ජනතා අදිකරණය (36) ;- මලල්ගොඩ (නුතන දේවදත්ත කවි) නඩුව.

logo-freedom

මේ අංක 95/82 දරන මුලික අයිතිවාසිකම් නඩුවේ තීන්දුවේ සාරාංශයයි. පෙත්සම්කරු පි මලල්ගොඩය. වගයුත්තරකරුවන් වුයේ නීතිපති සහ තවත් අයයි. ශර්වානන්ද විනිසුරු, කොලින් තොමි විනිසුරු සහ සුසා විනිසුරු යන ත්‍රිපුද්ගල ශේෂ්ට්‍රදිකරන විනිසුරු මඩුල්ලක් ඉදිරියේ නඩුව විබාග විය. පෙත්සම්කරු වෙනුවෙන් නීතිඥ වී එස් ඒ පුලේනයගම, ඩෙස්මන්ඩ් ප්‍රනාන්දු සහ ඩි විජේසුන්දර පෙනී සිටින ලදී. වගයුත්තරකරුවන් වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජෙනරාල් සුනිල්ද සිල්වා සහ රජයේ ජෙෂ්ට නීතිඥ සූරී රත්නපාලද පෙනී සිටියහ.

පෙත්සම්කරු ලේකකයෙකි. කවියෙකි. ඔහුට මෙම නඩුව පවරන විට වසර 40 ක පමණ කාලයක ලේකන කලාව පිළිබද අත්දැකීම් විය. ඔහු 1982.09.17 දින නුතන දේවදත්ත යනුවෙන් කවි පොතක් පල කරන ලදී. එය ජනාදිපති, අගමැති සහ සමාජයේ ඇතැම් පුද්ගලයින්ට අපහාස වන කරුණු වලින් පිරි තිබිණි. 1982 සැප්තැම්බර් 24 වන දින පොලිසිය මෙම නුතන දේවදත්ත කවි පොතේ සියලු පිටපත් අත්අඩංගුවට ගනු ලැබිණි.

පෙත්සම්කරු කිවේ මේ නිසා 1978 ආණ්ඩු ක්‍රම විවස්ථාවෙන් සහතික කර ඇති 14(1) (අ) වන වගන්තියෙන් සහතික කර ඇති මුලික අයිතිවාසිකමක් වූ බාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස උල්ලංගනය වූ බවයි. මෙම නඩුවේ පළමු වගයුත්තරකරු නීතිපති ලෙසද දෙවන වගයුත්තරකරු ලෙස පොලිස්පතිද පත්කර තිබිණි. පෙත්සම්කරු කිවේ දෙවන වගයුත්තරකරු ජනාදිපතිවරයාට පක්ෂපාති වන ලෙස එනම් ජනාදිපති අපේක්ෂක ජේ ආර් ජයවර්දනට පක්ෂපාති වන ලෙස කටයුතු කල බවයි.

මෙම නඩුවේදී සාකච්චා වූ කරුණු අනුව ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ ආණ්ඩු ක්‍රම විවස්තා වලින් මුලික අයිතිවාසිකම් සහතික කර තිබුනද ඒවා නිතිය මගින් යම් යම් පිඩාවන්ට ලක්කොට තිබේ. 1978 ආණ්ඩු ක්‍රම විවස්ථාවේ 15(2) වගන්තිය මගින් මෙම මුලික අයිතිවාසිකම් සීමාවන්ට ලක්කර ඇත. ඒ අනුව බාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස සීමාවන්ට ලක්වී තිබේ. එය ක්‍රියාත්මක කල යුත්තේද සීමාවන්ට යටත්වය. ශ්‍රී ලංකාවේ බාෂණයේ ප්‍රකාශනයට පනවා ඇති සීමාවන් ඉන්දියාවට වඩා දැඩි වේ.

යමෙක් ප්‍රකාශනයේ අයිතියට හිමිකම් කීමේදී ඔහුට හෝ ඇයට නීතියේ පනවා ඇති සීමාවන් සෙලවිය නොහැක. ප්‍රකාශනයේ නිදහස මගින් අපහාසයට සහ සෙස්සන් අපකීර්තියට පත්කිරීම සදහා බලපත්‍රයක් දි නැත.

පොලිසිය නුතන දේවදත්ත පොත අත්අඩංගුවට ගැනීමෙන් පෙත්සම්කරුගේ මුලික අයිතීන් උල්ලංගනය වී නොමැත. ඒ අනුව මෙම නඩුව විසි කෙරිණි. ඒ නඩු ගාස්තුද සමගිනි. මෙම නඩුවේ තීන්දුව ලීවේ සුසා විනිසුරුවරයාය. එයට ශර්වානන්ද විනිසුරු සහ කොලින් තොමි විනිසුරු එකගතාවය පල කරන ලදී.

මෙම සම්පුර්ණ නඩු තීන්දුව කියවීම සදහා පහත සබැදියාව වෙත යොමු වන්න.

http://www.lawnet.lk/docs/case_law/slr/HTML/1982SLR2V777.htm

One thought on “ජනතා අදිකරණය (36) ;- මලල්ගොඩ (නුතන දේවදත්ත කවි) නඩුව.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )