ජනතා අදිකරණය (38) ;- නමසිවායම් ඒ. ගුනවර්දන.

images

මේ ශේෂ්ට්‍රදිකරණයේ විබාග වූ අංක 166/86 දරන මුලික අයිතිවාසිකම් නඩුවේ තීන්දුවේ සාරන්සයයි. අගවිනිසුරු ශර්වානන්ද විනිසුරු, අතුකෝරාල සහ විනිසුරු එච් ඒ ජි ද සිල්වා යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ නඩුව විබාග විය. පෙත්සම්කරු අදිකරණයට කියා සිටියේ තමාගේ 1978 ආණ්ඩු ක්‍රම විවස්ථාවෙන් සහතික කර ඇති 11, 13 (1) සහ 13(2) යන වගන්ති වලින් සහතික කර ඇති මුලික අයිතිවාසිකම් උල්ලංගනය වූ බවයි.

පෙත්සම්කරු වෙනුවෙන් නීතිඥ එම් එස් එම් සුනයිඩ් සමග නීතිඥ ජයම්පති වික්‍රමරත්න නීතිඥ එම් එච් එම් සල්මන් සහ නීතිඥ හේමසිරි විතානාච්චි පෙනී සිටින ලදී. නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටියේ රජයේ ජෙෂ්ට නීතිඥ නිහාල් ජයසින්හය.

1986.07.28 දින පෙත්සම්කරු සි ටි බි බසයකින් නාවලපිටිය බලා ගමන් කරමින් සිටියදී අත්අඩංගුවට ගනු ලැබිණි. ඒ තුන්වන වගයුත්තරකරු සජනට් නජිබ්දින් විසිනි. පෙත්සම්කරුට අත්අඩංගුවට ගැනීමේ හේතුව කිවේ නැත. ඔහුව 1986.08.04 දක්වා ආරක්ෂක කදවුරක රදවා ගත් අතර පහරදීමද සිදු කෙරිණි. ඒ ඔහු ටි ඊ එල් ඊ යන ත්‍රස්ත සන්විදනයට සම්බන්ද බව කියමිනි. ඔහුව එයින් හැටන් පොලිසියටත් පසුව ගම්පොල පොලිසියටත් රැගෙන ගොස් රදවා ගනු ලැබිණි. 1986.09.18 දින හැටන් මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්දනාගාර ගත කෙරිණි.

ඔහුගේ බිරිද සපයන ලද නීතිඥවරයකුට ඔහු සමග සම්මුක සාකච්චා පැවැත්වීමද පොලිසිය විසින් වලකනු ලැබිණි. පොලිසිය කිවේ ඔහුව හදිසි නීති රෙගුලාසි යටතේ වරදකට සැක කොට අත්අඩංගුවට ගත් බවය. නමුත් මෙම සැකය තහවුරු කිරීමට වගයුත්තරකරුවන් ශේෂ්ට්‍රදිකරණයේදී අපොහොසත් විය. මෙම හදිසි නීති රෙගුලාසි යටතේ පුද්ගලයකු දින 90 කට නොවැඩි කාලයක් රදවා ගැනීමේ හැකියාව ඇත.

ශේෂ්ට්‍රදිකරණයේදී වගයුත්තරකරුවන් විසින් පෙත්සම්කරුගේ 11 වන වගන්තිය සහ 13 (2) වගන්තිය සදහන් කරන්න වූ මුලික අයිතිවාසිකම් උල්ලංගනය කල බව ඔප්පු කිරීමට පෙත්සම්කරු අසමත් විය. නමුත් 1986.07.28 දින 3 වන වගයුත්තරකරු පෙත්සම්කරුව නිතිවිරෝදිව අත්අඩංගුවට ගත් බවත් පෙත්සම්කරුව අත්අඩංගුවට ගැනීමේ හේතුව පැහැදිලි කර දීමට අපොහොසත්වූ බවත් ඔප්පු විය. ඒ අනුව 3 වන වගයුත්තරකරු පෙත්සම්කරුගේ 13 (1) වගන්තියේ සදහන් මුලික අයිතිවාසිකම් උල්ලංගනය කරනු ලැබිණි. එමනිසා පෙත්සම්කරුට හිමිවූ වන්දිය රුපියල් 3000 කි. එය රජය නියෝජනය කළාවූ නීතිඥවරයාට රජය වෙනුවෙන් ගෙවීමට නියම විය.

නඩු තීන්දුව ලීවේ ශර්වානන්ද අගවිනිසුරුවරයාය. එයට ශේෂ්ට්‍රදිකරන විනිසුරුවරුන් වන අතුකෝරල විනිසුරු සහ එච් ඒ ජි ද සිල්වා විනිසුරුගේ එකගතාවය පල විය.

මෙම නඩු තීන්දුව සම්පුර්ණයෙන් කියවීමට පහත සබැදියාව වෙත යොමු වන්න.

http://www.janasansadaya.org/page.php?id=429&lang=en

One thought on “ජනතා අදිකරණය (38) ;- නමසිවායම් ඒ. ගුනවර්දන.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )