ජනතා අධිකරණය (49) ;- 14 හැවිරිදි මල්ෂා කුමාරිගේ නඩුව.

children_playing

මල්ෂා කුමාරි එරෙහිව නිහාල් මහින්ද සහ තවත් අය. මේ ශේෂ්ට්‍රදිකරණයේ විබාග වූ අංක 6145/95 දරන මුලික අයිතිවාසිකම් නඩුවේ තීන්දුවේ සාරාංසයයි. පෙත්සම්කාරිය වූ මල්ෂා කුමාරි වෙනුවෙන් මානව හිමිකම් සහ සංවර්දනය උදෙසා නීතිඥයෝ නමැති සංවිදානයේ නීතිඥ නාලිකා කුමුදුනි කළුපහන මෙනවිය මෙම මුලික අයිතිවාසිකම් පෙත්සම ගොනු කරනු ලැබිණි. වගඋත්තරකරුවන් වුයේ හුංගම පොලිසියේ ස්ථානදිපති, පොලිස්පති සහ නිතිපතිවරයාය.

මෙම නඩුව විබාග වුයේ වැඩබලන අගවිනිසුරු ප්‍රනාන්දු, විනිසුරු දිරරත්න සහ විනිසුරු ආනන්ද කුමාරස්වාමි යන ත්‍රිපුද්ගල ශේෂ්ට්‍රදිකරන විනිසුරු මඩුල්ලක් ඉදිරියේය. පෙත්සම්කාරිය වෙනුවෙන් නීතිඥ කේ තිරාණගම, වගඋත්තරකරුවන් වෙනුවෙන් නීතිඥ ගාමිණී පෙරේරා සහ රජයේ නීතිඥ ඩි රත්නායක පෙනී සිටින ලදී. තීන්දුව ලබා දුන්නේ 1997.08.28 වැනිදාය.

හුංගම පොලිසිය පෙත්සම්කාරියව අත්අඩංගුවට ගත්තේ රන් මාලයක් සොරාගත් බවට චෝදනා නගමිනි. ඇයව අත්අඩංගුවට ගනු ලැබූ අවස්ථාවේදීද කොටුවකින් පහරදී ඇගේ මව සමග ජීප් රථයක දමා ගෙන හුංගම පොලිසියට ගෙනවිත් ඇත. සොර බඩු ඉල්ලමින් හොස් බටයකින් පහර දුන් අතර පසුව කම්මුල් වලටද පහර දෙනු ලැබිණි. පසුව ඔලුව මේසයක් මත තබන ලෙස කියා හෝස් පයිප්පයකින් ඇගේ කොදු ඇට පෙලට පහරදී ඇත. ඇය බිම ඇද වැටුණු විට වගඋත්තරකරුවන් සිය සපත්තු වලින් ඇයව පාගා තිබේ.

ඇගේ මව නොමැතිව ඇයව ජීප් රියක දමා ගෙන බඩු නැතිවූ බව කියන අයගේ නිවසට රැගෙන ගොස් ඇත. එහිදී ඇයව කඹයකින් කොහොබ ගසක එල්ලා හෝස් පයිප්පයකින් සහ ගනකම් කොටුවකින් පහර දි ඇත. මෙයට පොලිස් නිළදාරීන් 04 දෙනෙකු පමණ සහබාගි වී තිබේ. පසුව ඇයව පොලිස් ස්ථානය වෙත රැගෙන එනු ලැබූ අතර එතෙක් අත් දෙක ගැට ගසා තිබිණි.

පසුව පෙත්සම්කාරියගේ මවගේ ඉල්ලීමට දකුණු පළාත් සබා සාමාජිකයකු වූ නීතිඥ අන්ද්‍රහන්නදී මහතාගේ මැදිහත්වීමෙන් ඇයව නිදහස් කෙරිණි. පොලිසිය මෙසේ නිදහස් කිරීමේදී ඇගේ මවට පවසා ඇත්තේ ඇයට ආයුරේද ප්‍රතිකාර ලබා දෙන ලෙසත් රෝහලට රැගෙන යන්නේ නම් පොලිස් පහරදීම නොකියන ලෙසටත් එසේ සිදුවුයේ දෙමාපියන් විසින් පහරදුන් නිසාය යන්න කියන ලෙසත්ය.

වගයුත්තරකරුවන් අධිකරණයට ප්‍රකාශ කලේ පෙත්සම්කාරියට තුවාල සිදුවුයේ ඇයට සිය පියා විසින් පහරදීමත් වැටීම නිසාත් බවය. නමුත් අධිකරණය එය පිළිගත්තේ නැත. තවද පළමු වගඋත්තරකරු නීතිවිරෝදී ලෙස පෙත්සම්කාරියව අත්අඩංගුවට ගෙන රදවා ගත් අතර මහේස්ත්‍රාත්වරයකු හමුවට ඉදිරිපත් නොකලා මෙන්ම වධහින්සාවටද පාත්‍ර කරනු ලැබිණි.

මෙහිදී අධිකරණය කියා සිටියේ “තමන් පොලිස්පති විසින් පොලිසිය සිදුකරන මුලික අයිතිවාසිකම් කඩ කිරීම ගැන පියවර ගනු ඇතයි යන අවශ්‍යතාව නිරීක්ෂණය කල අතර සමහර අවස්ථා වලදී විනය පරීක්ෂණ සදහාද යොමු කිරීම් කල බවය. නමුත් ප්‍රතිචාරය යහපත් නැත. ඒ අනුව අධිකරණය සලකන එකම සහනය වන්දි පිරිනැමීම වේ.”

මෙහිදී පෙත්සම්කාරියට රුපියල් ලක්ෂ දෙකක වන්දියක්ද ගාස්තු ලෙස රුපියල් පන්දාහක්ද හිමි විය.

වැඩ බලන අගවිනිසුරු ප්‍රනාන්දු නඩු තීන්දුව ලියු අතර එයට දිරරත්න විනිසුරුගේ සහ ආනන්ද කුමාරස්වාමි විනිසුරුගේ එකගත්වය හිමි විය.

මෙම නඩු තීන්දුව සම්පුර්ණයෙන් කියවීමට පහත සබැදියාව හා යොමු වන්න.

http://www.janasansadaya.org/uploads/files/81-%20615-1995%20OK.pdf

One thought on “ජනතා අධිකරණය (49) ;- 14 හැවිරිදි මල්ෂා කුමාරිගේ නඩුව.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )