unnamed

දිනය 2012 නොවැම්බර් 09 වැනිදාය. ලංකාදීප පුවත් පතේ මේ සදහන් විය. පොලිස් විශේෂ කාර්ය බලකාය වැලිකඩ බන්ධනාගාරයේ 09 සවස සිදුකල හදිසි සෝදිසි මෙහෙයුමකට විරෝදය දක්වමින් සිරකරුවන් කැරලි ගැසීම නිසා ඇතිවූ දරුණු ගැටුමකින් බන්ධනාගාර බුමිය එකම යුද පිටියක් බවට පත් විය.

බන්ධනාගාර සිර මැදිරිවලින් පිටතට පැමිණි සිරකරුවන් පිරිසක් ගිනි අවි රැගෙන බන්ධනාගාර වහලය මතට නැග වෙඩි තැබීම නිසා පොලිස් විශේෂ කාර්ය බලකා භට පිරිස් හා සිරකරුවන් අතර දරුණු වෙඩි හුවමාරුවක් සිදුවිය. පොලිස් විශේෂ කාර්ය බලකාය පැය 02 ක පමණ කාලයක් තිස්සේ සිදු කල සෝදිසි මෙහෙයුමේදී සිරකරුවන්ගේ මැදිරි තුළ තිබී මත්කුඩු තොගයක් හා ජංගම දුරකතනද අත්අඩංගුවට ගත් බවද පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලදාරියෙක් පැවසිය. පළමුව සිරකරුවන් පොලිස් විශේෂ කාර්ය බලකායට ගල් මුල් ප්‍රහාර එල්ල කළහ. එය දරුණු විය. සෝදිසි මෙහෙයුමට විරෝදය දක්වමින් සිර මැදිරි වලින් පිටතට පැමිණි සිරකරුවන් පිරිසක් එහි අවි ගබඩාව කඩා ටි 56 ගිනි අවි රැගෙන වහලය මතට නැගීමත් සමග තත්වය දරුණු වූ බව එහි ප්‍රකාශකයෙක් කිය. වැලිකඩ එල් හා චැපල් වාට්ටු වල සෝදිසි මෙහෙය සිද්ද විය.

ගැටුම අතරවාරයේ සිරකරුවන් පිරිසක් බන්ධනාගාරයේ පිටුපස තාප්පය කඩාගෙන පැනගොස් තිබු අතර ඔවුන් බන්ධනාගාර අවි ගබඩාවේ අවි ආයුද රැගෙන ගියේදැයි පරීක්ෂණ පැවැත්වේ. වැලිකඩ බන්ධනාගාරය වටකොට පොලිස් විශේෂ කාර්ය බලකායේ සහ යුද හමුදාවේ බටයින් ආරක්ෂක වළල්ලක් යොදා තිබුණි. පොලිස් කැරලි මර්දන ඒකකයද කැදවා තිබුණු අතර සන්නහා සන්නද්ද රථයක්ද ඒ අසල නතර කර තිබු අතර ස්නයිෆර් කරුවන්ද සිටියහ.

තුවාල කරුවන් අතර විශේෂ කාර්ය බලකායේ අණ දෙන නිලදාරිනි ඩබ්ලිවු එම් සි රණවන ප්‍රදාන පොලිස් පරීක්ෂක දිමුතු සමරනායක යන මහත්වරුන්ද සිටින බව රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි. බන්ධනාගාර නියාමකවරුන් සහ රැදවියන්ද ඒ අතර සිටිති. ඊයේ රාත්‍රිය වන විට සිරකරුවන් 13 ක් මියගොස් සිටි අතර තුවාලකරුවන් 32ක් කොලබ ජාතික රෝහලට ඇතුලත් කර සිටියහ.

කැරැල්ලෙන් මියගිය 27න් 11ක්ම පාතාලයෝ සහ දරුණු අපරාධකාරයෝය. ගිනි අවි 07 ක් අතුරුදහන් වී ඇත. සිරකරුවන් තුනක් නැත. කොටි ගණනක රත්රන් බඩුත් නැහැ. ඒ අතර කළු තුෂාර, මංජු ශ්‍රී සහ මාලන්. පාතාල අපරදකරුවන් 11 ක් මිය ගියහ. රැදවියන් පැය 10 කට අදික කාලයක් බන්ධනාගාර පාලනය සියතට ගෙන තිබු අතර කොමාන්ඩෝ බලකාය පසුදින අලුයම 1 ට පමණ ආරම්බ කල පැයක මෙහෙයුමෙන් පසුව බන්ධනාගාර කටයුතු මුළුමනින්ම යතා තත්වයට පත්කරනු ලැබිණි.

පුනුරුත්තාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය චන්ද්‍රසිරි ගජදීර විසින් ත්‍රිපුද්ගල කමිටුවක් පත් කරන ලදී. එක්සත් ජාතික පක්ෂය තේරීම් කාරක සබාවක් ඉල්ලීමට යන බවද වාර්තා විය. අලාබය කෝටියකි.

චන්ද්‍රසිරි ගජදීර විශේෂ ප්‍රකාශයක් කළේය. “වැලිකඩ සිටි මුළු රැදවියන් ගණන 3621 කි. වැලිකඩ බන්ධනාගාරයේ ඔෟෂද ගබඩාව බිද මත් පෙති පානය කර ඇති රැදවියන් පසුව එහි ආයුද ගබඩාව කඩා ගිනි අවි රැගෙන ඉවක් බවක් නැතුව වෙඩි තබා ඇති බව කි ඇමතිවරයා එම හේතුවෙන් එහි සිටි සෙසු රැදවියන්ටද වෙඩි වැදී ඇති බව කිවේය.

පසුව නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ තත්වය යහපත් අතට හැරිණි. එක්සත් ජාතික පක්ෂය තේරීම් කාරක සබාවක් ඉල්ලා සිටින්නේ බන්ධනාගාරය තුළ පැය කිහිපයක් මුළුල්ලේ වෙඩි හුවමාරු වූ ආකාරය, රැදවියන් අතට ගිනි අවි පත්වීම, විශේෂ කාර්ය බලකාය හදිසියේම බන්දනාගාරයට ඇතුළු වී පරික්ෂා කිරීම් සිදුකිරීම ආදී බරපතල කරුණු කාරනා රැසක් සම්බන්දයෙන් කරුණු විමසීමටය.

මියගිය රැදවියන්ගේ මළසිරුරු නිදහස් කරගෙන යාම සහ දැක බලා ගැනීමට පැමිණි ඥාති හිතමිතුරන්ගෙන් බොරැල්ල පොලිස් මෘත ශරීරාගාරය සහ ඒ අවට ප්‍රදේශය ඊයේ (1) පිරි ඉතිරි පැවතුනි. සිරකුටි වල සිය පුත්‍රයා, ස්වාමියා, සහෝදරයා නිකරුනේ මරා දමුවායයි ඇතැමෙක් චෝදනා කළහ.

සිරිපාල අතපත්තු මහතා;- මේ සිද්දියෙන් මියගිය නිර්මල අතපත්තු (26) මගේ පුතායි. මත්ද්රවිය චෝදනාවක් සම්බන්දයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන වසර තුනක් තිස්සේ රිමාන්ඩ් බන්ධනාගාර ගත කරනු ලැබ සිටි නිර්මල පුතා රදවා සිටියේ ජේ වට්ටුවෙයි. මේ වෙඩි තැබීමේ සිද්දිය වුනේ චැපල් වට්ටුවත් එල් වට්ටුවත් අතර ප්‍රදේශයෙදියි. එසේනම් සිරමැදිරියක සිටි පුතා මියගියේ කොහොමද?

මෙම වැලිකඩ සංහාරය අද වන විට ඉමහත් ආන්දෝලනයකට පත් වී තිබේ. ඒ පිලිබදව ආරම්බ කර ඇති පරීක්ෂණය සාදාරණව ඉටුවේ යන්න අපේ බලාපොරොත්තුවයි. පාවෙන අවි ගබඩා ඇතුළු ආරක්ෂක කරුණු ගැන පමණක් නොව මෙම වැලිකඩ සංහාරය ගැනද අද 2015.02.13 ඔහුගෙන් ප්‍රකාශ සටහන් කර ගත් ආකාරයටම ප්‍රශ්න කල යුතුව ඇත.

හර්ෂි සි. පෙරේරා

Advertisements