ජනතා අදිකරණය (31) ;- සිපිරිගෙයි සිට නඩු කි තවරාසාගේ නඩුව.

handcuff_slg

මේ ශේෂ්ට්‍රදිකරණයේ විබාග වූ අංක 09/2002 දරන මුලික අයිතිවාසිකම් නඩුවයි. පෙත්සම්කරු මානික්කම් තෙවරාසාය. ඔහු නඩුව පවරන විට සිටියේ කළුතර රක්ෂිත බන්දනගාරයේය. වගයුත්තරකරුවන් වුයේ විශේස කාර්ය බලකායේ, පොලිසියේ නිලදාරීන් කළුතර බන්දනාගාර අදිකාරී සහ නිතිපතිවරයාය. මෙම නඩුව අගවිනිසුරු සරත් එන් සිල්වා ශිරාණි බණ්ඩාරනායක සහ යාපා යන ත්‍රිපුද්ගල ශේෂ්ට්‍රදිකරන විනිසුරු මඩුල්ලක් හමුවේ විබාග විය. තීන්දුව දුන්නේ 2002. 09. 16 වැනි දිනය.

මෙම නඩුව පවරන විට පෙත්සම්කරු 48 හැවිරිදි කම්කරුවෙකි. ඔහුව අත්අඩංගුවට ගත්තේ හේතුව නොදන්වාය. අත්අඩංගුවේදී වදහින්සාවට පාත්‍ර කරනු ලැබිණි. ශේෂ්ට්‍රදිකරණය ඔහුගේ ආණ්ඩු ක්‍රම විවස්ථාවේ සදහන් 11 සහ 13(2) යන වගන්ති වලින් ස්ථාපිත කර ඇති මුලික අයිතිවාසිකම් උල්ලංගනය වී ඇති බව තීරණය කරන ලදී.

2001.02.07 දින පෙත්සම්කරුව නිවසේ සිටියදී අත්අඩංගුවට ගනු ලැබිණි. ඉන්පසුව රදවා ගෙන සිටියදී අත් වලට මාංචු දමා ලි පොලු වලින් පහර දුන් අතර සිගරට් කොට වලින් පිච්චුවේය. පෙත්සම්කරුව දෙවරක් මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කලද ඔහු පළමු අවස්ථාවේ තමාට වදහිංසා පැමිණවූ බව ප්‍රකාශ නොකලද දෙවන අවස්ථාවේ ඒ බව ප්‍රකාශ කරන ලදී. මෙසේ වදහින්සාවට පාත්‍ර වුයේ අම්පාරේ ත්‍රස්තවාදය වැළැක්වීමේ එකකයෙදිය. මහේස්ත්‍රාත් නියෝගයෙන් 2001.08.07 දින ඔහුව කොලබ අදිකරණ වයිද්‍ය නිලදාරීන් විසින් පරික්ෂා කරන ලදී.

වගයුත්තරකරුවන් අදිකරණයේදී ප්‍රකාශ කලේ පෙත්සම්කරුව අත්අඩංගුවට ගත්තේ ත්‍රස්තවාදී ක්‍රියා වලට සම්බන්ද බැවින් බවත් ඔහුව පරික්ෂා කිරීමේදී ඔහු ලග තිබී ජංගම දුරකතනයක් සොයා ගත් බවත් එය එල් ටි ටි ඉ නායකයෙකුට අයත් එකක් බවත්ය.

පෙත්සම්කරුව පොලිසියේ රදවා ගෙන සිටිය හැකි උපරිම කාල සීමාව දින 90 කි. වදහිංසාව පැමිණවීම සම්බන්දයෙන් එක් පොලිස් වගයුත්තරකරුවෙකු කියා සිටියේ පෙත්සම්කරු අත්අඩංගුවෙන් නිදහස්වීමට තමාට තමා විසින්ම වදහිංසා පමුණුවා ගත් බවයි. නමුත් වගයුත්තරකරුට මේ තත්වය ඔප්පු කර පෙන්වීමට පැහැදිලි සාක්ෂි තිබුනේ නැත.

අදිකරණ වයිද්‍ය වාර්තාවෙන් සහ ජාතික රෝහලේ විශේෂඥ වයිද්‍යවරයෙකුට ඔහුව ඉදිරිපත් කිරීමෙන් පසුව ඔහු විසින් නිකුත් කල වයිද්‍ය වාර්තාවෙන් ඔහුට වදහිංසා පමුණුවා ඇති බව ඔප්පු විය.

ශේෂ්ට්‍රදිකරණය පෙත්සම්කරුට පක්ෂව තීන්දුව ලබා දෙන ලදී. රජය වන්දි ලෙස රුපියල් 15000 ක්ද ගාස්තු ලෙස රුපියල් 5000 ක්ද පෙත්සම්කරුට ගෙවීමට නියම කෙරිණි. දෙවන වගයුත්තරකරු විසින් පෙත්සම්කරුට වන්දි ලෙස රුපියල් 5000 ක්ද ගෙවිය යුතුය. මෙම මුළු වන්දිය එනම් රුපියල් 20000 සහ නඩු ගාස්තු රුපියල් 5000 තීන්දුව දුන් අද දිනයේ සිට මාස 03 ක් ඇතුලත ගෙවිය යුතු විය.

මෙම තීන්දුව ලීවේ ශිරාණි ඒ බණ්ඩාරනායක විනිසුරුවරිය වන අතර එයට අගවිනිසුරු සරත් නන්ද සිල්වා සහ යාපා විනිසුරුවරයා එකගතාවය පල කරන ලදී.

http://www.janasansadaya.org/page.php?id=223&lang=en

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )