thumb150_PT_4

මේ අංක 186/86 දරන මුලික අයිතිවාසිකම් නඩුවයි. අගවිනිසුරු ශර්වානන්ද, අතුකෝරාල සහ එල් එච් ඩි අල්විස් යන ත්‍රිපුද්ගල ශේෂ්ට්‍රදිකරන විනිසුරු මඩුල්ලක් හමුවේ විබාග විය. පෙත්සම්කරු අමල් සුදත් සිල්වාය. වගෞත්තරකරු පොලිස් පරීක්ෂක කොඩිතුවක්කු සහ තවත් අය වේ. ආණ්ඩු ක්‍රම විවස්ථාවේ 11 වන වගන්තිය එනම් වදහින්සාවට කෘර අමානුෂික හෝ පහත් කොට සැලකීමට ලක් නොවී සිටීමේ අයිතිය සාකච්චා කෙරිණි. පොලිසිය රජයේ කොටසකි. එමනිසා මෙම අයිතිය උල්ලංගනයවීම සම්බන්දයෙන් රජය වන්දි ගෙවීමට බැදී සිටි.

මෙහිදී බණ්ඩාරගම වයිද්‍ය නිලදාරී වාර්තා වැඩකට නැති එකක් බව පවසමින් අදිකරණය එය පිළිගැනීම ප්‍රතික්ෂේප කරන ලදී. එම නිලදාරියා පෙත්සම්කරු සම්බන්දයෙන් සුවාදින පරීක්ෂාවක් කර නැතිබව ඔප්පු විය. පොලිසිය තෙවන පන්තියේ ක්‍රමවේද බාවිතා කරමින් පෙත්සම්කරුව වදහින්සාවට පාත්‍ර කර ඇති අතර ඒවා ම්ලේච්ච තිරිසන් සහ අමානුෂික වේ.

මෙම ශේෂ්ට්‍රදිකරන නඩු විබාගයේදී පෙත්සම්කරු වෙනුවෙන් ජනාදිපති නීතිඥ එච් එල් ඩි සිල්වා, නීතිඥ ඇන්ටන් ප්‍රනාන්දු සි ජේ ප්‍රනාන්දු සහ එල් එන ඒ ද සිල්වා මහත්මිය පෙනී සිටි අතර 1 සිට 4 වන වගයුත්තරකරුවන් වෙනුවෙන් නීතිඥ ඩි දර්මදාස මහත්මිය සමග ඩි එස් විජේසින්හද 5 වන සහ 6 වන වගයුත්තරකරුවන් වෙනුවෙන් රජයේ ජෙෂ්ට නීතිඥ ඩි පි කුමරසින්හද පෙනී සිටින ලදී.

පෙත්සම්කරුට වදහිංසා පැමිණවූ වගයුත්තරකාර පොලිස් නිලදාරීන් පානදුර පොලිසියට අනුයුක්තව සිටින ලදී. පෙත්සම්කරු කියන ආකාරයට 1986.10.09 දින ඔහුව අත්අඩංගුවට ගැනිණි. ඒ මෝටර් වාහන කිහිපයක පැති කන්නාඩි සොරකම් කිරීමක් සම්බන්දයෙනි. ඔහුව රාත්‍රී 05 ක් මහේස්ත්රත්වරයෙකුට ඉදිරිපත් නොකර පානදුර පොලිස් ස්ථානයේ රදවා ගෙන සිටින ලදී.

ඔහුට බැටන් පොලු වලින් පහර දෙන ලදී. ඊට අමතරව අත්දෙක ලණුවකින් ගැට ගසා බාල්කයක එල්ලා තැබුවේය. ඔහුට දැරිය නොහැකි වේදනාවක් වුයේ පුරුෂ ලිංගය ලච්චුවකට ඇතුල්කර එය වසා දැමීමයි. ඒ නිසා පුරුෂ ලිංගය තැලිමකට ලක් විය. ඔහු බිමට වතුර ඉල්ලුවිට මිරිස්කුඩු මිශ්‍ර ජලය දෙන ලදී. ඒවා බිමටද බල කෙරිණි. මේ සියල්ල කලේ වගයුත්තරකාර පොලිස් නිලදාරීන් 04 දෙනා විසිනි.

මෙම ක්‍රියාව විදායක හෝ පරිපාලන එකක් බව ඔප්පු විය. ඒ අනුව පෙත්සම්කරුට වන්දි පිරිනැමීමට රජය බැදී සිටි. පොලිස් වගයුත්තරකරුවන් කියා සිටි ආකාරයට පොලිසිය ඔහුව අත්අඩංගුවට ගත්තේ 1986.10.13 දිනය. ඒ බස් නැවතුම් පොලෙදිය. ඒ අවස්ථාවේත් පොලිසියට රැගෙන ආවිටත් පෙත්සම්කරු පලායාමට උත්සහ කල නිසා අවම බලය යෙදීමට සිදුවූ බව කි වගයුත්තරකරුවන් ඔහුට වදහිංසා පැමිණවීම ප්‍රතික්ෂේප කළහ.

පෙත්සමක්රුට වදහිංසා පැමිණවීම ඔප්පු වුයේ බන්දනාගාර වයිද්යවරයාගේ සහ කොලබ සහකාර අදිකරණ වයිද්‍ය නිලදාරී වාර්තා මගිනි. මෙහිදී පෙත්සම්කරුට වන්දි ලෙස රුපියල් 10,000 ක්ද නඩු ගාස්තු ලෙස රුපියල් 1000 ක්ද රජය ගෙවිය යුතු බවට නියෝග කෙරිණි. මෙම තීන්දුව ලීවේ අතුකෝරාල විනිසුරුය. එයට ශර්වානන්ද අගවිනිසුරුගේ සහ අල්විස් විනිසුරුගේ එකගතාවය හිමි විය.

http://www.janasansadaya.org/page.php?id=427&lang=en

Advertisements