“දේශප්‍රිය මිනිහෙක්.”

DSC_0490

මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා සහ ඔහුගේ කාර්ය මණ්ඩලයට උපහාර දැක්වීමේ අභිනන්දන උළෙල 2015 පෙබරවාරි 11 බදාදා ප. ව 4.15 සිට 7.00 දක්වා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ බි කාමරයේදී පැවැත්වුණි. මෙය නියමිත වෙලාවට පටන් ගෙන නියමිත වෙලාවට අවසන් වූ වැඩසටහනක් බව ඉතා සතුටෙන් කියා සිටිමු. මෙහි කැදවුම්කරුවන් වුයේ සරත් වික්‍රමරත්න මහතා සහ නීතිඥ ජයන්ත දොලවත්ත මහතාය. එහිදී දේශප්‍රිය මිනිහෙක් පොත් පිංච මහින්ද දේශප්‍රිය මහතාට පිළිගන්වනු ලැබිණි.

මෙම පොත් පිංච විද්වතුන් ගණනාවකගේ අගනා ලිපි එකතුවක් වේ. එහි පළමු ලිපිය දිගු ගමනක මුල – මහින්ද දේශප්‍රිය විසින් රචිතය. ඒ ඔහු පාසල් අධ්‍යාපනය ලැබූ අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ පැහැසර සගරාවේ 2008 වසරේ පලවුවකි.

හිටපු විගණනකාදිපති සරත් මායාදුන්නේ මහතාගේ ලිපිය ”ජනතා පරමාධිපත්‍යය සහ ඡන්ද බලය ”,නම් වේ.

“ඡන්ද භීෂණයට ජනතාව තුළ වූ භිතිය දුරලීමට ඔහු ගත් අබිත වුත් අවදානම් වුත් පියවර බොහෝ දෙනෙකුගේ මතකයේ දිගු කාලයක් රදේවි. “මක්කෙටයි කකුලට තියන්නේ ඔලුවටම තියනව මිසක් “යනුවෙන් කල ප්‍රකාශය මැර බලය යෙදවේදැයි සැකයෙන් හා බියෙන් මුළුගැන්වුණු අයට ඡන්ද පලට ඒමට ලොකු හයියක් වුනා.”

“18 වන ආණ්ඩුක්‍රම විවස්ථා සංශෝදනය ආහොසි කර සහ 17 වන ආණ්ඩුක්‍රම විවස්ථා සංශෝදනයට සුදුසු ගැලපීම් කර 19 වන ආණ්ඩු ක්‍රම විවස්ථා සංශෝදනය ලෙසින් අනුමත කර ගැනීමට වන මේ මොහොතේ නිදහස් සහ සාදාරණ මැතිවරණ වි්‍්‍යූහයක් ඉන් බිහි වේද යන්න තියුණු ලෙස සිතිය යුතු වෙනවා. 17 වන ආණ්ඩුක්‍රම විවස්ථා සංශෝදනය තුළ මැතිවරණ දෙපාර්තමේන්තුව හෝ එහි කාර්ය මණ්ඩලය ගැන කවර හෝ සදහනක්වත් නොතිබූ අතර මැතිවරණ කොමසාරිස්වරයා හෝ ඒ දෙපාර්තමේන්තුවේ කිසිම අයෙකු අනුමතික වියුහය තුලට ගත යුතු බවට මොනම නීතිමය අවශ්‍යතාවයක්වත් පනවා තිබුනේ නැහැ. එනිසාද 19 වන ආණ්ඩුක්‍රම විවස්ථා සංශෝදනය ගෙන ඒමේදී ඒ සම්බන්දිතව විශේෂ අවදානය යොමු වීම අත්‍යවශ්‍ය වන බව කිවයුතු වෙනවා.”

“අවසාන වශයෙන් අවදාරණය කල යුතුව ඇත්තේ 19 වන ආණ්ඩුක්‍රම විවස්ථා සංශෝදන තුලින් 17 වන ආණ්ඩුක්‍රම විවස්ථා සංශෝදනය ඇතුළු තවත් යහපත් විදිවිදාන බලගන්විමේදී මැතිවරණ කොමසාරිස් තුමා හා මැතිවරණ දෙපාර්තමේන්තුව දියාරු කර හැරියහොත් එහි හානිය සැබෑ ලෙසම විදිනුයේ මැතිවරණ කොමසාරිස් තුමා හා මැතිවරණ දෙපාර්තමේන්තුවට අයත් නිලධාරීන් නොව ශ්‍රී ලංකා ජනරජයේ පරමාදිපත්‍යය හිමි සමස්ත ජනතාව සහ මතු පරපුරය යන විත්තිය අප ඉතා පැහැදිලිවම වටහා ගත යුතු වන බවයි. එනිසා ජනතා පරමදිපත්‍ය සුරකින ඡන්ද බලය නිදහස්ව සහ සාදාරනව බාවිතා කල හැකි විවස්ථාපිත විදිවිදාන ලබා ගැනීමට අවදිව නැගී සිටීම ඇප හැමගේ යුතුකමක් හිමිකමක් වාගේම මග හරිය නොහැකි වගකීමක්ද වෙනවා” ඉහත උපුටා ගැනීම් මායාදුන්නේ මහතාගේ ලිපියෙනි.

නීතිඥ එස් ජි පුංචිහේවා මහතාගේ ලිපිය “නීතියේ පාලනය යනු ජනතාවට පක්ෂ වීමය. ” ඔහු එහි මෙසේ සදහන් කරන්නේය.

“ඉතාම උග්‍ර බැරෑරුම් අවස්ථාවකදී වුවද ඉහළ නිලධරයන් කළ යුත්තේ නීතියෙන් පැවරී ඇති කාර්ය හෙවත් සුවාදින බලතල පමණි. ඉහලින් නියම කරන කාර්යයන් ඊට පටහැනි නම් එසේ නොකළ යුතුය. එසේ කිරීමෙන් පසු ආණ්ඩු මාරුවක් සිදු වුවහොත් එම නිලධරයන්ට වගකීමට සිදුවේ. එසේ ක්‍රියා කල යුතු ආයතන රැසකි. මුලික ඒවා මෙසේය. රාජ්‍ය සේවා කොම්සම, අල්ලස් කොම්සම, මැතිවරණ කොමිසම, මානව හිමිකම් කොමිසම, සිමා නිර්ණය කොමිසම, පොලිස් කොමිසම, නීතිපති, ඔම්බුඩ්ස්මන්, අධිකරණ සේවා කොමිසම, විගණකාදිපති, පොලිස්පති ඇතුළු සියලු විනිසුරුවරුන්, ආණ්ඩුකාරවරුන්, රාජ්‍ය නිළධාරීන්, තානාපතිවරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානින් සහ අමාත්‍යංශ ලේකම්වරුන්ය. මේ නිළධාරී පෙලන්තිය සුවාදිනව හෙවත් පොදු යහපත උදෙසා ක්‍රියා කරන්නේ නම් ඒ රට පුර්ණ ප්‍රජාතන්ත්‍රවාදී රටක් වනු පුදුමද?”

“සියලු නීති රීති උල්ලංගණය කරමින් මැතිවරණ නීතිරීති නොතකා රාජ්‍ය දේපල අයතා ලෙස යොදවමින් ජනදිපතිවරණයේදී ආණ්ඩුව ක්‍රියා කල බව ඡන්ද දායකයන්ට අමතක වී නැත. එහිදී මැතිවරණ කොමසාරිස්වරයා නිතිය ආරක්ෂා කිරීමට සිය උපරිම බලතල බාවිතා කිරීම ගැන ඡන්ද දායකයෝ සතුටු වෙති. ඔහු කල වැඩ වලින් කීපයක් මෙසේය.

1. පෝස්ටර් කටවුට් නීතිවිරෝදී කාර්යාල තහනම් කිරීම.

2. “ජනපති ජනහමුව” යනුවෙන් ජනාදිපතිට ජනතාව ඇමතීම තහනම් කිරීම. (ජන. 6. 7 දිනවල)

3. ඡන්ද ස්ථානවල කලබල කරන අයට දනෙන් පහලට නොව ඔලුවටම වෙඩි තබන ලෙස ප්‍රසිද්දියේම විදාන කිරීම.

4. විවිද භාන්ඩ බෙදීම වැළැක්වීම.”

ඉහත ෙඡ්දයන් උපුටා ගත්තේ පුංචිහේවා මහතාගේ ලිපියෙනි.

මිට අමතරව ආචාර්ය සුනිල් අබේසිංහ, නන්දසේන මද්දුගොඩ, ලලිත් අබේසිංහ, රාජේන්ද්‍ර විජේතුංග, හේ මු තිලකසිරි හේරත්, ආනන්ද දිසානායක, සරත් වික්‍රමරත්න, සුගත් වටගෙදර, ආචාර්ය අනිල් ප්‍රේමරත්න, විමල් ප්‍රනාන්දු සහ කේ ඒ රිචඩ් පෙරේරා යන මහතුන් මෙම වටිනා පොත් පිංචට ලිපි සැපයීමෙන් මහගු කාර්යයක් සිදුකර තිබේ.

හර්ෂි සි. පෙරේරා

2 thoughts on ““දේශප්‍රිය මිනිහෙක්.”

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )