සැබෑ බන්ධනාගාර ;- 2012 වවුනියාව බන්ධනාගාරයේ කැරැල්ල.

vavuniya-prison_75

දිනය 2012 ජුනි 28 වැනිදාය. ලංකාදීප පුවත්පතේ මුල් පිටුවේ පල වුයේ කොටි සැකකරුවෝ නිලදාරීන් තිදෙනෙකු ප්‍රාණ ඇපයට ගනිති යනුවෙනි. තවද පොලිසිය සහ හමුදාව බන්ධනාගාරය වට කරයි යනුවෙනි.

මෙසේ ප්‍රාණ ඇපයට නිලදධාරීන් ගනු ලැබුවේ එල් ටි ටි ඊ සැකකරුවන් විසිනි. ඒ ත්‍රස්ත විමර්ශන අංශය විසින් බුස්ස කදවුරට රැගෙන යනු ලැබූ එල් ටි ටි ඊ සැකකරුවන් තිදෙනා නැවත ගෙනෙන ලෙස ඉල්ලා සිටිමිනි. මෙම එල් ටි ටි ඊ සැකකරුවන් තිදෙනා අතර සරවන බවන් ඇතුළු ප්‍රදාන පෙලේ එල් ටි ටි ඊ නායකයින් තිදෙනෙකු විය. සෙසු එල් ටි ටි ඊ සැකකරුවෝ 27 වැනිදා සිට උපවාසය ආරම්බ කළහ. ඔවුන් 27 වැනිදා සිර කුටි කඩා එල් ටි ටි ඊ සැකකරුවන් සියලු දෙනා ඉවතට ගෙන තිබේ. තවද ඔවුන් බන්දනාගාර නිලදාරින්ට රාජකාරි කටයුතු කිරීමට ඉඩ නොදෙමින් යකඩ උල් සහ පොලු රැගෙන ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරී තිබේ. විදුලිය විසන්දි කරන ලදී. ප්‍රාණ ඇපකරුවන් බන්ධනාගාරය තුල රදවා ගත්හ.

පොලිසිය, යුද හමුදාව සහ විශේෂ කාර්ය බලකාය කැදවනු ලැබිණි. පැය 18 කට පසුව ප්‍රාණ ඇපකරුවන් මුදා ගැනිණි. එනම් ඔවුන්ව 29 වැනිදා දහවල් නිරුපද්‍රිතව මුදා ගෙන තිබේ. ඒ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් කණ්ඩායමක් සහ කොලබින් පිටත්ව ගිය බන්ධනාගාර නිලධාරී කණ්ඩායමක් විසිනි.

28 වැනිදා රාත්‍රී 11 ට පමණ වවුනියාව අධිකරණයේ ජෙෂ්ඪ නීතිඥවරයෙක් ඉනිමගක් තබා බන්ධනාගාරයට ඇතුළු විය. එල් ටි ටි ඊ සැකකරුවන් සමග සාකච්චා කලද එය අසාර්ථක වී තිබේ. ඔවුන් මාරාන්තික උපවාසයක නිරත වී තිබේ. මුළු බන්දනාගාරයේ සිටි එල් ටි ටි ඊ සැකකරුවන් ගණන 32 කි. උතුරු පළාත් බාර ජෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ගාමිණී සිල්වා මහතා සහ බන්ධනාගාර කොමසාරිස්වරු පැවැත්වූ සකච්චාද අසාර්ථක වී තිබේ.

29 වැනිදා දහවල් 11.40 ට පමණ පොලිස් විශේෂ කාර්ය බලකා කණ්ඩායම් කිහිපයක් බන්ධනාගාරයේ තාප්ප වලට උඩින් ඉනිමන් තබා කිහිප පොලකින්ම බන්ධනාගාරයට බැස ඇත. එල් ටි ටි ඊ සැකකරුවන් සිටි කුටි වලට කදුළු ගැස් ගැසිය. පසුව දොර අගුලු කඩා සිරකරගෙන සිටි නිලධාරීන් තිදෙනා නිරුපද්‍රිතව බේරා ගත්හ. ඔවුන්ව අනුරාධපුර රෝහල වෙත රැගෙන යන ලදී. එල් ටි ටි ඊ සැකකරුවන් 30 දෙනා සහ සාමාන්‍ය රැදවියන් 200 ක් අනුරාධපුර බන්ධනාගාරයට රැගෙන යන ලදී. පසුව සිද්දියට සම්බන්දවූ ගනේෂන් නිබලරුබන් යන එල් ටි ටි ඊ සැකකරු රෝහල් ගත කිරීමෙන් අනතුරව මියගොස් ඇත. ඔහුට බන්ධනාගාර නිලධාරීන් ඉතා දරුණු ලෙස පහරදී තිබු බව වාර්තා විය.

මෙම මෙහෙයුමේදී එල් ටි ටි ඊ සැකකරුවන් තිදෙනෙකුට තුවාල සිදුවිය. ඔවුන්ව වවුනියාව රෝහලට ඇතුලත් කරනු ලැබිණි. බන්දනාගාර ආරංචි මාර්ග අනුව යතා තත්වයට පත්වූ පසු සියලු රැදවියන් වවුනියාව බන්දනාගාරයට ගෙනෙන බව වාර්තා විය.

මෙම සිද්දියෙන් අනතුරව එය පරික්ෂා කිරීමට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ කණ්ඩායමක් එහි ගොස් ඇත. ඔවුන් වාර්තාවක්ද නිකුත් කරනු ලැබිණි. ඔවුන්ට අනුව සිද්දිය මැඩපැවැත්වීම වූකලී අවම බලය යෙදීමක් වේ.

බන්ධනාගාර කැරලි වලට ජාති ආගම් කුල බෙද නැත. නමුත් එක් බේදයකි. එනම් දුප්පත්කම සහ පොහොසත්කමයි. බැනුම් අසන්නේ ගුටි කන්නේ මැරුම් කන්නේ සමාජයේ කොන්වූ පිඩාවට පත්වූ කොටස්ය.

One thought on “සැබෑ බන්ධනාගාර ;- 2012 වවුනියාව බන්ධනාගාරයේ කැරැල්ල.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )