ජනතා අදිකරණය (30) ; 13 හැවිරිදි ශශිකගේ (“මේ මාමා මට ගැහුවා”) නඩුව.

Untitled

මේ ශේෂ්ට්‍රදිකරණයේ විබාග වූ අංක 462/2001 දරන මුලික අයිතිවාසිකම් නඩුවයි. පෙත්සම්කරු 13 හැවිරිදි හරින්ද්‍ර ශෂික කුමාරය. ඔහු වෙනුවෙන් ඔහුගේ මව වන හිමාලි රුපිකා පෙනී සිටින ලදී. වගයුත්තරකරුවන් වුයේ පානදුර වලාන දුෂණ මර්දන ඒකකයේ පොලිස් නිලදාරීන් පොලිස්පති සහ නිතිපතිය. ප්‍රනාන්දු විනිසුරු, ගුණසේකර විනිසුරු සහ විග්නේශ්වරන් විනිසුරු යන ත්‍රිපුද්ගල ශේෂ්ට්‍රදිකරන විනිසුරු මඩුල්ලක් ඉදිරියේ නඩුව විබාග විය. පෙත්සම්කරු වෙනුවෙන් නීතිඥ කේ තිරානගමද 1, 13 සහ 14 වන වගයුත්තරකරුවන් වෙනුවෙන් රජයේ නීතිඥ රියාස් හම්සාද 3 සිට 12 වන වගයුත්තරකරුවන් වෙනුවෙන් නීතිඥ අබ්දුල් නජිම්ද පෙනී සිටින ලදී.

මෙහි තීරණය 2003 මාර්තු 17 දින ලබා දුන්නේය. පෙත්සම්කරු කියා සිටියේ තමාගේ 11 වන වගන්තියේ සදහන් මුලික අයිතිවාසිකම් උල්ලංගනය වූ බවයි. එනම් 2001.08.09 දින පානදුර වලාන දුෂණ මර්දන ඒකකයේ පොලිස් නිලදාරීන් විසින් කෘර පහත් කොට සැලකීමට පාත්‍ර කරනු ලැබිණි. ශශිකගේ පියාට නිවසට යාබදව කුඩා කඩයක් විය.

ඔහුගේ මව ඉදිරිපත් කල දුවුරුම් පෙත්සමට අනුව 2001.08.09 දින ඇය නාන්න ගෙදරින් පිටතට ගොස් පැමිණෙන විට ශෂික හඩමින් සිටිනු ඇසුණු නිසා ඉක්මනට කඩය ඇතුලට පැමිණෙන ලදී. ඇය ඇයි අඩන්නේයැයි ඇසුවිට ශෂික කිවේ “මේ මාමා මට ගැසූ බවයි”. නමුත් කඩයට පැමිණි සිටි නාදුනන කිහිපදෙනා (සිවිල් පිට) කිවේ කෘමියෙකු ළමයාට දෂ්ට කල බවයි. නමුත් ශශිකගේ ප්‍රකාශයෙන් පසු එහි සිටි එක් පුද්ගලයෙක් ඔහුගේ මවට කිවේ ලමයාව හරියට හදා ගන්නා ලෙසයි. ඔවුන් කඩයට පැමිණ ඇත්තේ කසිප්පු සොයා ගෙනය. ශෂික සිතුවේ කසිප්පු බොන්න කියාය. එනිසා ඔහු ඔවුන්ට කිවේ ඒවා මෙහි නැති බවත් අවශ්‍ය නම තමුන් විසින් සොයා ගන්නා ලෙසත්ය.

ශශිකගේ කම්මුල් ඉදිමි තිබු අතර කම්මුල් වල ඇගිලි සලකුණුද විය. පපු ප්‍රදේශයේ සිරිමක්ද තිබිණි. ශශිකව පියා විසින් බුලත්සිංහල පොලිසියට රැගෙන යන ලදී. පසුව බුලත්සිංහල රෝහලින් නේවාසිකව ප්‍රතිකාර ලැබූ අතර වයිද්‍ය වාර්තාවේ වයිද්‍ය නිලදාරී සටහන් කර තිබුනේ නාදුනන කණ්ඩායමකගේ පහරදිමක ප්‍රතිපලයක් ලෙසයි. ඔහු දින තුනක් නේවාසිකව ප්‍රතිකාර ලැබූ අතර සිද්දිය නිසා ඔහුට බයානක හින පෙන අතර කලුවරට බියක්ද දක්වයි.

නමුත් අදිකරණයේදී පොලිස් වගයුත්තරකරුවන් කිවේ ඔවුන්ට පොලිසිය බව දැනගෙන ශෂික සහ ඔහුගේ මිත්තනිය එක එක දේ කිවූ බවයි. නමුත් මේ තර්කය ශේෂ්ට්‍රදිකරණය විසින් බැහැර කල අතර හොදම ඔප්පු කිරීම වුයේ වයිද්යවරයාගේ සහතිකයි.

ශිෂිකගේ 11 වන වගන්තියේ සදහන් මුලික අයිතිවාසිකම් උල්ලංගනය වූ බව තීරණය කෙරිණි. වන්දි ලෙස රුපියල් 40,000 ක්ද නඩු ගාස්තුද 2003.05.31 ට පෙර පෙත්සම්කරුට ගෙවිය යුතු බව නියම විය. 3 වන වගයුත්තරකරු රුපියල් 25,000 ක්ද ඉතිරි වගයුත්තරකරුවන් 5 දෙනා රුපියල් 3000 බැගින් පුද්ගලිකවද ඔහුට ගෙවිය යුතු විය. නඩු තීන්දුව ලීවේ ප්‍රනාන්දු විනිසුරුවරයාය. ඔහුට ගුණසේකර විනිසුරුගේ සහ විග්නේශ්වරන් විනිසුරුගේ එකගතාවය හිමි වුනි.

http://www.janasansadaya.org/page.php?id=169&lang=en

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )