ජනතා අධිකරණය (47) ;- වෘතිකයින්ට බලපෑමක් වූ පොලිස් වධහිංසා නඩුව.

th

මේ ශේෂ්ට්‍රදිකරණයේ විබාග වූ අංක 94/93 දරන මුලික අයිතිවාසිකම් නඩුවේ තීන්දුවේ සාරාංසයයි. පෙත්සම්කරු සුදත් පිරිස් වේ. වගඋත්තරකරුවන් වුයේ ගොඩකවෙල පොලිසියේ නිලධාරීන් සහ නිතිපතිවරයාය.

මෙය ප්‍රනාන්දු විනිසුරු, ධීරරත්න විනිසුරු සහ ගුනවර්දන විනිසුරු යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විබාග විය. පෙත්සම්කරු වෙනුවෙන් නීතිඥ ටියුඩර් දර්මදාස සමග කේ තිරාණගම සහ ජේ හසන් පෙනී සිටින ලදී. තීන්දුව ලබා දුන්නේ 1994.03.07 වැනිදාය.

පෙත්සම්කරු කියා සිටියේ තමන්ගේ 11, 13 (1) සහ 13 (2) වගන්ති වලින් සහතික කර ඇති මුලික අයිතිවාසිකම් උල්ලංගණය වූ බවය. ඔහු 34 හැවිරිදි ශක්තිමත් සිරුරකින් යුක්ත කාර්මිකයෙකු විය. ඔහු පල්ලෙබැද්ද, කොස්කැටිය ප්‍රදේශයේ සම්පත් ගරාජය පවත්වා ගෙන යනු ලැබිය.

1993.01.13 දින ඔහු මැලේරියා රෝගයෙන් පෙළෙමින් සිටියදී ඔහුගේ සේවය අවශ්‍ය බව පැවසූ ගොඩකවෙල පොලිසියේ නිලදාරීන් ඔහුව මෝටර් රථයක දමා ගෙන පොලිස් ස්ථානයට රැගෙන ගොස් තිබේ. ඔහුව එහිදී පොලිස් කුඩුවට දැමිණි. ඔහු තමාව අත්අඩංගුවට ගත් හේතුව විමසා සිටියද පිළිතුරක් ලැබුනේ නැත. පසුව අනාවරණය වුයේ ඔහුව සිය ගරාජය පිටුපස වූ ගෙයක් මංකොල්ල කෑමට අත්අඩංගුවට ගත් බවය.

පසුව ඔහුව පොලිසිය පිටුපසට රැගෙන යන ලදී. පොලිසියේ ඉහළ නිලදාරීන්ගේ අණ වුයේ ඇත්ත හෙළිවන තුරු ඔහුට පහර දිය යුතුය යන්නය. පොලිස් වගයුත්තරකරුවන් ඔහුගේ කමිසය ගලවා බෙල්ලෙන් අල්ලා ගෙන බිමට තල්ලු කර දම්මවලක් සම්බන්ද කර තිබුණු හෝස් පයිප්පයකින් පහර දෙනු ලැබිණි. එක් වගඋත්තරකරුවකු කැගසා කිවේ පහරදීමට නියම සිරුරක් බවය. මේ ආකාරයට අවස්ථා ගණනාවකදී ඔහුට පහර දෙන ලදී. ඔහුගේ පපුව පිටුපස තුවාල වූ අතර ලේ විදින්නට විය. පසුව ඔහුව බිමට දමා වගඋත්තරකරුවන් විසින් පයින් පාගනු ලැබිය.

පසුව ඔහුගෙන් ප්‍රකාශයක් සටහන් කර ගෙන ගොඩකවෙල රජයේ රෝහලට ගෙන යනු ලැබිණි. ඔහුව එහි ෙෙවයිද්‍යය නිලදාරී විසින් පරික්ෂා කරන ලදී. පසුව ඇබිලිපිටිය මහේස්ත්‍රාත් උසාවියට ඉදිරිපත් කර ඇප මත නිදහස් විය. ඔහු ලුනාවේ සිය මවගේ නිවසට පැමිණියේය. පසුව තමා විසින්ම ලුනාව රෝහලට ඇතුලත්ව එහි දින 04ක් ප්‍රතිකාර ලැබිය.

වගඋත්තරකරුවන් කියා සිටියේ 1993.01.15 පෙත්සම්කරුව ගොඩකවෙල රෝහලේ ෙෙවයිද්‍යය එස් එන් දයාරත්න වෙත ඉදිරිපත් කළ බවත් ඔහු පෙත්සම්කරුගේ කිසිදු තුවාලයක් අනාවරණය කර නොගත් බවත්ය. නමුත් ලුනාව රෝහලේ සහ කොලබ සහකාර අදිකරණ නිලදාරී ෙෙවයිද්‍යය වාර්තා වලින් තුවාල හදුනා ගනු ලැබිණි. ඔහුගේ නීතිඥවරයා වුයේ ඩි එස් බි දසනායකය. ඔහු මෙම නඩුවට දිවුරුම් ප්‍රකාශයක් ඉදිරිපත් කරමින් කියා සිටියේ පෙත්සම්කරු පහරදීම පිලිබදව පැමිණිල්ලක් ඉදිරිපත් නොකළ බවය. බරපතල ගැටලුව වුයේ මෙම නීතිඥවරයා සේවාදායකයාගේ උපරිම සුබසෙත වෙනුවෙන් කටයුතු කළාද යන්නය.

මෙම නීතිඥවරයා සහ ෙෙවයිද්‍යවරයා ගැන කරුණු සලකා බැලීමට අගවිනිසුරුට සහ නීතිපතිවරයාට අදිකරණයේ රෙජිස්ට්‍රාර් මගින් නියෝග කෙරුණු අතර පෙත්සම්කරුට වන්දි ලෙස රුපියල් 50,000ක්ද ගාස්තු ලෙස රුපියල් 5000 ක්ද හිමි විය.

මෙම නඩු තීන්දුව ලීවේ ධීරරත්න විනිසුරුවරයාය. ප්‍රනාන්දු විනිසුරු එයට එකග විය. නමුත් අවසන් නිගමනය සමග ගුනවර්දන විනිසුරු එකග වුවද නීතිඥවරයා සම්බන්ද කාරණාවේදී එකගතාව පල කල සිටියේ නැත.

මෙම නඩුවේ සම්පුර්ණ තීන්දුව කියවීමට පහත සබැදියාව හා යොමු වන්න.

http://www.janasansadaya.org/page.php?id=439&lang=en

One thought on “ජනතා අධිකරණය (47) ;- වෘතිකයින්ට බලපෑමක් වූ පොලිස් වධහිංසා නඩුව.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )