KP ගැන ලියමුද? PK ගැන ලියමුද?

pk-0a

අපි ජීවත්වන්නේ ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේය. ඒ අපගේ සියලු චර්යා පාලනය කරනු ලබන රීතින් පද්දතියකට යටත්වය. එනම් නීතියට යටත්වය. එහිලා උත්තරීතර නිතිය වූ 1978 ආණ්ඩු ක්‍රම විවස්ථාව උත්තරීතර වේ. අපි සියල්ලෝ හිටපු ජනපති මහින්ද දැන් ජනපති මයිත්‍රී කේ පි ඇතුළු එයට යටත්ය.

1978 ආණ්ඩු ක්‍රම විවස්ථාවේ 3 වන පරිච්චේදයේ මුලික අයිතිවාසිකම් සහතික කර තිබේ. එහි 10 වන වගන්තිය මගින් සිතීමේ හර්ද සාක්ෂියේ සහ ආගමික නිදහස සහතික කර ඇත. ආගමික නිදහස යනු ඕනෑම ආගමක් ඇදහීමේ මෙන්ම අදහන්නේ නැතිව සිටීමේ අයිතියද වේ. මම බවුද්ද වුයේ ඒ බව කුඩා කල සිට දෙමාපියන් එසේ බව කියූ නිසාය. බොහෝ දෙනෙකුගේ තත්වයද එසේය. එය සමාජය තීරණය කරන අතර සුවාදිනව තෝරා ගැනීමක් සිදු නොවේ.

PK හින්දි චිත්‍රපටිය ඉතා අගනේය. එහි අමීර් ඛාන් ඉතා විශිෂ්ට රංගනයක නිරත වේ. සියලු ආගම් හාස්‍යට හා උපහාසයට ලක් වේ. එක් අවස්ථාවක PK ලෙස රංගනයේ යෙදෙන අමීර් ඛාන් කෝවිලට යන්නේ සෙරප්පු දෙක ගේට්ටුවට තබා ඉබි යතුරු දමමිනි.

හිටපු ජනපති මහින්ද සමයේ සැම පෝය දිනකම අරලිය ගහ මන්දිරයේ දර්ම දේශනාවක් පැවැත්විණි. නමුත් කොටි ත්‍රස්තයකු වූ KP ඇතුළු මිනීමරුවන් රැසක් සහ දුෂිතයින් සිටියේ ඔහුගේ තුරුලේය. චන්දය සමයේ මහින්දට කඩේ ගිය බොහෝ පන්සල් වල නායක හිමිවරුන්ගේ බුමිකාවද PK නරබන විට සිහිපත් වේ.

මයිත්රි පාලනයට තවම දින 12 කි. නව ජනපති නිරතුරුව සිය කතා බහේදී නහි වේරේන වේරානි තෙරුවන් සරණයි යොදා ගනු ලබයි. අපිට අවශ්‍ය වන්නේ වයිරයෙන් තොර මයිත්රි පාලනයක් නොව යහපාලනය සහතික කළා වූ මයිත්රි පාලනයකි. එහිදී KP ට දඩුවම් කල යුතුය.

4 thoughts on “KP ගැන ලියමුද? PK ගැන ලියමුද?

  1. කුරුටු ගෑ ගී පවුර පවසයි:

    කේ.පී නම් හිටපු කොටි නායකයා ගැන අපේ මතයද ඒයමයි…. අපිද ඒ ගැන ලීවෙමු….. අපි දැනටත් විවේචනය කරමු…. මෙය සාධාරණීකරනය කළ නොහැක.. ඔහු වහා අත්අඩංගුවට ගත යුතුය….

  2. Dickie Bird. පවසයි:

    වයිරයෙන් වයිරය නොසන් සිඳේ. හරියට කරන්ඩ වැඩක් බාර ගත්තා නම්, වයිරය පසෙකින් තබා නිසිලෙස වැඩේ ඉදිරියට කරගෙන යායුතුයි. නැතිනම්, වැඩේ කරන්න පුළුවන් කෙනෙකුට බාර කල යුතුයි.
    වැඩේ හරියට කිරීම අන් අයගේ කුණු කසල ඇදීම නොවෙයි. එම වැරැද්ද නිවැරදි කරගෙන ආදර්ශමත් ලෙස ඉදිරියට යෑම වෙයි.
    එසේ නැතිතැන රටක සමාජයත්, සන්කෘතියත්, සහ සමයටත් රුකුලක් වෙයි.

    ආගමික නිදහස යනු ආහාරයකට ලුණු එක්කිරීමක් වැනිය. ලුණු වැඩි වුනොත් හෝ අඩු වුනොත් එහි රසය විඳිය නොහැක.
    ආගම් අදහන අය තුල මෙවැනි සමතුලින බාවයක් ඇතිකරගත යුතුයි. එවිට අන් අයෙකුට හෝ සමාජයට හිරි හැරයක් නොවෙයි.

    මානව හිමිකම් වනුයේ ගෙවීම් කරනන්ට අවශ්‍ය කරන කුණු කසල පවිත්‍ර කිරීමයි. කිසිම මානව හිකම් කාරයෙක් පිනට නොකරයි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )