sri_lankan_schools

මේ ශේෂ්ට්‍රදිකරණයේ විබාග වූ අංක 190/94 දරන මුලික අයිතිවාසිකම් නඩුවේ තීන්දුවේ සාරාංශය වේ. පෙත්සම්කරු පරාක්‍රමගේ ඩග්ලස් බණ්ඩාරය. ඔහු බත්තරමුල්ලේ පදිංචිකරුවකු විය. වගයුත්තරකරුවන් වුයේ ශ්‍රී සුබුති මහා විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති, උප විදුහල්පති ගුරුවරයකු සහ නිතිපතිවරයාය.

මෙම නඩුව අගවිනිසුරු ජි පි එස් ද සිල්වා, විනිසුරු කුලතුංග සහ විනිසුරු රාමනාතන් යන ත්‍රිපුද්ගල ශේෂ්ට්‍රදිකරන විනිසුරු මඩුල්ලක් හමුවේ විබාග විය. තීන්දුව ලබා දුන්නේ 1995.07.21 වැනිදාය. පෙත්සම්කරු වෙනුවෙන් නීතිඥ ඩි ඩබ්ලිවු අබේකෝන් සහ නීතිඥ එල් එල් වනිගසේකරද නීතිපතිවරයා වෙනුවෙන් රජයේ ජෙෂ්ට නිතිඥයෙකුද පළමු දෙවන සහ තුන්වන වගයුත්තරකරුවන් වෙනුවෙන් නීතිඥ ආර් කේ ඩබ්ලිවු ගුණසේකර සමග නීතිඥ ජේ සි වැලිඅමුනද පෙනී සිටින ලදී.

මෙම නඩුව පවරන විට පෙත්සම්කරුට වයස අවුරුදු 17 ක් පමණි. ඔහු බත්තරමුල්ල ශ්‍රී සුබුති මද්‍ය මහා විද්‍යාලයේ සිසුවකු විය. 1994.05.03 දින ඔහු චෝදනා කරන්නේ පාසල් බුමිය තුල ඔහුට පළමු දෙවන හා තෙවන වගයුත්තරකරුවන් පහර දුන් බවය. එදින විදුහල්පතිවරයා නිවාඩු ගොසිනි. පෙත්සම්කරු කියා සිටින්නේ 1978 ආණ්ඩු ක්‍රම විවස්ථාවේ 11 වන වගන්තිය මගින් සහතික කර ඇති ඔහුගේ මුලික අයිතීන් කඩ වූ බවය. මෙම වගයුත්තරකරුවන් පෙත්සම්කරුට පයින් පහරදී ඇති අතර කම්මුලටද ගසා ඇත. තවද තමුසේ කියා ආමන්ත්‍රණය කර තිබේ. මෙසේ කිරීමට හේතුව වගයුත්තරකරුවන් කියන ආකාරයට පෙත්සම්කරු බොරු කීම වේ.

මෙනිසා පෙත්සම්කරුට මුල්ලේරියාව මානසික රෝහලේ ප්‍රතිකාර ගැනීමට සිදු විය. එහිදී ඔහුව මානසික වයිද්යවරයා වන ඩි ආර් ද සිල්වා විසින් පරික්ෂා කරන ලදී. පෙත්සම්කරු කල්පනා කරමින් කෑම ගැනීම ප්‍රතික්ෂේප කරමින් සහ අඩමින් සිට ඇත. ඔහුට නිදා ගැනීමද අපහසු විය. ඔහු නැවත පාසල් යාම ප්‍රතික්ෂේප කළේය. ඔහු කිසිදු වැදගම්මක් නැති දේ කතා කල අතර ඔහු තුල බිය තිබිණි.

මෙම සිද්දිය වන විට පෙත්සම්කරු පාසල් බවුද්ද සමිතියේ මෙන්ම සාහිත්‍ය සංගමයේ සබපතිවරයා විය. ඔහු ශිෂ්‍ය නායකයෙකුද විය. තවද ඔහු පාසල් විවාද කණ්ඩායමේ සාමාජිකයෙකුද මත්ද්රවිය විරෝදී වියාපාරයේ නායකයෙකු ලෙසද කටයුතු කරමින් සිටියේය.

අදිකරණයේදී මෙම නඩුව පැවරීමට පෙත්සම්කරු ක්‍රියා කලේ ඔහුගේ පියාගේ උවමනාවට බව යන තර්කය ප්‍රතික්ෂේප කෙරිණි. පෙත්සම්කරු නඩුව ජයග්‍රහණය කළේය. රජය වන්දි ලෙස රුපියල් 50,000 ක්ද පළමු හා දෙවන වගයුත්තරකරුවන් රුපියල් 4000 බැගින්ද තෙවන වගයුත්තරකරුට රුපියල් 2000 ක්ද පෙත්සම්කරුට ගෙවීමට සිද්ද විය. ඒ අනුව පෙත්සම්කරුට වන්දි සහ නඩු ගාස්තු වශයෙන් ලැබුණු මුළු මුදල රුපියල් 60,000 ක් වුනි.

නඩු තීන්දුව ලීවේ කුලතුංග විනිසුරුවරයාය. එයට අගවිනිසුරු ජි පි එස් ද සිල්වා සහ විනිසුරු රමනාතන් එකගතාවය පල කරන ලදී. නඩු තීන්දුවේ පිටපතක් අද්යාපන සහ උසස් අද්යාපන අමාත්‍යංශයේ ලේකම්ට යැවීමට නියම විය.

මෙම නඩු තීන්දුව සම්පුර්ණයෙන් කියවීමට පහත සබැදියාව වෙත යොමු වන්න.

http://www.janasansadaya.org/page.php?id=189&lang=en

Advertisements