????

මේ ශේෂ්ට්‍රදිකරණයේ විබාග වූ මුලික අයිතිවාසිකම් නඩුවේ තීන්දුවේ සරන්ශයයි. 107 සිට 109 / 1986 යන පෙත්සම් 03 ම එකට සලකා බැලිනි. මෙම නඩුව අගවිනිසුරු ශර්වානන්ද, වනසුන්දර විනිසුරු, අතුකෝරාල විනිසුරු, එල් එච් ද අල්විස් විනිසුරු සහ සෙනෙවිරත්න විනිසුරු යන පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ විබාග විය.

පෙත්සම්කරුවන් වෙනුවෙන් නීතිඥ ඩි එල් අබේකෝන්, ආර් බාලේන්ද්‍ර, සි වී විවේකානන්ද, එන් එන් පෙරේරා, කේ පකියලිංගම්, කේ රන්ජනී රජනතන් සහ එන් එන් පෙරේරා ද නීතිපති වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් උපවංශ යාපා රජයේ ජෙෂ්ට නීතිඥ සි ආර් ද සිල්වා සහ එන් නිකපිටියද පෙනී සිටින ලදී.

මුලික අයිතිවාසිකම් විශේෂයෙන් 1978 ආණ්ඩු ක්‍රම විවස්ථාවේ 12(2), 13(1) සහ 14(1) වගන්තින් වලින් දැක්වෙන අත්අඩංගුවට ගැනීම සහ රදවා ගැනීම, බාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස සහ හදිසි නීති රෙගුලාසි සැකසීමට ජනදිපතිට ඇති බලයත් හදිසි නීති රේගුලසිත් සාකච්චා විය.

අංක 107/86 දරන පෙත්සමේ පෙත්සම්කරු වුයේ ජෝශප් පෙරේරා එරෙහි බ්රුටන් පෙරේරා වන අතර ඔහු විප්ලවීය කොමියුනිස්ට් ලීගයේ සාමාජිකයෙකු මෙන්ම හලාවත තරුණ සමාජවාදියා හි සන්විදායකද විය. අංක 108/86 හි පෙත්සම්කරු ලෝරන්ස් පෙරේරා හෙවත් රුමන් පෙරේරා වන අතර ඔහු ජෝශප් පෙරේරාගේ සොහොයුරෙකුද වේ. අංක 109/86 දරන ඉල්ලුම් පත්‍රයේ පෙත්සම්කරු ලයනල් ඩයස් විජේගුනසින්හය. ඔහු කොලබ විශ්ව විද්‍යාලයේ ඉතිහාසය පිළිබද කතිකචර්යවරයකුද විය.

කොමියුනිස්ට් ලීගය 1986 ජුනි 26 දින සවස 3.30 ට හලාවත ලක්ෂ්මි ශාලාවේ දේශනයක් සංවිදානය කර තිබිණි. එහි දේශකයා වුයේ අංක 109/86 දරන ඉල්ලුම් පත්‍රයේ පෙත්සම්කරුය. (ලයනල් ඩයස් විජේගුනසින්හ) එහි තේමාව වුයේ ජනප්‍රිය පෙරමුණ සහ නිදහස් අද්‍යාපනය යන්නය. රැස්වීමට දින දෙකකට පෙර පත්රිකවක්ද බෙදා හරින ලදී. එමගින් එවකට බලයේ සිටි එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව විවේචනය කෙරිණි. එය නිකුත් කර තිබුනේ විප්ලවීය කොමුයුනිස්ට් ලීගයේ තරුණ සමාජවාදීන් සහ කම්කරු මාවත යනුවෙනි.

1986 ජුනි 26 ලක්ෂ්මි ශාලාවේ රැස්වීම පටන් ගැනීමට මද වෙලාවකට පෙර එහි පැමිණි පොලිසිය රැස්ව සිටි පිරිස විසිරුවා හැර පෙත්සම්කරුවන් තිදෙනාව අත්අඩංගුවට ගනු ලැබිණි. පොලිසියට පැමිණිලි දෙකක් හලාවත පාසල් දෙකක විදුහල්පතිවරයකුගෙන් සහ උප විදුහල්පතිවරයකුගෙන් ලැබී තිබිණි. ඒ විප්ලවවාදීන් කිහිපදෙනෙකු රැස්වීමක් පවත්වා ප්‍රදේශයේ ශිෂ්‍යයින් අතර නොසන්සුන් බවක් ඇති කිරීමට උත්සහ කරන බවටය. පෙත්සම්කරුවන් තිදෙනාව 1986 ජුලි 15 දක්වා හලාවත පොලිස් ස්ථානයේ රදවා ගෙන ඉන්පසුව 1986 ජුලි 29 දක්වා මහේස්ත්‍රාත්වරයා විසින් රක්ෂිත බන්දනාගාර ගත කරන ලදී.

මෙහිදී ශර්වානන්ද අගවිනිසුරු සහ අතුකෝරාල විනිසුරු විසම්මුතික තීන්දුවක් ලබා දෙන ලදී. අත්අඩංගුවට ගැනීම නිත්‍යානුකුල බව තීරණය විය. රදවා ගැනීම නීතිවිරෝදී විය. අදාල ලේකනයෙන් ආණ්ඩුව අපහසුතාවට පත්නොවන බවද තීරණය කෙරිණි. යුක්තිය ඉෂ්ට කිරීමෙහිලා රජය රුපියල් 10,000 ක වන්දියක් ගෙවිය යුතු විය.

මෙම නඩු තීන්දුව සම්පුර්ණයෙන් කියවීමට පහත සබදියාවන් වෙත යොමු වන්න.

http://www.janasansadaya.org/page.php?id=438&lang=en

http://www.lawnet.lk/docs/case_law/slr/HTML/1992SLR1V199.htm

Advertisements