සැබෑ බන්දනාගාර ;- 2008 දි ගාල්ලේදී වියෝවූ බන්දුල ජගත් කුමාර.

i

“අදුන ගත්තේ යට ඇදුමෙන් හා කොට කලිසමෙන්. ඔලුව ඇරිලා තිබුනේ. කුරුම්බා ගෙඩියක් පලන ආකාරයට තිබුනේ. වෙඩි වැදිලා තිබුනේ ඔළුවට. කකුල් ඉදිමිලා තිබුනේ. පැත්තට හැරිලා තිබුනේ. මේ තුන්දෙනා කතා වෙලා පැනලා තියෙන්නේ. අපිත් එක්ක පනින්න හිතෙනවා කිවුවා. මේකේ ඇතුලේ ඉන්න බැහැ කිවුවා.” – සහෝදරිය.

ඔහු නමින් බන්දුල ජගත් කුමාර ගුනසේකරය. පදිංචිව සිටි ලිපිනය වුයේ බුලුගහකන්දවත්ත, දොළ අරබ, වදුරබය. මියයන විට වයස අවුරුදු 21කි. ගාල්ල බන්දනාගාරයේ සිටියේය. චෝදනාව වුයේ වයස අවුරුදු 16 ට අඩු ගැහැණු ළමයෙක්ව අරන් ගිය බවයි. (විවස්ථාපිත ස්ත්‍රී දුෂණය). ඇය ඔහුගේ පෙම්වතිය බව කියවේ. නඩුව පැවතියේ බලපිටිය මහාදිකරනයේය.

ඔහු මියගියේ 2008.09.12 වැනිදාය. ඒ වෙඩි වැදීමෙනි. ඥාතීන් මරණ සහතික ලබා ගෙන ඇත. ඔහු සිරගෙදර මාස දෙකක පමණ කාලයක් ගත කර තිබේ. ඔහු බන්දනාගාරයේ සිටියදී සහෝදරියන් දෙදෙනාම බලන්නට ගොස් ඇත. ඔහු කියා ඇත්තේ තමාගේ ගැහැණු ලමයාව පරිස්සමින් බලා ගන්නා ලෙසයි. ( ඇයව පරිවාසයට බාර දුන් බව පැවසේ.)

මරණ පරීක්ෂණය පවත්වා ඇත. එහිදී කියා ඇත්තේ දුවද්දී වෙඩි තැබූ බවයි. ඔහුට මිට පෙර කිසිදු පෙර වැරැද්දක් තිබී නැත. ඔහු රැකියාව ලෙස කොලබ මේෂන් වැඩ කරමින් සිට ඇත. ඔහුගේ සහෝදරිය සහ පියා විසින් මිනිය හදුනා ගෙන තිබේ.

* මියගිය බන්දුලගේ චයාරුපයක් සොයා ගැනීමට නොහැකි විය.

2 thoughts on “සැබෑ බන්දනාගාර ;- 2008 දි ගාල්ලේදී වියෝවූ බන්දුල ජගත් කුමාර.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )