ජනතා අදිකරණය (40) ;- ඇනසලින් ප්‍රනාන්දු (දයා පතිරණ ගාතනය ) නඩුව.

download

මේ ශේෂ්ට්‍රදිකරණයේ විබාග වූ අංක 18/87 දරන මුලික අයිතිවාසිකම් නඩුවේ තීන්දුවේ සරන්ශයයි. පෙත්සම්කරු වර්ණකුලසුරිය ඇනසලින් ප්‍රනාන්දුය. වගයුත්තරකරුවන් වුයේ හලාවත, බණ්ඩාරගම සහ කළුතර පොලිස් ස්ථාන වල ස්ථානදිපතිවරුන් එවකට පොලිස්පතිවූ සිරිල් හේරත් නීතිපති ශිවා පසුපති සහ හෙන්රි ඇලෙක්සැන්ඩර් පිරිස්ය.

එය විනිසුරු ප්‍රනාන්දු, විනිසුරු අමරසිංහ සහ විනිසුරු කුලතුංග යන ත්‍රිපුද්ගල ශේෂ්ට්‍රදිකරන විනිසුරු මඩුල්ලක් හමුවේ විබාග විය. පෙත්සම්කරු වෙනුවෙන් නීතිඥ අයන්ත නන්දලාල් සමග නීතිඥ සනත් ජයතිලගේද 01 සිට 05 දක්වා වූ වගයුත්තරකරුවන් වෙනුවෙන් රජයේ ජෙෂ්ට නීතිඥ සි ආර් ද සිල්වා පෙනී සිටින ලදී. තීන්දුව ලබා දුන්නේ 1990.05.21 වැනිදාය.

මෙහිදී ආණ්ඩු ක්‍රම විවස්ථාවේ 11, 13(1), 13(2) සහ 13(4) වගන්ති වලින් සහතික කර ඇති අත්අඩංගුවට ගැනීම රදවා ගැනීම සහ වදහිංසා පැමිණවීම යන මුලික අයිතිවාසිකම්ද හදිසි නීති රෙගුලාසි වල 18. 19 සහ 45 ද සාකච්චා විය.

පෙත්සම්කාරිය මෙම ඉල්ලුම් පත්‍රය ඉදිරිපත් කලේ එවකට විශ්ව විද්‍යාල ශිෂයෙකු වූ දයා පතිරණ ගාතනයේ සැකකරුවකුද වූ මෙම නඩුවේ 6 වන වගයුත්තරකරු වූ සිය පුත්‍රයා වෙනුවෙනි. තවද මේ අවස්ථාවේ 6 වන වගයුත්තරකරු සිටින ස්ථානයක් පිලිබදව දැන ගන්නට නැත.

ඔහුව 1987.01.02 දින අත්අඩංගුවට ගැනිණි. ඒ ඔවුන්ගේ හලාවත නිවසේ සිටියදීය. පොලිස් පාර්ශවය ඔහුට පහරදුන් අතර අත්අඩංගුවට ගැනීමේ හේතුව සදහන් කලේ නැත. පසුව ඔහුව බණ්ඩාරගම පොලිසියේ රදවාගෙන සිටි අතර එහිදී පහරදීම් වලට ලක්විය. පහත්කොට සැලකීමටද ලක් වුනි. පසුව එතනින් කළුතර පොලිස් ස්ථානයට මාරු කර යැවිණි. පෙත්සම්කාරිය 1987.02.07 සහ 1987.02.10 යන දෙදින තුල කළුතර පොලිසියට ගියද ඇයට 6 වන වගයුත්තරකරු දැක ගැනීම හෝ කතා කිරීම මුලස්ථාන පොලිස් පරීක්ෂක විසින් ප්‍රතික්ෂේප කරන ලදී.

පෙත්සම්කාරිය කියා සිටින්නේ 1987.01.02 දින සිට 6 වන වගයුත්තරකරුව රදවාගෙන සිටීම සහ සිරගත කිරීම නීතිවිරෝදී සහ ආණ්ඩු ක්‍රම විවස්ථාවේ 11, 12, 13 සහ 14 වන වගන්තින් උල්ලංගනය කිරීමක් බවය.

පොලිසියට අනුව 6 වන වගයුත්තරකරුව අත්අඩංගුවට ගත්තේ විශ්ව විද්‍යාල ශිෂයෙකු වූ දයා පතිරණ ගාතනයට සැක කොටය. එවිට 6 වන වගයුත්තරකරු ශ්‍රී ජයවර්දනපුර විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයෙකි. ඔහු එම විශ්ව විද්‍යාලයේ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ නියෝජිතයෙකුද විය. 1986.12.17 දින ඔහු පුවත් පතකින් දයා පතිරණ ගාතනය ගැන දැන ගෙන ඇත. ඉන්පසුව ඔහු සිය සහෝදර ශිෂ්‍යයින්ගෙන් අදාර ඉල්ලා ගෙන ශෝකය පල කිරීම සදහා බැනරයක්ද ප්‍රදර්ශනය කර තිබේ. පසුව හෙතෙම සිය හලාවත නිවසට පැමිණි අතර අත්අඩංගුවට ගන්නා තෙක් එහි සිට ඇත.

අදිකරණයේදී 6 වන වගයුත්තරකරුව දින 49 ක් නීතිවිරෝදී ලෙස රදවා ගත් බව ඔප්පු විය. පොලිසියේදී බංකුවකට තබා මාංචු දමා තිබු අතර පහරදී ඇත. ඇස දෙකද බදින ලදී. දැඩි ලෙස අපහසුතාවයට පත් කර ඇත. ඔහුගේ ආණ්ඩු ක්‍රම විවස්ථාවේ සදහන් 13(1) , 13(2), 13(4), සහ 11 යන වගන්ති වලින් සහතික කර තිබු මුලික අයිතීන් කඩවූ බව තීරණය කෙරිණි. 6 වන වගයුත්තරකරු වෙනුවෙන් පෙනී සිටි පෙත්සම්කාරියට වන්දි ලෙස රුපියල් 25,000ක්ද නඩු ගාස්තු ලෙස රුපියල් 2500 ක්ද ලැබිණි. තීන්දුව ලීවේ කුලතුංග විනිසුරුවරයාය. එයට අනෙක් විනිසුරු දෙපලගේ එකගතාවය හිමි විය.

සම්පුර්ණ නඩු තීන්දුව කියවීමට පහත සබැදියාව වෙත යොමු වන්න.

http://www.janasansadaya.org/page.php?id=436&lang=en

One thought on “ජනතා අදිකරණය (40) ;- ඇනසලින් ප්‍රනාන්දු (දයා පතිරණ ගාතනය ) නඩුව.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )