ජනතා අදිකරණය (28) ;- අවුරුදු 07 ක රිමාන්ඩ් සැකකාරියගේ නඩුව.

1407938411_8008043_hirunews_prison

මේ අංක 112/86 දරන මුලික අයිතිවාසිකම් නඩුවයි. පෙත්සම්කාරිය අනුරාධපුර අලුත් රිමාන්ඩ් සිරමැදිරියේ සැක අංක 586 දරන එන් පි ජි සිරියාවතිය. වගයුත්තරකරුවන් වුයේ නීතිපති සිවා පසුපති සහ බන්දනාගාර කොමසාරිස් සි ටි ජෑන්ස් ය. වනසුන්දර අතුකෝරාල සහ එච් ඒ ජි ද සිල්වා යන ශේෂ්ට්‍රදිකරන විනිසුරුවරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශේෂ්ට්‍රදිකරන විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම නඩුව විබාග විය. පෙත්සම්කාරිය වෙනුවෙන් ජනාදිපති නීතිඥ එච් එල් දී සිල්වා නීතිඥ ඇන්ටන් ප්‍රනාන්දු ලක්මාලි ද සිල්වා සහ චානක ද සිල්වා පෙනී සිටින ලදී. වගයුත්තරකරුවන් වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් හෙක්ටර් යාපා පෙනී සිටින ලදී. තීරණය ලබා දුන්නේ 1987 අප්‍රියෙල් 28 වැනිදාය.

අනුරාධපුර පොලිසිය විසින් පෙත්සම්කරියව මිනීමැරුම් චෝදනාවකට අත්අඩංගුවට ගනු ලැබිණි. අනුරාධපුර මහේස්ත්‍රාත් අදිකරණයේ විබාග වන නඩු අංක 91763 යටතේ 1979 දෙසැම්බර් 25 වැනි දින ඇයව රක්ෂිත බන්දනාගාර ගත කරන ලදී. අපරාද නඩු විදාන සංග්‍රහයේ 115 (2) කොටසට අනුව රක්ෂිත බන්දනාගාර ගත කල හැක්කේ දින 15 ක් පමණි.

නමුත් ඇය මේ වන විට වසර 07 ක් රක්ෂිත බන්දනාගාරයේ පසුවෙයි. ශේෂ්ට්‍රදිකරණය බන්දනාගාර කොමසාරිස්ට ඇයව නිදහස් කිරීම සදහා අනුරාධපුර මහේස්ත්‍රාත් හමුවට පමුණුවන්නැයි නියෝග කරනු ලැබිණි. මහේස්ත්රත්ටද ප්‍රමාදයකින් තොරව පුද්ගලික බැදුම්කරයක් මත පෙත්සම්කරියව නිදහස් කරන්නයි නියෝග කෙරිණි.

ඇගේ අයිතිවාසිකම් උල්ලංගනය කිරීම නිසා රජයට වන්දි වශයෙන් ඇයට රුපියල් 15,000 ක් ගෙවීමට නියෝග කෙරිණි. මෙම නියෝගයේ පිටපතක් අදිකරණ සේවා කොමිසමට යවන්නයි ශේෂ්ට්‍රදිකරණයේ රෙජිස්ටර්ට නියෝග කරනු ලැබිණි.

http://www.janasansadaya.org/uploads/files/SC%20FR%20%20112-86.pdf

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )