thumb150_PT_6_2

මේ අංක 405/2007 දරන මුලික අයිතිවාසිකම් නඩුවයි. අදිකරණයෙන් පිටතදී වගයුත්තරකරු පෙත්සම්කරුට රුපියල් ලක්ෂයක් ගෙවා ඔහුට පැමිණිල්ල ඉවත් කර ගැනීමට බල කෙරිණි. අදිකරණය මෙම සමතය පිළිගත් අතර නඩුව ඉවත් කර ගනු ලැබිණි. වගයුත්තරකරුවන්ට එරෙහිව අපරාද චෝදනා හෝ විනය ක්‍රියාමාර්ග ගත්තේද නැත.

පෙත්සම්කරු එම් අයි එෆ් අමින්ය. දකුණු කළුතර පදිංචිකරුවෙකි. වගයුත්තරකරුවන් වුයේ කළුතර දකුණු පොලිසියේ උදයංග ඇතුළු නිලදාරීන් පොලිස්පති සහ නිතිපතිවරයාය.

පෙත්සම්කරු සංචාරක මගපෙන්වන්නෙකි. වයස අවුරුදු 27 කි. 2007 ඔක්තෝම්බර් 14 වැනි දින කළුතර දකුණු පොලිසිය ඔහුව අත්අඩංගුවට ගත්තේය. ඔහු එදින ග්‍රේෂන් නැමැත්තෙකු සමග කළුතර නගරයට ගියේ ග්‍රේෂන් නැමැත්තාට අයත් රත්තරන් මාලයක් උගස් කිරීමටය. ඔවුන්ව පොලිසිය නැවැත්වූ විට අමින් සිතුවේ හෙල්මට් නැති නිසා නැවැත්වූ බවයි. පොලිසිය ග්රෙශ්න්ගේ සන්තකයේ තිබු චෙන් පොට සොයා ගන්නා ලදී. ඔවුන්ව ප්‍රශ්න කිරීමෙන් අනතුරුව කළුතර දකුණ පොලිසියට ගෙන එන ලදී.

දෙදෙනාවම කුඩුවට දැමිණි. පසුව අමින්ව එලියට ගෙන කාමරයකට ගෙන ගොස් ඇදුම් ගලවන්නට කිය. ඔහු ටි ෂට් එක සහ වෙස්ට් එක ගැලවූ විට නිලදාරියකු ඔහුගේ බෙල්ලෙන් අල්ලා නවා පොල්ලකින් පහර දෙන ලදී. රාත්‍රියේදී සිවිල් ඇදුමින් සැරසුණු පොලිස් නිලදාරීන් නැවතත් අමින්ව කුඩුවෙන් එලියට ගෙන නානකමරයක් වැනි එකකට ගෙන ගොස් සම්පුර්ණයෙන්ම නිරුවත් කර ඔහුගේම මේස් බැනියමින්ම මුහුණ ආවරණය කර හෝස් එකකින් මුහුණට වතුර එල්ල කරන ලදී. ඔහුට හුස්ම ගැනීමට අපහසුවී සිහි නැති විය. ඔහුට සිහිය ආවිට නැවත එම කෘර ක්‍රියාදාමයම අනුගමනය කෙරිණි. මෙම වෝටර් බෝඩින් වදහිංසාව ඉන් පසුවද කිහිප අවස්ථාවකදී අමින් සම්බන්දයෙන් අනුගමනය කරන ලදී. ඔහුගේ මුහුණ පෙට්‍රල් දැමු බැග් එකකින්ද ආවරණය කරන ලදී. ඔහුට පයින් ගැසූ අතර පොලු වලින්ද පහර දෙනු ලැබිණි. ඔහුව මේසයකට ගැට ගැසූ අතර ඇස වලට පෙට්‍රල් ස්ප්‍රේ කරන ලදී.

ඔහුව අංක 6380/2007 දරන නඩුව යටතේ කළුතර මහේස්ත්‍රාත්වරයා හමුවට පැමිනවුයේ හොර බඩු ලග තබා ගැනීමේ චෝදනාව මතය. නමුත් කිසිවක් ඔහු සන්තකයේ තිබී සොයා ගත්තේ නැත. ඔහුට ඇප ලැබිණි. 2007.10.16 දින ඔහු මානව හිමිකම් කොමිසමට පැමිණිලි කල අතර එම පැමිණිල්ල විබාග වන අවස්ථාවේ ඔහුට සහ ඔහුගේ පවුලේ අයට වගයුත්තරකරුවන් ගෙන් එල්ල වන දැඩි බලපෑම් සම්බන්දයෙන්ද නැවත වරක් කොමිසමට පැමිණිලි කරන ලදී.

ඔහුට වදහිංසා පැමිණවීම නිසා කළුබෝවිල ශික්ෂණ රෝහලේ දින 03 ක් නේවාසිකව ප්‍රතිකාර ගැනීමට සිදුවිය.

මෙම නඩුව විනිසුරු අමරතුංග, ශ්‍රීපවන් සහ ඒකනායක යන ත්‍රිපුද්ගල ශේෂ්ට්‍රදිකරන විනිසුරු මඩුල්ලක් හමුවේ විබාග විය. පෙත්සම්කරු වෙනුවෙන් නීතිඥ දිලිනි හෙන්නනයකද වගයුත්තරකරුවන් වෙනුවෙන් නීතිඥ කේ අසිස් ජෙෂ්ට රජයේ නීතිඥ එල් කරුණානයකද පෙනී සිටින ලදී.

http://www.janasansadaya.org/page.php?id=402&lang=en

thumb150_ameenthumb150_DSCN0417b_1thumb150_DSCN0419d_1thumb150_A_2thumb150_B_2thumb150_C_1

Advertisements