images

මේ අංක 330/2002 දරන මුලික අයිතිවාසිකම් නඩුවේ තීන්දුවේ සරන්ශයයි. පෙත්සම්කරු වුයේ කදානේ පදිංචි ලන්කචරිගේ දනපාල ප්‍රනාන්දුය. වගයුත්තරකරුවන් වුයේ එවකට කදාන පොලිසියේ ස්ථානදිපති උප පොලිස් පරීක්ෂක පොලිස්පති සහ නිතිපතිවරයාය. ප්‍රනාන්දු විනිසුරු, ඉස්මයිල් විනිසුරු සහ විග්නේශ්වරන් විනිසුරු යන ත්‍රිපුද්ගල ශේෂ්ට්‍රදිකරන විනිසුරු මඩුල්ලක් හමුවේ නඩුව විබාග විය.

පෙත්සම්කරු වෙනුවෙන් ජනාදිපති නීතිඥ ඩි ප්‍රේමරත්න සමග නීතිඥ හේමන්ත සිටුගෙද 1 සිට 04 වන වගයුත්තරකරුවන් වෙනුවෙන් රජයේ නීතිඥ රජිවූ ගුණතිලකද පෙනී සිටින ලදී. 2003 මාර්තු 27 තීන්දුව ලබා දෙන ලදී. නඩු තීන්දුව ලීවේ ප්‍රනාන්දු විනිසුරුය. එයට අනෙක් විනිසුරු දෙපලගේ එකගතාවය හිමි විය.

පෙත්සම්කරු සහ ඔහුගේ සහෝදරිය ජයසිරි රෙස්ටෝරන්ට් සහ ඉන් පවත්වා ගෙන යනු ලැබිණි. එහි මගුල් උත්සව සහ අමුත්තන්ට කාමර කුලියට දීමද සිදුකෙරිණි. පෙත්සම්කරු කියා සිටින්නේ කදාන පොලිසියේ වගයුත්තරකාර පොලිස් නිලදාරීන් තමනට 1978 ආණ්ඩු ක්‍රම විවස්ථාවෙන් සහතික කර දුන් 12(1) සහ 14(1)(g) යන වගන්තින් වලින් දැක්වෙන මුලික අයිතීන් උල්ලංගනය කල බවයි.

2002.06.03 කදාන පොලිසියේ නිලදාරීන් මෙම වියාපාරික ස්ථානයේ නීතිවිරෝදී සෝදිසි කිරීම් 03 ක් සිදුකල අතර මේ නිසා අදාල වියාපාරික ස්ථානයේ වැඩ කටයුතු අත්හිටුවිමටද සිදුවිය. පොලිසිය එහි ලැගුම් ගෙන සිටි යුවලවල් 03 ක්ද කලමනකරුවද අත්අඩංගුවට ගැනිණි. ඔවුන්ව පොලිසියට රැගෙන ගොස් පැය කිහිපයකට පමණ පසුව නිදහස් කෙරිණි.

පොලිසිය මෙවැන්නක් කලේ අදාල ස්ථානයේ පාතාල කණ්ඩායම් සංවිදානය වන බවට වූ සැකයක් මතය. තවද පිට ප්‍රදේශ වලින් පැමිණෙන අපරදකරුවන් මෙවැනි ලැගුම්හල් වල නතරවී අපරාද සිදුකර පලා යන බවටද තොරතුරු තිබිණි.

පොලිසිය සෝදිසි කිරීම් 03 කලේ කළමනාකරුගේ කැමැත්ත මත බවට කල ප්‍රකාශය මෙහිදී ඔප්පු වුයේ නැත. පෙත්සම්කරු කියා සිටින්නේ පොලිසියේ හිරිහැර සහ තර්ජනය කිරීම් නිසා තම වියාපාර කටයුතු ඉදිරියට කරගෙන යා නොහැකි බවය. ඔහු මේ පිලිබදව 2002.06.18 දින පොලිස් මුලස්ථානයේ පැමිණිල්ලක්ද කර තිබිණි.

පෙත්සම්කරු නඩුව ජයග්‍රහණය කළේය. දින කිහපයක් ඔහුගේ වියපාර ස්ථානය වැසීමට සිදුවීම නිසා 14(1)(g) හි සදහන් මුලික අයිතිවාසිකම් කඩවූ බව තීරණය කෙරිණි. පෙත්සම්කරු අදාල ස්ථානය රුපියල් 2,50,000 කට උගසට ගෙන තිබු අතර මාසික කුලිය රුපියල් 8000ක් ගෙවිය යුතු විය. ඔහු සේවකයින් 08 දෙනෙකු නඩත්තු කල යුතු අතර කාමරයක් දවසකට කුලියට දුන්නේ රුපියල් 350 කටය. ඔහුට මෙම සිද්දිය නිසා සිදුවූ පාඩුව රුපියල් 50,000කි.

පෙත්සම්කරුගේ 12(1) සහ 14(1) (g) වගන්ති වලින් සහතික කර ඇති මුලික අයිතීන් කඩවූ බවද රජය රුපියල් ලක්ෂයක්ද පළමු හා දෙවන වගයුත්තරකරුවන් රුපියල් 30,000 ක් සමාන කොටස් වශයෙන් පෙත්සම්කරුට ගෙවිය යුතු බවත් තීරණය කෙරිණි.

සම්පුර්න නඩු තීන්දුව කියවීමට පහත සබැදියාව වෙත යොමු වන්න.

http://www.janasansadaya.org/page.php?id=215&lang=en

Advertisements