ජනතා අධිකරණය (44);- එප්පාවල නඩුව.

eppawala

මේ බුලන්කුලම සහ තවත් අය එරෙහිව කාර්මික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් සහ තවත් අය නඩුවේ තීන්දුවේ සාරංශයයි. මෙය එප්පාවල නඩුව ලෙසද හැදින්වේ. මුලික අයිතිවාසිකම් නඩුවකි. අංකය 884/99 වේ. පෙත්සම්කරුවන් වෙනුවෙන් නීතිඥ ආර් කේ ඩබ්ලිවු ගුණසේකර, නීතිඥ රුවනා රාජපක්ෂ සහ නීතිඥ අනුෂ ධර්මසිරිද වගඋත්තරකරුවන් වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් කේ ශ්‍රීපවන් සමග රජයේ ජෙෂ්ට නීතිඥ බි ජේ තිලකරත්න රජයේ නීතිඥ අනුෂ නවරත්න නීතිඥ චුලානි පණ්ඩිතරත්න ජනාදිපති නීතිඥ රොමේෂ් ද සිල්වා නීතිඥ හර්ෂ අමරසේකර සමග නීතිඥ සරත් කල්දේරා පෙනී සිටින ලදී.

අමරසිංහ විනිසුරු, වඩුගොඩපිටිය විනිසුරු සහ ගුණසේකර විනිසුරු යන ත්‍රිපුද්ගල ශේෂ්ට්‍රදිකරන විනිසුරු මඩුල්ලක් හමුවේ නඩුව විබාග විය. පෙත්සම්කරුවන් කියා සිටියේ 1978 ආණ්ඩු ක්‍රම විවස්ථාවෙන් තමන්ට සහතික කර දුන් 12(1), 14(1) (g) සහ 14 (1)(h) යන වගන්ති වල සදහන් මුලික අයිතිවාසිකම් කඩ වී ඇති බවය.

මෙහිදී පෙත්සම්කරුවන් සමස්ත ශ්‍රී ලාංකීය ජනතාවගේ අයිතීන් බෙදා හදා ගන්නා බව තීරණය කෙරිණි. තවද ශ්‍රී ලංකාවේ සුවාභාවික සම්පත් වල භාරකරු ආණ්ඩුවයි. එසේ නැතිව අධීකරණය නොවේ. ප්‍රශ්නගත කරුණ වුයේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ එප්පාවල පිහිටි පොස්පේට් නිදිය කැනීම සම්බන්දයෙන් ආණ්ඩුව සහ ඇමෙරිකාවේ ෆ්රිපොර්ට් මක් මොරන් කොම්පැනිය සමග ඇති කර ගත් ගිවිසුමයි. මෙම සුවාභාවික සම්පත නැවත වර්ධනය වන්නක්ද නොවේ.

අමරසිංහ විනිසුරු ප්‍රකාශ කලේ ධරණිය සංවර්ධනයේ දි එහි කේන්ද්‍රය මනුෂ්‍යයින් වන බවයි. ඔවුන්ට සුවභාවධර්මය සමග සෟබ්‍යය සම්පන්න පලදායි ජිවිතයක් ගත කිරීමේ අයිතිය තිබේ. සංවර්ධනයේදී පරිසර ආරක්ෂණය එහි කොටසක් වන අතර එය එයින් හුදකලා කොට සැලකිය නොහැක. ඒ අනුව මෙම ගිවිසුම පිලිබදව සලකා බැලිය යුත්තේ ඉහත තත්වය අනුව වේ.

විනිසුරු සි ජි විරමන්ත්රි උප සබාපති වූ යුක්තිය පිළිබද ජාත්‍යන්තර අධීකරණයේදී විබාග වූ Gabcikovo-Nagimaros (Hungary/Slovakia) වියාපෟරුතියට අදාල නඩුවේදී ශ්‍රී ලංකාවේ අතීත වාරි සංස්කෘතිය සහ දේවානම් පියතිස්ස රජු දවස පිලිබදව ඔහු දැක්වූ අදහස් මෙහිදී උපුටා දැක්විණි. එනම් භමිය අයත්වන්නේ ජනතාවටය. රජු එහි භාරකරුවෙකි. අයිතිකරුවෙක් නොවේ. මේ බව ඉන්දියාවේ අශෝක අධීරාජ්්‍යයාගේ පුත්‍ර මහින්ද හිමි විසින් දේවානම් පියතිස්ස රජුට පැහැදිලි කර දෙන ලදී.

මෙම කැනීම් කටයුතු නිසා බලපෑමට ලක්වන බුමි ප්‍රමාණය වර්ග කිලෝමීටර 800 ක් පමණ වේ. නිවාස සහ ඉඩම් අහිමි වන පවුල් ප්‍රමාණය 2600ක් පමණ වන අතර පුද්ගලයින් ලෙස ගතහොත් 12000ක් පමණ වෙති. මේ අනුව මෙම නඩුවේ පෙත්සම්කරුවන් 07 දෙනා සමස්ත ශ්‍රී ලාංකීය පුරවැසියන්වම නියෝජනය කරති.

මෙහිදී පෙත්සම්කරුවන්ගේ මුලික අයිතීන් කඩවූ බව තීරණය කෙරිණි. තවද ඕනෑම වියාපෘතියක් අරඹන්න පෙර මධ්‍යයම පරිසර අදිකාරියේ අනුමැතිය ලබා ගත යුතුය. රජය සැම පෙත්සම්කරුවකුටම ගාස්තු වශයෙන් රු 25000ක් ගෙවිය යුතු අතර පස්වන වගඋත්තරකරු සැම පෙත්සම්කරුවකුටම ගාස්තු ලෙස රු 12500ක්ද හත්වන වගඋත්තරකරු සැම පෙත්සම්කරුවකුටම ගාස්තු ලෙස රු 12500ක්ද ගෙවිය යුතු බවට නියම කෙරිණි.

මෙම නඩුවේ තීන්දුව ලීවේ අමරසිංහ විනිසුරුය. එයට වඩූගොඩපිටිය විනිසුරුගේ සහ ගුණසේකර විනිසුරුගේ එකගතාවය හිමි වුනි.

සම්පුර්ණ නඩු තීන්දුව කියවීමට පහත සබැදියාව වෙත යොමු වන්න.

http://www.lawnet.lk/docs/case_law/slr/HTML/2000SLR3V243.htm

One thought on “ජනතා අධිකරණය (44);- එප්පාවල නඩුව.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )