සැබෑ බන්දනාගාර ;- 2008 දි ගාල්ලේදී වියෝවූ වයි. නාලන්ද.

Nalanda 2008 Galle Riot picture

ඔහු වයි නාලන්දය. ඔහු රෙජ්ජිපුර, බුස්සේ පදිංචිකරුවෙකු වේ. ඔහු වුර්තියෙන් කම්කරුවෙකු විය. මිය යන විට වයස අවුරුදු 30 කි. විවාහක දෙදරු පියෙකුද විය.

2008.09.12 දින ඔහු මිය ගියේ ගාල්ල බන්දනාගාරයේ සිටියදී පලායාමට උත්සාහ කිරීමේදී වෙඩි වැදීමෙනි. පහර කැමෙනි. ඔහු බන්දනාගාර ගත වුයේ 2008 වසරේදී වන අතර එහි මාස 07 ක පමණ කාලයක් රැදී සිටින ලදී. ඔහුට එල්ල වුයේ ගිනි අවි පිළිබද චෝදනාවකි. ඔහුගේ නඩුව ගාල්ල මහාදිකරණයේ විබාග වෙමින් තිබිණි. ඔහුට මෙම නඩුවට අමතරව පෙර වැරදි කිසිවක් නොවිණි.

ඔහු පහරදීම සහ වෙඩි වැදීම නිසා මියගිය බව වාර්තා වේ. එක් වෙඩි පහරක් වැදි තිබුනේ ඔහුගේ කනට අසන්නයෙනි. ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් පවුලේ ඥාතීන්ට මරණ සහතිකය ලැබී ඇත.

ඔහු සිරගතව සිටි අවදියේ පවුලේ ඥාතීන් ඔහුව බැලීමට ගාල්ල බන්දනාගාරයට ගියහ. නාලන්ද ඔවුන්ට පවසා ඇත්තේ අවශ්‍ය නම් පැන යාහැකි බව ඇතැම් බන්දනාගාර නිලදාරීන් තමනට පැවසූ බවය. එමනිසා ඔහු තවත් දෙදෙනක් සමග පැන දිවූ අතර සියල්ලෝ වෙඩි කා පහර කා මිය ගියහ.

මියයන විට ඔහුට ඇප ලබා ගැනීම සදහා නීති අදාර කොමිසම සහය වෙමින් සිටින ලදී. මරණ පරීක්ෂණයේදී ඔහුගේ මාමා සහ නැන්දනිය සාක්ෂි දුන්හ. පශ්තාත් මරණ පරීක්ෂණ වාර්තා ගැන ඥාතීන් කිසිවක් දන්නේ නැත. ඔහුව මරා දැමීම ගැන නඩු විබාගයක් පැවතියේද යන්න පිළිබදවද දන්නේ නැත. ඔහුගේ මළසිරුර තබා තිබුනේ වැඩිමහල් සොහොයුරාගේ ගෙදරය.

2 thoughts on “සැබෑ බන්දනාගාර ;- 2008 දි ගාල්ලේදී වියෝවූ වයි. නාලන්ද.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )