Prison

මෙම කැරැල්ල 2008.09.12 දින ගාල්ල බන්දනාගාරයේදී ඇති විය. සිරකරුවන් තිදෙනෙක් පැන යාමට උත්සහ කිරීමේදී බන්දනාගාර නිලදාරීන් ඔවුන්ට වෙඩි තැබීම නිසා තිදෙනාම මියගියහ. ඔවුන් නම් වශයෙන් අම්බලන්ගොඩ ජි එච් ශාන්ත කුමාර හෙවත් පොඩි චුටි, වදුරබ බන්දුල ජගත් කුමාර සහ රත්ගම වයි නාලන්ද වේ. පැන යන සිරකරුවන් අල්ලා ගැනීමට උත්සහ කිරීමේදී උල් කටුවකින් ඇනීම නිසා බන්දනාගාර නිලදාරියෙකු තුවාල ලැබූ බවද වාර්තා වේ.

මේ පිලිබදව එවකට බන්දනාගාර කොමසාරිස් ජෙනරාල් මේජර් ජනරාල් වජිර විජය ගුනවර්දන මහතා විශේස පරීක්ෂණයක් ආරම්බ කර තිබු බවද වාර්තා විය. ගාල්ල බන්දනාගාර අදිකාරී ගාමිණී ජයසිංහ මහතාගෙන් පරීක්ෂණ වාර්තාවක්ද කැදවිනි.

ගාල්ල බන්දනාගාර අදිකරිවරයාට අනුව මෙවැනි සිද්දියකට බලපෑ ප්‍රදාන හේතුව නිලදාරී හිගයයි. අවශ්‍ය නිලදාරී ගණන 241 කි. නමුත් සිටින්නේ නිලදාරී 116 ක් පමණි. එයින් 45 කම වයස අවුරුදු 50 ට වැඩි අයයි.

මෙම බන්දනාගාරයේ නමගිය අපරාදකරුවන් ඇතුළු සැකකරුවන් 600ක්ද සිරකරුවන් 275ක්ද සිටින බව ගාල්ල බන්දනාගාර අදිකාරී ජයසිංහ මහතා එවකට පුවත් පත් වලට ප්‍රකාශ කර තිබිණි.

මෙසේ වෙඩි තැබීම නිසා මියගිය සිරකරුවන් අතරින් එක් අයෙකු බන්දනාගාරයේ සිට මීටර් පන්සියක් පමණ දුරින් හැවුලොක් පාරේද තවත් අයකු මිනුවන්ගොඩ හන්දිය අසලද තවත් අයකු චීන කොරටුව මැද පාරේද මැරී වැටී සිටි බවට තොරතුරු අනාවරණය විය.

ගාල්ල මහේස්ත්‍රාත් මළ සිරුරු පරික්ෂා කිරීමෙන් අනතුරුව ඒවා ගාල්ල කරාපිටිය රෝහලට පශ්තාත් මරණ පරීක්ෂණ කටයුතු සදහා රැගෙන යාමට සිදුවිය. පුවත්පත් ගාල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වන බව වාර්තා කරන ලදී.

මෙම පරීක්ෂණ වලට කුමක් සිදුවිනිද? මෙම සිද්දිය ගැන පුවත් පත් උණුසුම පැවති කල වාර්තා කලද පසුව කිසිවක් සදහන් නොකිරිණි. සියල්ල අමතක විය. බන්දනාගාර කොමසාරිස් ජෙනරාල් ආරම්බ කල පරීක්ෂණයට කුමක් සිදුවිනිද? එහි තොරතුරු ජනතාවට හෙළිදරවු නොකරන්නේ මන්ද?

Advertisements