ජනතා අධිකරණය (50) ;- මහේස්ත්‍රාත්ට ඉදිරිපත් නොකර රිමාන්ඩ් කල නඩුව.

015199

අබේගුනවර්දන, බද්දේගම එරෙහිව දහනායක පොලිස් ස්ථානය බදුල්ල සහ තවත් අය. මේ ශේෂ්ට්‍රදිකරණයේ විබාග වූ අංක 255/94 දරන මුලික අයිතිවාසිකම් නඩුවේ තීන්දුවේ සාරාංසයයි. පෙත්සම්කරු අබේගුනවර්දනය. වගඋත්තරකරුවන් වුයේ බදුල්ල පොලිසියේ නිළදාරීන් පොලිස්පති සහ නිතිපතිවරයාය.

ප්‍රනාන්දු විනිසුරු, අමරසිංහ විනිසුරු, සහ විජේතුංග විනිසුරු යන ත්‍රිපුද්ගල ශේෂ්ට්‍රදිකරන විනිසුරු මඩුල්ලක් ඉදිරියේ නඩුව විබාග විය. පෙත්සම්කරු වෙනුවෙන් නීතිඥ කේ තිරාණගම සමග නීතිඥ කිත්සිරි ජයසිංහ පෙනී සිටින ලදී. වගඋත්තරකරුවන් වෙනුවෙන් නීතිඥ ආර් පි හෙට්ටිආරච්චි ජනාදිපති නීතිඥ ඩි එස් විජේසිංහ නීතිඥ එල් කීර්තිසිංහ සහ ජෙෂ්ඨ රජයේ නීතිඥ කේ දර්මවර්දන පෙනී සිටින ලදී. මෙම තීන්දුව ලබා දුන්නේ 1995.12.12 වැනිදාය.

පෙත්සම්කරු කියා සිටින්නේ වගඋත්තරකරුවන් විසින් තමාගේ 1978 ආණ්ඩු ක්‍රම විවස්ථාවේ 11 සහ 13(1) යන වගන්ති වලින් සහතික කර ඇති මුලික අයිතිවාසිකම් උල්ලංගණය කල බවය. වගඋත්තරකරුවන් ඔහුව 1994.09.05 දින අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ඔහුට ඉතා තිරිසන් ආකාරයට පහර දෙන ලදී.

පළමු සිද්දිය ඇති වුයේ එදින රාත්‍රී 7 ට පමණය. පෙත්සම්කරු සහ වීරසිංහ යන අය මෝටර් රථයෙන් බදුල්ලේ වෙළද සලකට යන ලදී. රිය පැදවුයේ වීරසිංහ විසිනි. රථය රථ ගාලක නවතා වීරසිංහ පාන් ගෙඩියක් ගැනීමට කඩයට ගිය අතර පෙත්සම්කරු වාහනයේ රැදී සිටියේය. පළමු හා දෙවන වගඋත්තරකරුවන් එහි පැමිණ මෝටර් රථය ඉවත් කර ගන්නා ලෙස පැවසුහ. එවිට පෙත්සම්කරු රියදුරු නොමැති බවත් ඔහු ආ විගස පිටත්ව යන බවත් පවසා සිටියේය. පසුව වගඋත්තරකරුවන් ඔහුට බැන වදිමින් තර්ජනය කරන ලදී.

පෙත්සම්කරු කියා සිටියේ තමන් රජයේ නිළදාරියකු බවත් මේ බව ජෙෂ්ඨ පොලිස් අදිකරිවරයාට පැමිණිලි කරන බවත්ය. වගඋත්තරකරුවන් කියා සිටියේ තමන් එවැනි පැමිණිල්ලකට බිය නොවන බවය. ඔවුන් පෙත්සම්කරුට පොලිසියට යාමට එන්නයි අඩගැසුහ. වීරසිංහ පැමිණ ඔවුන් පොලිස් ස්ථානයට රැගෙන ගොස් බැස්සු නමුත් ඔහු සහ පෙත්සම්කරු එහි යාමෙන් වැළකිණි. පසුව ආපසු පැමිණෙමින් සිටියදී තවත් යහළුවකු මෝටර් රථයට නංවාගෙන ජෙෂ්ඨ පොලිස් අදිකාරී නිවසට ගොස් සිදුවූ දේ පැමිණිලි කළහ. ජේෂ්ඨ පොලිස් අදිකාරී උපදෙස් දුන්නේ තමා මේ බව මුලස්ථාන පොලිස් පරීක්ෂකට දැනුම් දෙන බවත් ඔවුන්ට පසුදින උදේ 10 ට පොලිස් ස්ථානයට වාර්තා කරන ලෙසත්ය.

දෙවන සිද්දිය වුයේ ජෙෂ්ඨ පොලිස් අදිකාරී නිවසින් ආපසු පැමිණෙමින් සිටියදීය. පෙත්සම්කරු දේවාල පාරින් බසින ලදී. ඔහු පිටුපස පැමිණි වගඋත්තරකරුවන් ඔහුව එලවමින් බැටන් පොලු වලින් පහර දෙනු ලැබිණි. ඔහුව බිම පෙරලා පයින් ගසන ලදී. ඒ අසලින් ඔවුන්ව පසු කර ගෙන ගිය හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වූ වින්සන්ට් ඩයස් මහතා එය දැක නැවතී ඔහුගේ වාහනයෙන් පෙත්සම්කරුව සහ වගඋත්තරකරුවන්ව පොලිස් ස්ථානය වෙත රැගෙන එන ලදී.

පෙත්සම්කරු දැඩි වේදනාවකින් පසුවූ අතර ඇවිද ගැනීමටද නොහැකි විය. ඔහුව බදුල්ල රෝහලට ඇතුලත් කෙරිණි. ඔහුව පරික්ෂා කල ෙෙවද්‍යය නිළදාරී ඔහුව නැවත පොලිසියට බාරදීම ප්‍රතික්ෂේප කළේය. ඔහුව රෝහලේ නතර කර ගැනිණි. ඔහු එහි 1994.09.23 තෙක් නේවාසිකව සිටියේය. පෙත්සම්කරු කියා සිටින්නේ තමාව මහේස්ත්‍රාත්වරයකු හමුවට ඉදිරිපත් නොකර රක්ෂිත බන්දනාගාර ගත කිරීමේ නියෝගයක් ලබා ගෙන තිබු බවය.

වගඋත්තරකරුවන් කියා සිටියේ පෙත්සම්කරු බීමතින් සිටි බවත් රාජකාරියට බාදා කළ බවත්ය. අදිකරණයේදී මෙම සියලු කරුණු ප්‍රතික්ෂේප වූ අතර පෙත්සම්කරු නඩුව ජයග්‍රහණය කරන ලදී. ඔහුට වන්දි ලෙස රු 50,000ක්ද ගාස්තු ලෙස රු 10,000ක්ද ලැබිණි. පෙත්සම්කරුට එරෙහිව වූ අපරාධ නඩුවේ සහතික පිටපතක් ශේෂ්ට්‍රදිකරණයට ලැබීමට සලස්වන්නයැයි බදුල්ල මහේස්ත්‍රාත්ට නියෝග කරන ලදී.

මෙම නඩු තීන්දුව ප්‍රනාන්දු විනිසුරු ලියු අතර එයට අනෙක් විනිසුරු දෙපලගේ එකගතාවය හිමි විය.

මෙම නඩුවේ සම්පුර්ණ තීන්දුව කියවීමට පහත සබැදියාව වෙත යොමු වන්න.

http://www.janasansadaya.org/page.php?id=469&lang=en

One thought on “ජනතා අධිකරණය (50) ;- මහේස්ත්‍රාත්ට ඉදිරිපත් නොකර රිමාන්ඩ් කල නඩුව.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )