human-rights-commission-of-sri-lanka

මේ අංක 1803/01 දරන නඩුවේ සාරංංසයයි. එය කොළබ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේදී විබාග විය. පැමිණිලිකරු කොළබ 01, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන අංශ 111හි ස්ථානදිපතිවරයාය. විත්තිකරුවන් 06 කි. ඔවුන් නම් වශයෙන් තුවාන් අජිස් තුවාන් ජමල්ඩින් ,විස්තා බදුගේ දයාරත්න, අබේසිංහ ආරච්චිගේ ලසිත ප්‍රසාද්, අමරසිංහ ආරච්චිගේ සිරිවර්දන, කනපති රෙගනාදන් සහ වෙල්ලසාමි සුරෙන්ද්‍රන්ය.

මොවුන්ට එරෙහි චෝදනාව වුයේ මානව හිමිකම් කොමිෂන් සබාවට අයත්වූ ලිපිගොනුවලට ගිනි තබා අනර්ථය කිරීමට තැත් කිරීම වේ.

මෙම ගිනි තැබීම සිද්ද වුයේ 2005 ඔක්තෝබර් මස 11 වැනි දාය. මුලික සාක්ෂි වලට අනුව මානව හිමිකම් කොමිෂන් සබාව තියෙන ස්ථානය අනුව එයට පහසුවෙන් පුද්ගලයෙකුට ඇතුල් විය නොහැකියි. ඒ අසල යුද හමුදා කාන්තා බලකායද පිහිටා ඇත. මෙම කාල සිමාවේ මානව හිමිකම් කොමිෂම සම්බන්දයෙන් අහ්‍යයන්තර විගණනයක් සිදුවන බවත් එහිදී එම අසම්පුර්ණ ලෙස දාවන සටහන් පවත්වාගෙන යාම නිසා යම් අක්‍රමිකතාවක් වංචාවක් සිදු කිරීමේ හැකියාවක් පවතින බව නිරීක්ෂණය විය.

සාක්ෂි වලට අනුව මෙට්ටයක් දමා මදුරු කොයිල් එකක් තබා දහනය කිරීමට ගිනිකුරු තබා තිබෙනවා. 01 වන මහලේ සිට ඉහල මාලය දක්වා තරප්පු පෙළ දිගේ පත්තර යොදා තිබුනා. මෙට්ටයෙන් ලාම්පු තෙල් ගද යන්තමින් වහනය වුනා.

මෙම විත්තිකරුවන් අතර මානව හිමිකම් කොමිෂන් සබාවේ සේවකයන් 04 දෙනෙක් සහ තව පිටස්තර දෙදෙනෙක් සිටි. මෙම නඩුවේ මුලික විමර්ශන සිද්ද කලේ කුරුදුවත්ත පොලිසිය වන අතර පසුව එය 10/13 දින අපරාද පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර දි තිබේ.

මෙම සිද්දිය වූ දින මෙම ස්ථානය හමුදා සෝදිසි කිරිමකටද පාත්‍ර වී ඇත. එවිට (රාත්‍රියේ) ඒ ස්ථානයේ එහි වැඩ කරන අය බව පැවසූ 06 දෙනෙක් සිට තිබේ. ඔවුන් සිට ඇත්තේ ගොඩනැගිල්ලට ඇතුළු වන ස්ථානයේය. ගොඩනැගිල්ල වසා තිබුණි. ඔවුන් ප්‍රකාශ කර ඇත්තේ ගමනක් ගොස් රැ වූ බැවින් ගෙදර යාමට නොහැකි බවය. දෙවනුව සිදුවූ හමුදා සහ පොලිස් සෝදිසියේදී ඔවුන් මත්පැන් බොමින් සින්දු කියමින් සිට ඇත. මානව හිමිකම් කොමිසමේ ආරක්ෂක නිලදාරියෙක්ද එම ස්ථානයේ සිට ඇත.

මෙම නඩුවේ තීන්දුව ලීවේ ප්‍රදාන මහේස්ත්‍රාත් රශ්මි සන්ගප්පුලි මහතා වන අතර ඒ 2012.06.19 වැනිදාය. චුදිතයින් නිදොස් කොට නිදහස් විය.

“මෙම චෝදනා වලට අදාලව ඉදිරිපත් වන කරුණු සැකයකින් තොරව ඔප්පු කිරීම සදහා චුදිතයින් මුල් අවස්ථාවේදීම අත්අඩංගුවට ගෙන තිබීම චුදිතයින් ඔවුන්ගේ නිල රාජකාරි කාලයෙන් පිට ස්ථානයක රැදී සිටීම සම්බන්දයෙන් යම් කරුණු පැහැදිලි කිරීමක් අපේක්ෂා කල හැකිව තිබුණි. නමුත් චුදිතයින් මෙම ස්ථානයේ රාජකාරි කාලයෙන් බැහැරව රැදී සිටි බව ඔප්පු කිරීමට පැමිණිල්ල කිසිසේත් සමත්ව නැත. චුදිතයින් එම අවස්ථාවේදී අත්අඩංගුවට නොගැනීමත් නඩු භාන්ඩ ලැයිස්තුවේ අත්‍යවශ්‍ය භාන්ඩ ලකුණු කර නොතිබීමත් පැමිණිල්ලේ ඇති මන්ද උත්සාහි බාවය හුවා දැක්වීමකි. ඉදිරිපත්ව ඇති සාක්ෂි චුදිතයින් වරදකරුවන් කිරීමට කිසිසේත් සමත්ව නොමැති බවට නිගමනය කරමින්……..”

හර්ෂි සි. පෙරේරා

Advertisements