madras-cafe-movie-poster-1

මේ අපේ කතාවයි. ඇයි ශ්‍රී ලංකාවේ නොපෙන්නුවේ? මේ චිත්‍රපටිය අවසානයේ ප්‍රේක්ෂකයාට එපා වන්නේ එල් ටි එෆ් එකයි වියන්ගයෙන් ඔවුන් අදහස් කරන්නේ එල් ටි ටි යයි.

වත්මන් පොදු අපේක්ෂකයා යුද ජයග්‍රහණයෙන් පසුව මවුබිමට සැපත්වී පොලව සිප ගත් ජනපති මහින්දට පළමු මල් මාලය පළඳවයි. එයද අපට අමතක නැත. නමුත් අද ද්‍රවිඩ ජාතික සන්දානය ජනපති මහින්ද පැරදවිය යුතු බව කියා සිටි. එහි වාසිය සිරිසේනටය.

සිරිසේන යුගයෙදිවත් හොද චිත්‍රපටි වාරණය නොකළ යුතුය. විශේෂයෙන් කාලින මාතෘකා සහිත විදේශ චිත්‍රපටි. ශ්‍රී ලංකාවේ බාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස මුලික අයිතිවාසිකමක් වේ. ඒ අනුව පුරහද කළුවර චිත්‍රපටිය නඩු කියා ජයග්‍රහණය ලැබිය. පුරහද කලුවරට එවකට ආණ්ඩුව එරෙහි වූ පළමු හේතුව එමගින් හමුදා බටයින්ගේ චිත්ත දයිරිය නැති කරන්නේය යන කාරණයයි. නමුත් බාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස සහ අයිතිය සිමා කල යුතු අවස්ථාද වේ. ඒ අපහාසයක් වන විට සහ එක් අයෙක් හෝ තවත් අය අපකීර්තියට ලක්වන අවස්ථා වලදීය.

මෙම චිත්‍රපටියේ ජෝන් ඒබ්‍රහම් විශිෂ්ට රංගනයක නිරත වේ. රජිවූ ගාතනය ගැනද කියවේ. වික්‍රම් ලෙස රංගනය කරන ජෝන් එබ්‍රහම්ට අවසානයේ සිය අගමැති ගාතනය වලක්වා ගත නොහැක. මෙහි යුදමය දර්ශන ඇත. නමුත් චිත්‍රපටිය බැලීමෙන් අනතුරුව එපා වන්නේ යුද්දයයි. ඉතින් සියල්ලට මයිත්‍රීය වඩන යුගයේකදිවත් මෙවන් හොද චිත්‍රපටි පෙන්වීමට රජයේ අනුග්‍රහය ලබා දිය යුතුව ඇත. ඒ මුදලට යටත් නොවන නව පරපුරේ කලාකරුවන් ගණනාවක්ද මයිත්රි වටා ඔහුගේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවී ඇති අවස්ථාවකදීය.

Advertisements