download

බොදු බලය සිංහල බාෂාව, දෙමල බාෂාව සහ මුස්ලිම් බාෂාව අතර ආදරයක් වැඩි දියුණු වෙනු දැකීමට කැමති වුයේ නැත. මේ වනවිට පොදු අපේක්ෂක මයිත්රිපාල සිරිසේන මහතා දෙමල සහ මුස්‌ලිම ජනතාව දිනා ගැනීමට සමත්ව ඇත. එය ඔහු ලබන ජයග්‍රහණයේ තීරණාත්මක සාදකයද වනු ඇත. මේ තත්ත්වය බොදු බලයට ඉවසිය නොහැක. ඒ අනුව ඔවුන් රාජපක්ෂලාට යෝජනා කරන්නේ මයිත්රිපාල අත්අඩංගුවට ගන්නා ලෙසයි. මුස්ලිම් ජනයා මයිත්රි යුගයක් ඇතිවනු දැකීමට කැමති වූ ප්‍රදාන සාදකය බොදු බලයේ ක්‍රියාකාරිත්වයයි.

චෙන්නායි එක්ස්ප්‍රස් හින්දු සහ දෙමල බාෂාවන් කතා කරන දෙදෙනෙකුගේ ආදරය වටා ගොඩ නැගී තිබේ. රාහුල් ලෙස රගන ශාරුක් කාන් චෙන්නායි එක්ස්ප්‍රස් වෙත ගොඩ වන්නේ සිය මියගිය පියාගේ අළු තැන්පත් කිරීමටය. එහිදී ඔහුට සිය දෙමල ජාතික පෙම්වතිය මුණ ගැසේ. රාහුල්ගේ පියා අවසන් සුසුම හෙලන්නේ ක්‍රිකට් තරගයේදී ශෂින් ටෙන්දුකර් සිය ශතකය එක් ලකුණකින් සම්පුර්ණ කිරීමට අසමත් වනු රූපවාහිනියෙන් දැකීමත් සමගය.

“සාමාන්‍ය පුරවැසියාගේ බලය අව තක්සේරු නොකරනු. ” යන්න චිත්‍රපටිය පුරාවට කියවෙන දෙයකි. තවද ආදරයට සියලු බාෂාවන් ඇති බවයි. මෙය වාණිජ චිත්‍රපටියක් වුවද ඉතා හොද පණිවිඩයක් සමාජ ගත කරනු ලැබේ. මෙය 2013 වසරේ ඉන්දියාවේ තරගත වුනි. එය දේශීය වශයෙන් සහ ජාත්‍යන්තර වශයෙන් සම්මාන රැසක් දිනා ගැනීමටද සමත් විය.

Advertisements