමට පහත සබැදියාව වෙත යොමු වන්න.

http://www.supremecourt.lk/images/documents/SCFRApplication264_06_06.08.2010.pdf

Advertisements