ජනතා අදිකරණය (35);- බන්දනාගාර නියාමකවරුන්ට එරෙහි නඩුවක්.

47369

මේ අංක 483/93 දරන මුලික අයිතිවාසිකම් නඩුවේ තීන්දුවේ සාරාංශයයි. පෙත්සම්කරු සුලෙයිමන් නොෆික් මොහොමඩ් රමිස්ය. අංක 219/3 විද්‍යාල පාර, හංවැල්ලේ පදිංචිව සිටි. වගයුත්තරකරුවන් වුයේ බන්දනාගාර නියාමකවරුන් වන රණසිංහ, දිනේෂ් – අවිස්සාවේල්ල අදිකරණයේ සිරමදිරියට අනුයුක්තව සිටි – බන්දනාගාර කොමසාරිස් සහ නිතිපතිවරයාය.

අගවිනිසුරු ජි පි එස් ද සිල්වා, සි ජේ කුලතුංග සහ රාමනාතන් යන ත්‍රිපුද්ගල ශේෂ්ට්‍රදිකරන විනිසුරු මඩුල්ලක් ඉදිරියේ නඩුව විබාග විය. පෙත්සම්කරු වෙනුවෙන් නීතිඥ තිරානගමද වගයුත්තරකරුවන් වෙනුවෙන් නීතිඥ අනිල් සිල්වා සහ රජයේ ජෙෂ්ට නීතිඥ පාලිත ප්‍රනාන්දු ද පෙනී සිටින ලදී.

සිද්දිය වුයේ 1993.11.24 වැනිදාය. පෙත්සම්කරු සිටියේ අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් අදිකරණයේ සිර කුඩුවේය. බන්දනාගාර නියාමකවරුන් දෙදෙනා එනම් පළමු හා දෙවන වගයුත්තරකරුවන් පෙත්සම්කරුට පොල්ලකින් සහ අත් වලින් පහර දෙන ලදී. පෙත්සම්කරුව වැලිකඩ රක්ෂිත බන්දනාගාරයට යැවීමට පෙර මෙම සිදුවීම සිද්ද විය. ඒ අනුව පෙත්සම්කරුගේ 1978 ආණ්ඩු ක්‍රම විවස්ථාව මගින් සහතික කර ඇති 11 වන වගන්තියේ සදහන් එනම් වදහිංසාව කෘර අමානුෂික හෝ පහත් කොට සැලකීමට ලක් නොවී සිටීමේ අයිතිය උල්ලංගනය වූ බව තීරණය කෙරිණි.

ඔහුව අදිකරණයට ඉදිරිපත් කලේ හංවැල්ල පොලිසියයි. ඒ සන්ද්‍යා කුමාරි සහ වසන්ත කුමාර සමගයි. අපරාද නඩු විදාන සංග්‍රහ පනතේ 81 චේදය යටතේය. ඔවුන්ට සාමය පවත්වා ගැනීම පිළිබද බදුන්කරයකට අත්සන් නොකළ යුත්තේ මන්ද යන්න පිලිබදව හේතු දැක්වීමට නියම විය.

පෙත්සම්කරු සන්ද්‍යා කුමාරිගේ නිවසේ නේවාසිකව නතර වී සිටි අතර ඇයත් සමග කිට්ටු සම්බන්දයක්ද විය. ඇගේ සැමියා රැකියාව සදහා පිටරට ගොසිනි. මේ සම්බන්දයට සන්ද්‍යා කුමාරිගේ මව ඇතුළු ඥාතීන් විරෝදය පලකල අතර පෙත්සම්කරු නිවසෙන් පිටවිය යුතුයිද කියා සිටියහ. නමුත් පෙත්සම්කරු දිගටම නිවසේ රැදී සිටින ලදී. මේ තත්වය විරෝදය පල කිරීම් සහ නිරතුරු අර්බුද වලට හේතුවක් විය.

වසන්ත කුමාර සන්ද්‍යාගේ ඥාතියෙක් නොවූ නමුත් ඇයට බොහෝ අයහපත් දේ පවසා සිටියේය. 1993.11.23 දින වසන්ත කුමාර විසින් පොල්ලකින් ගැසීම නිසා සන්ද්‍යාගේ නිවසට අලාබ සිදුවිය. ඇය පොලිසියට පැමිණිලි කලාය. පොලිසිය මෙයට සම්බන්ද පාර්ශව මහේස්ත්‍රාත්වරයට ඉදිරිපත් කිරීමට තීරණය කරන ලදී.

රක්ෂිත බන්දනගාරයෙන් නිදහස් වූ පෙත්සම්කරු පළමුව පොලිසියට පැමිණිලි කර අවිස්සාවේල්ල රෝහලට ඇතුලත් විය. ඒ 1993.11.26 වැනිදාය. ඔහු 1993.12.01 දක්වා එහිදී ප්‍රතිකාර ගන්නා ලදී. රෝහල් ඇද පත් වාර්තාවේ ඔහුගේ තුවාල ගැන සදහන් වී තිබිණි.

පෙත්සම්කරුට පහරදීම පිළිබද පුද්ගලිකව වගකිවයුතු අය කුවුද යන්න අදිකරණයේදී ඔප්පු නොවිණි. නමුත් පෙත්සම්කරු බන්දනාගාර නිලදාරීන් බාරයේ සිටියදී පහරකෑමට ලක්වු බව ඔප්පු වුනි. මක්නිසාද ඔහුව අදිකරණයට ඉදිරිපත් කල අවස්ථාවේ තුවාල නොතිබිණි.

නඩු තීන්දුව ලිවූ කුලතුංග විනිසුරුවරයා ප්‍රකාශ කලේ බන්දනාගාර දෙපාර්තමේන්තුවට තුවාල සහිතව ඇතුළු වන පුද්ගලයින් පරික්ශා කිරීමට වැඩපිළිවෙලක් නොමැති බවය. පෙත්සම්කරුගේ මුලික අයිතිවාසිකම් කඩවූ බව තීරණය කෙරිණි. වන්දි ලෙස රුපියල් 5000 ක්ද නඩු ගාස්තු ලෙස රුපියල් 550ක්ද රජය ගෙවිය යුතු බවට නියෝග කෙරිණි.

මෙම සම්පුර්ණ නඩු තීන්දුව කියවීමට පහත සබැදියාව වෙත යොමු වන්න.

http://www.janasansadaya.org/page.php?id=446&lang=en

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි නොමිලේ වෙබ්අඩවියක් හෝ බ්ලොග් සටහනක් සාදාගන්න.

ඉහළ ↑

%d bloggers like this: