DSC_0426

ඔහු අජිත් ප්‍රියන්තය. වයස අවුරුදු 39 කි. දිවර කම්කරු සහ සත්ව පාලනය යන කටයුතු වල නිරත වේ. විජේගම බුස්ස ගාල්ලේ පදිංචිව සිටි. විවාහක දෙදරු පියෙකි. ගාල්ල බන්දනාගාරයේ 2013 සිට අවුරුදු 2 1/2 ක් සිට ඇත. ඔහු පවසන ආකාරයට බන්දනාගාර නිලදාරීන් රැදවියන්ට පොලු වලින් සහ හෝස් බට වලින් රැදවියන්ට පහර දෙති. සමහර වෙලාවල් වල එක රදවියෙකුට නිලදාරීන් 05, 06 දෙනා එකතුවී පහර දෙති. ඇතුලට කුඩු ගෙන්නේද මහත්වරුය. නිදා ගැනීම ඉතා අපහසුයි. එක කාමරයක රැදවියන් 06 ත් 08 ත් අතර සංක්‍යාවක් සිටිති. නාන්න විදියක් නැහැ වතුර නැහැ කෑම සවුත්තුයි. බත් අමුයි උදේට දෙන මාළු හොද්දෙන් මුණ සේදිය හැකියි. බෙහෙත් අතින් සල්ලි වියදම් කර ගෙන්න ගත යුතුයි. පුස්තකාලයක් තිබුනා. රදවියෝ පොත් කියවනවා දැක්කා. මහත්වරු සෑම පැත්තෙන්ම සල්ලි ගනී. ඔහු සිටින විට කාමරයක සිටි රදවියකුට එහි කුඩු ඇති බවට නිලදාරීන් විසින් පහර දී තිබේ. පසුව ඔහුට පපුව අමාරුව හැදී කරාපිටිය රෝහලට ගෙන ගිය විට මියගොස් ඇත. මේ සිරකරුවොද මනුෂ්යෝය යනුවෙන් බෝඩ් ගසා ඇති බන්දනාගාරයේ තත්වය වේ.

Advertisements