police-brutality-

මේ ශේෂ්ට්‍රදිකරණයේ විබාග වූ අංක 433/93 දරන මුලික අයිතිවාසිකම් නඩුවේ තීන්දුවේ සාරංශයයි. පෙත්සම්කරු නීතිඥ රත්නපාල පලවත්තගේ වන අතර ඔහු වාද්දුව පොලිස් ස්ථානයේ රදවා සිටි ඩබ්ලිවු කේ පියසේන වෙනුවෙන් පෙනී සිටින ලදී. වගඋත්තරකරුවන් වුයේ වාද්දුව සහ කුරුණෑගල පොලිස් ස්ථාන වල ස්ථානදිපතිවරු සහ නිතිපතිවරයාය.

මෙම නඩුව අගවිනිසුරු ජි පි එස් ද සිල්වා, කුලතුංග සහ රාමනාතන් යන ත්‍රිපුද්ගල ශේෂ්ට්‍රදිකරන විනිසුරු මඩුල්ලක් හමුවේ විබාග විය. පෙත්සම්කරු වෙනුවෙන් නීතිඥ ඒ ඒ ද සිල්වා නීතිඥ නිමල් පුංචිහේවා සහ නීතිඥ චන්ද්‍ර ජයලත් මෙනවිය පෙනී සිටින ලදී. වගඋත්තරකරුවන් වෙනුවෙන් නීතිඥ ප්‍රසාද් පලිහවඩන සහ රජයේ නීතිඥ ඒ වික්‍රමරත්න පෙනී සිටියහ. තීන්දුව ලබා දුන්නේ 1994.08.31 වැනිදාය.

පෙත්සම්කරු කියා සිටියේ වාද්දුව සහ කුරුණෑගල පොලිස් ස්ථාන වල නිලධාරීන් විසින් තමන්ගේ 11, 13(1) සහ 13(2) යන වගන්තින් වල සදහන් මුලික අයිතිවාසිකම් උල්ලංගණය කල බවය. පළමු වගයුත්තරකරු පියසේනව හදුන්වා දෙනු ලැබුවේ කුප්‍රකට අපරාධකරුවකු ලෙසයි. ඔහුව වැලිකඩ බන්දනාගාරයේ රදවා ගෙන සිටියේ ගෙවල් බිදීම සහ සොර බඩු ලග තබා ගැනීම සම්බන්දයෙනි. මෙහිදී අපරාධකරුවකුට හෝ වරදකරුවකුට වුවද විවස්තපිතව සහතික කල දේ හිමිවන බව තීරණය කෙරිණි.

පියසේන සොරකම් කිරීම පිළිබද නඩුවකට කුරුණෑගල මහේස්ත්‍රාත් අදිකරණයෙන් ඇප ලැබ පිටව යාමේදී කුරුණෑගල පොලිසිය විසින් ඔහුව අත්අඩංගුවට ගනු ලැබිණි. කුරුණෑගල පොලිසියෙන් ඔහුව වාද්දුව පොලිස් ස්ථානය වෙත මාරු කර යවනු ලැබිණි. ඥාතීන් ඔහුව බැලීමට ගිය විට මාංචු දමා තිබිණි. ඔහු ඔවුන්ට ප්‍රකාශ කලේ තමාට පොලිස් නිලධාරීන් පහර දුන් බවය. ඔහුව වතුරෙන් නාවා තිබු අතර කකුල් වල යටි පතුල් කපා තිබිණි. දණහිස් දෙකම තඩිස්සි වී තිබීමද දක්නට හැකි විය. ඔහුගෙන් පාපොච්චාරණයකට බලයෙන් අත්සන් ගෙනද තිබිණි. වාද්දුව පොලිසියේ නිලධාරියෙකු ඥාතීන්ට ප්‍රකාශ කලේ දැන් පියසේනගේ මළසිරුර ඉවත් කර ගන්නා ලෙසත් ඇඩිමෙන් පලක් නොවන බවත්ය.

මේ සියලු වධහිංසා පැමිණවීම් පිලිබදව පියසේනගේ ඥාතීන් වන සුනේත්‍රා සහ ප්‍රේමවතී විසින් අධිකරණයට දිවුරුම් ප්‍රකාශ ඉදිරිපත් කරන ලදී. අධිකරණය පියසෙනව අධිකරණ වෛද්‍ය නිළධාරියකු විසින් පරික්ෂා කලයුතු බවට නියෝග කෙරිණි. එය සිදු විය. අධිකරණ නිලදාරී වෛද්‍ය වාර්තාවට අනුව ඔහුට පහරදී තිබු අතර ඔහුගේ කන් දෙක පවා බ්ලේඩ් තල වලින් කපා තිබිණි.

නීතිවිරෝදී රදවා ගැනීම තුල වධහිංසා පමිනවිමෙහිලා උනන්දුවක් ඇති කරන බවත් අපරාධකරුවන් අල්ලා ගැනීමෙහිලා පොලිසිය නීතිවිරෝදී ලෙස කටයුතු කිරීම උනන්දු කිරීම අධිකරණයට කල නොහැක්කක් බවද ප්‍රකාශ කෙරිණි.

විධායක හෝ පරිපාලන ක්‍රියාවක් නිසා පෙත්සම්කරුගේ මුලික අයිතීන් කඩ වූ බව අධිකරණයේ මතය විය. රජය වන්දි ලෙස රුපියල් 7000 ක්ද ගාස්තු ලෙස රු 750 ක්ද පළමු වගඋත්තරකරු වන්දි ලෙස රු 9000 ක්ද සහ දෙවන වගඋත්තරකරු වන්දි ලෙස රු 5000 ක්ද ගෙවිය යුතු බව තීරණය කෙරිණි. අධිකරණ රෙජිස්ටර්වරයාට මෙම නඩු තීන්දුවේ පිටපතක් පොලිස්පතිට යැවීමටද නියෝග ලැබිණි. නඩු තීන්දුව ලීවේ කුලතුංග විනිසුරු වන අතර එයට අගවිනිසුරු ජි පි එස් ද සිල්වාගේ සහ රාමනාතන් විනිසුරුගේ එකගතාවය හිමි විය.

සම්පුර්ණ නඩු තීන්දුව කියවීමට පහත සබැදියාව වෙත යොමු වන්න.

http://www.janasansadaya.org/page.php?id=182&lang=en

Advertisements