pk-0a

අපි ජීවත්වන්නේ ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේය. ඒ අපගේ සියලු චර්යා පාලනය කරනු ලබන රීතින් පද්දතියකට යටත්වය. එනම් නීතියට යටත්වය. එහිලා උත්තරීතර නිතිය වූ 1978 ආණ්ඩු ක්‍රම විවස්ථාව උත්තරීතර වේ. අපි සියල්ලෝ හිටපු ජනපති මහින්ද දැන් ජනපති මයිත්‍රී කේ පි ඇතුළු එයට යටත්ය.

1978 ආණ්ඩු ක්‍රම විවස්ථාවේ 3 වන පරිච්චේදයේ මුලික අයිතිවාසිකම් සහතික කර තිබේ. එහි 10 වන වගන්තිය මගින් සිතීමේ හර්ද සාක්ෂියේ සහ ආගමික නිදහස සහතික කර ඇත. ආගමික නිදහස යනු ඕනෑම ආගමක් ඇදහීමේ මෙන්ම අදහන්නේ නැතිව සිටීමේ අයිතියද වේ. මම බවුද්ද වුයේ ඒ බව කුඩා කල සිට දෙමාපියන් එසේ බව කියූ නිසාය. බොහෝ දෙනෙකුගේ තත්වයද එසේය. එය සමාජය තීරණය කරන අතර සුවාදිනව තෝරා ගැනීමක් සිදු නොවේ.

PK හින්දි චිත්‍රපටිය ඉතා අගනේය. එහි අමීර් ඛාන් ඉතා විශිෂ්ට රංගනයක නිරත වේ. සියලු ආගම් හාස්‍යට හා උපහාසයට ලක් වේ. එක් අවස්ථාවක PK ලෙස රංගනයේ යෙදෙන අමීර් ඛාන් කෝවිලට යන්නේ සෙරප්පු දෙක ගේට්ටුවට තබා ඉබි යතුරු දමමිනි.

හිටපු ජනපති මහින්ද සමයේ සැම පෝය දිනකම අරලිය ගහ මන්දිරයේ දර්ම දේශනාවක් පැවැත්විණි. නමුත් කොටි ත්‍රස්තයකු වූ KP ඇතුළු මිනීමරුවන් රැසක් සහ දුෂිතයින් සිටියේ ඔහුගේ තුරුලේය. චන්දය සමයේ මහින්දට කඩේ ගිය බොහෝ පන්සල් වල නායක හිමිවරුන්ගේ බුමිකාවද PK නරබන විට සිහිපත් වේ.

මයිත්රි පාලනයට තවම දින 12 කි. නව ජනපති නිරතුරුව සිය කතා බහේදී නහි වේරේන වේරානි තෙරුවන් සරණයි යොදා ගනු ලබයි. අපිට අවශ්‍ය වන්නේ වයිරයෙන් තොර මයිත්රි පාලනයක් නොව යහපාලනය සහතික කළා වූ මයිත්රි පාලනයකි. එහිදී KP ට දඩුවම් කල යුතුය.

Advertisements