ජනතා අදිකරණය (37) ;- “පොලිසිය සෙන්ට් ලොල්” නඩුව.

trafiic

මේ ශේෂ්ට්‍රදිකරන අංක 297/2007 දරන මුලික අයිතිවාසිකම් නඩුවේ තීන්දුවේ සාරන්සයයි. පෙත්සම්කරු පානදුර, අරුක්ගොඩ පදිංචි වී අයි. එස්. රෝද්රිගොය. වගයුත්තරකරුවන් වුයේ කිරුලපන සහ වැල්ලවත්ත පොලිස් ස්ථාන වල නිලදාරීන්, පොලිස්පති, නීතිපති සහ ආරක්ෂක ලේකම් ගොටාබය රාජපක්ෂ වේ.

මෙම නඩුව අගවිනිසුරු සරත් එන් සිල්වා, විනිසුරු ශිරාණි තිලකවර්දන සහ විනිසුරු ජේ බාලපටබැදි යන ත්‍රිපුද්ගල ශේෂ්ට්‍රදිකරන විනිසුරු මඩුල්ලක් හමුවේ විබාග විය. පෙත්සම්කරු වෙනුවෙන් නීතිඥ ඩබ්ලිවු දයාරත්න සමග නීතිඥ රංගික ජයවර්දනද වගයුත්තරකරුවන් වෙනුවෙන් ජනාදිපති නීතිඥ මනොහරද සිල්වා රජයේ නීතිඥ කේ වී රණසිංහ සමග රජයේ නීතිඥ එල් මුනසින්හද පෙනී සිටින ලදී.

2007.12.03 වන දින තීන්දුව ලබා දුන් අතර එය ලීවේ අගවිනිසුරු සරත් එන් සිල්වා වන අතර එයට විනිසුරු ශිරාණි තිලකවර්දන සහ නීතිඥ බාලපටබැදි එකගතාවය පල කළහ.

අදිකරණය පෙත්සම්කරුට සිය පැමිණිල්ලට ආරක්ෂක ලේකම් ගොටාබය රාජපක්ෂ එකතු කිරීමට අවසර දෙන ලදී. මෙහිදී 1978 ආණ්ඩු ක්‍රම විවස්ථාවෙන් සහතික කර ඇති මුලික අයිතිවාසිකම් වන ගමනාගමනයේ නිදහස, නීතියේ සමාන ආරක්ෂාව සහ අත්තොනෝමතික ලෙස අත්අඩංගුවට ගැනීමෙන් සහ රදවා ගැනීමෙන් වැලකි සිටීමේ නිදහස සාකච්චා විය. විශේෂයෙන් ප්‍රවාහනයේදී මහජනතාව අත්විදින්නා වූ පීඩාකාරී තත්වයද සලකා බැලිනි.

සිද්දිය වුයේ 2007.07.28 දින දහවල් 12 ට පමණය. පෙත්සම්කරු සිය වාහනය කිරුලපන ප්‍රදාන පාරේ සිට කොලබ දක්වා පදවමින් සිටියේය. ඔහුව පොල්හේන්ගොඩ පොලිස් මුර පොලේදී නතර කෙරිණි. ඔහුගෙන් පළමු වගයුත්තරකාරිය රියදුරු බලපත්‍රය ඉල්ලා සිටි විට ඔහු දුන්නේ තාවකාලික රියදුරු බලපත්‍රයයි. මක්නිසාද සත්‍ය බලපත්‍රය නැතිව ඇති බැවිනි. එවිට මෙම පළමු වගයුත්තරකාරිය එය වංචනික එකක් බව පවසා නඩු නොපැවරිමට නම් අල්ලසක් ඉල්ලා සිටියාය. පෙත්සමක්රු තමා සතුව මුදල් නොමැති බව කීවිට ඇය වැන් රථයේ කියුබි හෝල්හි තිබු සුවද විලවුන් බෝතලය දැක එය ඉල්ලා සිටියාය.

පසුව පෙත්සම්කරු කිරුලපන පොලිසියට ගිය අතර එයින් ඔහුව වැල්ලවත්ත දුෂණ මර්දන ඒකකයට ඉදිරිපත් කර ඉන්පසුව මහේස්ත්‍රාත්වරයා විසින් රක්ෂිත බන්දනාගාර ගත කරනු ලැබිණි. නියෝජ්‍ය රථ වාහන කොමසාරිස්ගේ වාර්තාව මත පදනම් වෙමින් පසුව ඔහුව නිදහස් කෙරිණි.

පළමු වගයුත්තරකාරිය කියා සිටියේ පෙත්සම්කරු රුපියල් 500ක අල්ලසක් රථවාහන දෙපාර්තමේන්තුවට ගෙවා තාවකාලික රියදුරු බලපත්‍රය ලබා ගෙන ඇති බවය. නමුත් විනිසුරු මතය වුයේ එය එසේ වුවද එයින් තවත් අල්ලසක් පොලිසියට දියයුතුයි අදහස් නොවන බවය. තවද සෙන්ට් බෝතලය ඉල්ලා සිටීමද විශ්වාස කල හැකි බව වේ. මෙම මුරපොළවල් පිහිටුවීමට නිත්‍යානුකුල පදනමක් නොමැති බවත් එම ස්ථාන වල බලයේ අයුතු බවිතාව, වංක බව  දුෂණය සහ නිතිය අත්තනෝමතික ලෙස බාවිතයට ගැනීම මෙහිදී වැඩි දුරටත් සාකච්චා විය. ත්‍රස්තවාදය නිසා ඉවසන සුළු සමාජයක නිදහස අහිමිවී ඇති බවද පැවසිනි.

පෙත්සම්කරුගේ 12(1), 13(1) සහ 13(2) යන වගන්තිවල සදහන් මුලික අයිතිවාසිකම් උල්ලංගනය වූ බව තීරණය වූ අතර පළමු, දෙවන, තුන්වන සහ සතරවන වගයුත්තරකරුවන් වෙන්වෙන්ව පුද්ගලිකව පෙත්සම්කරුට රුපියල් 75,000 බැගින්ද රජය නඩු ගාස්තු ලෙස රුපියල් 25,000 ක්ද ගෙවිය යුතු බවට නියෝග කෙරිණි.

සම්පුර්ණ නඩු තීන්දුව කියවීමට මෙම පහත සබැදියාව වෙත යොමු වන්න.

http://www.janasansadaya.org/page.php?id=185&lang=en

Advertisements

One thought on “ජනතා අදිකරණය (37) ;- “පොලිසිය සෙන්ට් ලොල්” නඩුව.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )