ජනතා අදිකරණය (27) ;- 16 හැවිරිදි නිපුන්ගේ නඩුව.

children_playing

මේ අංක 158/2009 දරන මුලික අයිතිවාසිකම් නඩුවයි. පෙත්සම්කරුවන් දෙදෙනෙකි. එනම් බලපිටියේ පදිංචි ඉන්ද්‍ර ද සිල්වා සහ නිපුන් සංගීත් කුමුදුප්රියයි. ඔවුන් මව සහ පුතාය. ඔවුන් වෙනුවෙන් මෙම මුලික අයිතිවාසිකම් නඩුවේදී පෙනී සිටියේ නීතිඥ ශාමෙන් ගුණරත්නය. වගයුත්තරකරුවන් වුයේ බලපිටිය රේවත ජාතික පාසලේ උපාලි දොඩන්ගොඩ, චිත්රල් ජයසේකර, විදුහල්පති දකුණු පළාත් අද්යාපන අද්‍යක්ෂ අහුන්ගල්ල පොලිසියේ ස්ථානදිපති සහ නිතිපතිය. ඔවුන් වෙනුවෙන් ජනාදිපති නීතිඥ මනොහරද සිල්වා, සහ ජෙෂ්ට රජයේ නීතිඥ එස් විජේසිංහ පෙනී සිටින ලදී. නිපුන් මෙම පාසලේ 11 වන ශ්‍රේණියේ ඉගෙනුම ලැබිය.

දිනය 2009 ජනවාරි 30 වැනිදාය. පාසලේ අවසන් කාල පරිච්චේදයයි. කළා විෂය බාර ගුරුවරයා පැමිණ සිටියේ නැත. නිපුන් ඇතුළු සිසුන් 05, 06 දෙනෙකු පන්තියේ රැදී සිටිමින් කතා බහ කරමින් සිටියහ. සිසුන් 20 ක් පමණ පන්ති කාමරයට දුවගෙන ආ අතර පළමු වගයුත්තරකරු ඔවුන් ලුහුබැද පැමිණෙන ලදී. කවුද හු කිවේ යයි අසමින් ඔහු නිපුන්ව අල්ලා ගෙන කම්මුල් පහරවල් ගසමින් බඩ මිරිකන ලදී. නිපුන්ට දැඩි වේදනාවක් දැනිණි.

උදරයේ වේදනාව වැඩි වූ බැවින් නිපුන් 2009 පෙබරවාරි 2 වැනිදා බලපිටිය මුලික රෝහලට ඇතුලත් කරනු ලැබිණි. ඔහු එහි දින 04 ක් ප්‍රතිකාර ගන්නා ලදී. ඔහු 6 වැනිදා නිදහස් කලද නැවතත් 08 වැනිදා රෝහලට ඇතුලත් කර 10 වැනිදා දක්වා ප්‍රතිකාර ගනු ලැබිණි. ඔහුව අදිකරණ වයිද්‍ය නිලදාරී පරික්ෂා කලද මවට අදිකරණ වයිද්‍ය වාර්තාවේ පිටපතක් නිකුත් කිරීම ප්‍රතික්ෂේප කරන ලදී. රෝහල් පොලිසිය නිපුන්ගේ ප්‍රකාශයක් ලබා ගන්නා ලදී.

ළමුන් හු කිවේ දෙවන වගයුත්තරකරු සහ එම පාසලේ තවත් කාන්තා ගුරුවරියක් අවිනීත ලෙස හැසිරෙනු දැකීම නිසාය. නමුත් මේ හු කීමේ සිද්දියට නිපුන්ගේ කිසිදු සම්බන්දයක් නොමැති අතර ඔහු අහිංසකය. දෙවන වගයුත්තරකරු සෙසු ළමුන්ට තර්ජනය කරමින් බිය වැද්දුවේ මේ සිද්දිය සම්බන්දයෙන් කිසිදු සාක්ෂියක් නොදෙන ලෙස පවසමිනි.

සිද්දිය ගැන පරීක්ෂණ පැවැත්වූ අහුන්ගල්ල පොලිසියද නිපුන්ව සහ ඔහුගේ මව අපහාසයට ලක් කල අතර 2009 පෙබරවාරි 22 මෙම කරුණ සමත මණ්ඩලය ඉදිරියට කදවු විට පෙත්සම්කරුවන් සමතයකට එලබීම ප්‍රතික්ෂේප කළහ.

පළමු වගයුත්තරකරු උපාලි දොඩන්ගොඩ වුර්තියෙන් ගුරුවරයෙකි. නීති විද්‍යාලයට ඇතුලත්ව නීතිඥයකු වීමට සියලු සුදුසුකම් ලැබූ අතර නීතිඥයකු ලෙස කටයුතු කිරීමට ශේෂ්ට්‍රදිකරනයේ දිවුරුම් දීමට නියමිතව සිටියේය. ශ්‍රී ලංකාවේ යුක්තිය පසිදලීමේ ක්‍රියාදාමයට අනුව අපරාද වරදකට වරදකරුවකු වන කිසිම පුද්ගලයෙකු නීතිඥයකු ලෙස කටයුතු කිරීමට සුදුසුකම් නොබලයි. මේ අනුව ශ්‍රී ලංකාවේ යුක්තිය පසිදලීමේ ක්‍රියාදාමය කටයුතු කරන්නේ කෙසේද යන්න පිලිබදව අප විමසිලිමත් වියයුතුව ඇත.

මේ පිලිබදව බලපිටිය මහේස්ත්‍රාත් අදිකරනයේද අංක 16161 යටතේ නඩුවක් පවරා තිබේ. මෙම මුලික අයිතිවාසිකම් නඩුව විබාග වුයේ අගවිනිසුරු සරත් නන්ද සිල්වා, අමරතුංග සහ ශ්‍රීපවන් යන ත්‍රිපුද්ගල ශේෂ්ට්‍රදිකරන විනිසුරු මඩුල්ලක් ඉදිරියේය. දෙවන පෙත්සම්කරු වූ නිපුන්ගේ ප්‍රකාශයට සහය පල කරන සාක්ෂි නොමැති බැවින් නඩුවේ සියලු කටයුතු අවසන් කරනු ලැබිණි.

http://www.janasansadaya.org/page.php?id=409&lang=en

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )