සැබෑ බන්ධනාගාර;- ලංකාවේ හොදම බන්ධනාගාර පුස්තකාලය අළු වේ.

download

මැගසින් සිරගෙදර කැරැල්ල ඇති වුයේ 2012.01.24 වැනිදාය. බොරැල්ලේ මැගසින් බන්ධනාගාරයට පිටතින් ආහාර වර්ග රැගෙන එම සිමාකිරිම සහ ඒවා දැඩි ලෙස පරික්ෂා කිරිම පිළිබදව විරෝදය දක්වමින් එහි රැදවියන් 24 වැනිදා පෙරවරුවේ බන්ධනාගාර ගොඩනැගිලි දෙකකට ගිනි තබා ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරීම නිසා බන්ධනාගාරය යුද පිටියක් බවට පත් විය.

එහි පාලනය පැය දෙකක් කලහකාරීන් අතේ විය. රැදවියන් 26 ක් සහ නිලදාරීහු 05ක් රෝහල් ගත කෙරිණි. ගොඩනැගිලි දෙකකට ගිනි තැබිණි. ඒ අතර ලංකාවේ හොදම බන්ධනාගාර පුස්තකාලය විය. කැරලිකරුවන් වහලට නැගී ගල් මුල් ගසන ලදී. මෙනිසා තත්වය ප්‍රොකොපකාරී විය. නිලධාරීන් පෙරලා වෙඩි තැබීම නිසා දැඩි ගැටුම්කාරී තත්වයක් ඇති වුනි. ලේඛනාගාරය පිහිටි ගොඩනැගිල්ලට සහ ආහාර ගබඩාව පිහිටි ගොඩනැගිල්ලට රැදවියෝ ගිනි තබා විනාශ කළහ. බේස්ලයින් මාර්ගය පැය 2 කට අදික කාලයක් වසා දැමීමට සිදුවිය. මෙහි රදවා සිටි සියලු දෙනා රිමාන්ඩ් සැකකරුවෝ වෙති. දෙදහසක් පමණ දෙනා උද්ගෝෂණය ආරම්බ කරන ලදී.

රැදවියන් බන්ධනාගාර අදිකාරී එමිල් රන්ජන් මහතා හමුවී සාකච්චා කිරීමට ගත් උත්සාහය වැලකීම නිසා තත්වය දරුණු අතට හැරිණි. උද්ගතවූ තත්වය පාලනය කිරීම සදහා අවට පොලිසි වලින් අමතර බට කණ්ඩායම්ද යුද හමුදා කණ්ඩායම් කැරලි මර්දන කණ්ඩායම් ඇතුළු දහසකට අදික බට කණ්ඩායමක් මැගසින් බන්දනාගාරයට කැදවුනු ලැබිණි. ගිනි නිවන හමුදාවද කැදවිනි. රැදවියෝ ඔවුන්ටද ගල් මුල් ප්‍රහාර එල්ල කළහ. පොලිස් ජල ප්‍රහාරක රථද එම ස්ථානයේ රදවා තැබිණි. පැය දෙකකට අදික කාලයක් ඔවුන් පාලනය අතට ගැනීම නිසා තුවාලකරුවන් රෝහල් වෙත රැගෙන යාම අතිශය දුෂ්කර විය. පසුව අතිරේක භට කණ්ඩායම් තත්වය පාලනය කළහ. අවට නිවෙස් වලටද ගල් මුල් ප්‍රහාර සහ කදුළු ගැස් ප්‍රහාර එල්ල විය.

මැගසින් බන්ධනාගාරයට පත්වූ අලුත් අදිකරිවරයා මත්ද්‍යවිය ජාවාරමට එරෙහිව අලුත් නීති රීති හදුන්වා දෙන ලදී. රැදවියන්ගේ නිවෙස් වලින් ගෙනෙන ආහාර දැඩි පරික්ෂාවට ලක්වූ අතර ආහාර සිමාකිරීමද සිදුවිය. මේ නිසා මත්ද්‍යවිය ජාවාරමේ යෙදුනු ඇතැම් බන්ධනාගාර නිළධාරීන්ගේ ආදායම් මාර්ග වලටද බලපෑම් එල්ල විය. ඔවුන් මෙම උද්ගෝෂණය සදහා රැදවියන් උසිගන්වා පෙලබවූ බව වාර්තා වේ.

තත්වය පාලනය කිරීමෙන් පසුව එල් ටි ටි ඊ සැකකරුවන් 180 ක් වෙනත් බන්ධනාගාරයකට මාරු කර යැවීමට පියවර ගැනිණි. ඇතැම් රැදවියන් අත කඩු කිනිසිද විය. මේ වන්නක් බන්ධනාගාර නිලධාරීන් පිරිසකගේ උදවු උපකාර ඇතිව මිස මෙසේ ඔවුන් අතට මෙසේ පත්විය නොහැක.

මෙය බන්ධනාගාර අධිකාරිවරයා මත්ද්රවිය ජාවාරම මැඩලීමට ගත් උත්සාහයට එරෙහිව ඇති වුවක් බව පොලිස් මාද්‍ය ප්‍රකාශක අජිත් රෝහණ පැවසිය. සිද්දිය සැලවීමත් සමග බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් පි කේ කොඩිප්පිලි මහතා සහ නිළධාරී කණ්ඩායමක් එම ස්ථානයට පැමිණ සිද්දිය මැඩලීමට උත්සහ ගෙන තිබේ. සිද්දිය සම්බන්දයෙන් පරික්ෂා කොට වාර්තාවක් ඉදිරිපත් කිරීම සදහා ප්‍රජා විශෝදන කොමසාරිස් ජනරාල් ලලිත් අන්ද්‍රහන්නදී පුනුරුත්තාපන සහ බන්දනාගාර අමාත්‍යංශයේ අතිරේක ලේකම් (පාලන) පි කේ එස් රවින්ද්‍ර යන මහත්වරුන්ගෙන් යුත් කමිටුවක් ඊයේ පත්කළ බව එම අමාත්‍යංශයේ ලේකම් ඒ දිසානායක මහතා පැවසිය.

පුනුරුත්තාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය චන්ද්‍රසිරි ගජදීර මහතා පැවසුවේ මේ පිටුපස නිළධාරීන් පිරිසක් සිටින බවය. මෙය බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් කොඩිප්පිලි මහතා විසින්ද තහවරු කරනු ලැබිණි.

” කෑම ප්‍රශ්නය ගැන බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් සමග කතා කිරීමට අවසර ඉල්ලු අවස්ථාවේ ජේලර් මහත්තරු අපව තල්ලු කරලා ගේට්ටුව වැහුවා. අපි තල්ලු කරලා ගේට්ටුව ගලවපු ගමන් ඔවුන් හැරුණු හැරුණු පැත්තට වෙඩි තියන්න පටන් ගත්තායි” මැගසින් බන්ධනාගාරයේදී වෙඩි තැබීමකට ලක්වී තුවාල ලබා කොලබ ජාතික රෝහලට ඇතුලත් කර සිටින රිමාන්ඩ් සැකකරුවෙක් ලංකාදීපයට ඊයේ (24) පැවසිය.

තව තුවලකරුවෙක් මෙසේ පැවසිය ….”මේ ඇවිත් ඉන්න එස් පි මහත්තයා (බන්ධනාගාර අදිකාරී) ආවට පස්සේ තමයි අපට මේ ඔක්කොම කරදර ඔහු ඇවිත් තවම සුමනයක්වත් නැහැ. මේ වනතුරු අපි බන්ධනාගාරයෙන් කෑම කන්නේ නැහැ. සියයට 90 කම ඉන්නේ එළියෙන් කෑම කන අයයි. අපි කෑම ගෙන්න ගන්නේ තුන් වේලටම සැහෙන්නයි. මේ අලුත් එස් පි මහත්තයා මොකද කලේ එයා එ්ක එක වේලකට දෙන්න ගත්තා. එහෙම කලාම අපි අනෙක් වෙල් කන්නේ කොහොමද? ඒ ගැන කතා කරන්න තමයි අපි ඉස්සරහටම ආවේ. එහෙම ගියාම බන්දනාගාර නිලදාරී මහත්වරු අපට වෙඩි තිබ්බා.”

මේ හිරගෙදර කැරැල්ල නිසා සිදුවූ හානිය කෝටියක් ලෙස ගණන් බලා ඇත. මෙවන් තත්වයක් ෙෙමයිති්‍රි පාලනයේදීත් ඇති විය හැක. මක්නිසාද ආයතන ඒවායේ වියුහය සහ නිළධාරීන් වෙනස්ව නැති බැවිනි.

හර්ෂි සි. පෙරේරා

Advertisements

2 thoughts on “සැබෑ බන්ධනාගාර;- ලංකාවේ හොදම බන්ධනාගාර පුස්තකාලය අළු වේ.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )