ජනතා අධිකරණය (48) ;- “රැදවියන්ට කාරුණිකව සහ මානුෂියව සැලකිය යුතුයි “නඩුව.

images

මේ ශේෂ්ට්‍රදිකරණයේ විබාග වූ අංක 4/88 දරන මුලික අයිතිවාසිකම් නඩුවේ තීන්දුවේ සාරාංසයයි. පෙත්සම්කරු සමන් වේ. වගඋත්තරකරුවන් වුයේ ලිලදාස සහ තවත් අයයි. අගවිනිසුරු රණසිංහ, ප්‍රනාන්දු විනිසුරු සහ අමරසිංහ විනිසුරු යන ත්‍රිපුද්ගල ශේෂ්ට්‍රදිකරන විනිසුරු මඩුල්ලක් ඉදිරියේ මෙම නඩුව විබාග විය. පෙත්සම්කරු වෙනුවෙන් නීතිඥ ඒ ඒ ද සිල්වා සමහ නීතිඥ කල්යානන්ද තිරාණගම නීතිඥ නිමල් පුංචිහේවා සහ නීතිඥ ජි පි දිසානායක පෙනී සිටින ලදී. වගඋත්තරකරුවන් වෙනුවෙන් ජෙෂ්ට රජයේ නීතිඥ සලීම් මාසුෆ් රජයේ නීතිඥ එෆ් එන් ගුනවර්දන සහ නීතිඥ කාංචන අබේපාල පෙනී සිටියහ. තීන්දුව දුන්නේ 1988 දෙසැම්බර් 12 වැනිදාය.

පෙත්සම්කරු පාසල් ගුරුවරයෙකි. ඔහු කියා සිටින්නේ තමාගේ 1978 ආණ්ඩු ක්‍රම විවස්ථාවේ 11 වන වගන්තියෙන් සහතික කර ඇති මුලික අයිතිවාසිකම් උල්ලංගණය වූ බවය.1987.07.29 දින ඔහුව අත්අඩංගුවට ගැනිණි. පසුව ඇල්පිටිය මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්දනාගාර ගත කෙරිණි. ඒ ගාල්ල බන්ධනාගාරයේය. මේ සිදුවීම වුයේ එහිදීය.

1987.12.01 දින ඔහුට බන්ධනාගාර නියාමකවරයකු විසින් පහර දෙන ලදී. ඒ සවස 05 ට පමණය. ඒ ජි වාට්ටුවට කෙටි දුරකින් පිහිටි වතුර ටැංකියකින් නාමින් සිටියදීය. මෙම පහරදීම කල පළමුවන වගඋත්තරකරු සි වාට්ටුවේ සහ ඩි වාට්ටුවේ කටයුතු බාරව සිටින ලදී. ඔහු පරික්ෂා කිරීමේදී එම වාට්ටු වල සිරකරුවන් ගණන අඩු වී සිටි අතර ඔවුන් අසල ජල ටැංකියෙන් නාමින් සිටියහ. මෙහිදී ඔවුන්ට ඉවත්ව යන ලෙස කල නියෝගය පිළිනොගැනීම නිසා බන්ධනාගාර නියාමක (පළමු වගඋත්තරකරු) පෙත්සම්කරුට බැටන් පොල්ලකින් පහර දෙනු ලැබිය.

පෙත්සම්කරුගේ වම් අතේ අස්ථි බිදීමට අමතරව තව තුවාලද සිදු විය. පෙත්සම්කරු සදහන් කරන්නේ තමන් නැමට අවසර ගෙන තිබියදීත් ඒ බව වගඋත්තරකරුට ප්‍රකාශ කලද තමන්ට අකණ්ඩව පහරදුන් බවය. පළමු වගඋත්තරකරු තමාව රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත්තේ ඇයිදැයි පෙත්සම්කරුගෙන් විමසා ඇත. ඔහු පවසා ඇත්තේ හදිසි නීති රෙගුලාසි යටතේ බවය. එවිට වගඋත්තරකරු “උබලා වගේ බල්ලෝ තමයි ආණ්ඩුව වට්ටන්න හදන්නේ. අපිට වගකීමක් තියෙනවා උබලා වගේ බල්ලන්ට පාඩමක් උගන්වන්න. එවිට උබලගේ අත පය අනාගතයේදීත් මේ වගේ දේවල් කරන්නේ නැහැ” යනුවෙන් පවසා තිබේ.

පෙත්සම්කරු හවස් වරුවේ වාට්ටුව බැලීමට පැමිණි ප්‍රධාන ජේලර්ට මේ බව ප්‍රකාශ කර ඇත. එවිට පසුදින පරීක්ෂණයක් සිදු කෙරිණි. ප්‍රධාන ජේලර් සහ බන්ධනාගාර අධිකාරී (ගාල්ල) ඉතා කඩිනමින් ඔහුව බන්ධනාගාර රෝහලටත් එතනින් ගාල්ල රෝහලටද යවා ඇත. ගාල්ල රෝහලට යැවුයේ ඔහුව අධිකරණ ෙෙවද්‍ය නිළධාරී විසින් පරික්ෂා කල යුතු බැවිනි.

සිද්දිය වූ වහාම පළමු වගඋත්තරකරුගේ වැඩ තහනම් කෙරිණි. මෙම මුලික අයිතිවාසිකම් නඩුව විබාග වෙද්දී ඔහුට එරෙහි අපරාධ නඩු කාර්ය පටිපාටියද බහා තැබිණි. 132 වන බන්ධනාගාර රීතියට අනුව බන්ධනාගාර නිළදාරීන් සිරකරුවන්ට කාරුණිකව සහ මානුෂිකව සැලකිය යුතුය.

පෙත්සම්කරු සම්බන්දයෙන් 11 වන වගන්තියේ සදහන් මුලික අයිතිවාසිකම් කඩ වූ බව තීරණය කෙරිණි. රුපියල් 15,000 ක වන්දියක් රජය විසින් ගෙවිය යුතු විය.

මෙම නඩුවේ තීන්දුව සම්පුර්ණයෙන් කියවීමට පහත සබැදියාව වෙත යොමු වන්න.

http://www.janasansadaya.org/uploads/files/118-%2004-1988.pdf

One thought on “ජනතා අධිකරණය (48) ;- “රැදවියන්ට කාරුණිකව සහ මානුෂියව සැලකිය යුතුයි “නඩුව.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )