සැබෑ බන්දනාගාර;- 2008 දි මඩකලපුවේ හිරගෙදර බෝම්බ පිපිරිම.

images

මෙම පුවත 2008.09.08 දින ලංකාදීප පුවත් පතේ පලවිය. සිද්දිය වුයේ 2008.08.29 වැනි දිනය. එනම් මඩකලපුව රිමාන්ඩ් බන්දනාගාරයේ අංක 10 දරන සිරමැදිරියේ අත් බෝම්බ ප්‍රහාරයක් සිදුවුණි.

තුවාල ලැබූ සැකකරුවන් ගණන 07 කි. එයින් 05 දෙනෙකු බරපතල තුවාල ලබා පළමුව මඩකලපුව රෝහලටද එයින් වැඩිදුර ප්‍රතිකාර සදහා ජාතික රෝහලටද ඇතුලත් කර ඇත. ඒ අතර එරාවුර් චෙන්කලඩි ප්‍රාදේශීය සබාවේ මන්ත්‍රීවරයෙකු වන රවී නැමැත්තාද විය. අත් බෝම්බය එල්ල කල සැකකරුගේ අත මුළුමනින්ම වෙන්ව තිබු බවද වාර්තා වේ.

බන්දනාගාර කොමසාරිස් ජනරාල් වජිර විජයගුනවර්දන මහතා සදහන් කරන්නේ මෙය ඊ පි ඩි පි සැකකරුවන් පලායාමට කල උත්සාහයක ප්‍රතිපලයක් බවයි. ටි එම් වී පි පක්ෂයේ ප්‍රබල අදරකරුවෙකු මෙන්ම විදේශ රැකියා නියෝජිතයෙකු වන සුරෙශ්කුමර් නැමැත්තා පැහැරගෙන ගොස් අබිරහස් ලෙස ගාතනය කර චෙන්කුලාදී ඊ පි ඩි පි කාර්යාල බුමියේ වල දැමීම සම්බන්දයෙන් සැකපිට මෙම සැකකරුවන් පිරිස රක්ෂිත බන්දනාගාර ගත කර තිබිණි.

සිද්දියෙන් පසුව අනෙකුත් ඊ පි ඩි පි සැකකරුවන් අනුරාදපුර බන්දනාගාරය වෙත මාරු කර යැවු බවද වාර්තා වේ. මේ පිලිබදව පරීක්ෂණ වාර්තාවක් කැදවා ඇත. බන්දනාගාරය තුලට අත්බෝම්බ දෙකක් රැගෙන ගියේ කෙසේද යන්න පිලිබදව වෙනම පරීක්ෂණයක් අරඹා ඇති බව බන්දනාගාර කොමසාරිස් පවසා තිබේ.

අපි පුන පුනා මෙසේ අසමු. මේ පරීක්ෂණ වලට කුමක් සිදුවුනිද? බන්දනාගාර කැරලි වලින් මිය යන අයට ආගම්, ජාති, සහ කුල දේශපාලන මත යන්න මත වෙනසක් සිදු නොවේ. තවද ඔවුන්ගෙන් බහුතරය සමාජයේ පහලම ස්තර වලට අයත් අයයි. මෙම වසරේදීම ගාල්ල බන්දනාගාරයේ සිදුවූ කැරැල්ලක ප්‍රතිපලය වුයේ එහි නිලදාරීන් රැදවියන් තිදෙනෙකු පහරදී සහ වෙඩි තබා මරා දැමීමයි.

***එහි විස්තර දැන ගැනීමට පහත සබැදියාව වෙත යොමු වන්න.

https://chitrangi.wordpress.com/2014/12/21/%E0%B7%83%E0%B7%90%E0%B6%B6%E0%B7%91-%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B7%8F%E0%B6%BB-2008-%E0%B6%9C%E0%B7%8F%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD-%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A/

https://chitrangi.wordpress.com/2014/12/24/%E0%B7%83%E0%B7%90%E0%B6%B6%E0%B7%91-%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B7%8F%E0%B6%BB-2008-%E0%B6%AF%E0%B7%92-%E0%B6%9C%E0%B7%8F%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%9A/

https://chitrangi.wordpress.com/2014/12/28/%E0%B7%83%E0%B7%90%E0%B6%B6%E0%B7%91-%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B7%8F%E0%B6%BB-2008-%E0%B6%AF%E0%B7%92-%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B7%80%E0%B7%96/

One thought on “සැබෑ බන්දනාගාර;- 2008 දි මඩකලපුවේ හිරගෙදර බෝම්බ පිපිරිම.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )