ජනතා අදිකරණය (26) ;- ලතිෆ් (මහේස්ත්‍රාත්වරයකු නොමග යැවු ) නඩුව.

The-problem

මේ අංක 244/2002 දරන මුලික අයිතිවාසිකම් නඩුවයි. පෙත්සම්කරු නිමි ඇදුම් නිෂ්පාදන සමාගමක සබාපති වන අබ්දුල් ලතිෆ්ය. වගයුත්තරකරුවන් වුයේ නුවරඑලිය නියෝජ්‍ය පොලිස්පති සහ තවත් අයයි. ඔහුගේ 1978 ආණ්ඩු ක්‍රම විවස්ථාවේ සදහන් 13(1) සහ 13(2) වගන්ති වල සදහන් මුලික අයිතිවාසිකම් උල්ලන්ගනය වූබව ශේෂ්ට්‍රදිකරණය තීරණය කරන ලදී. පෙත්සම්කරු වෙනුවෙන් නීතිඥ චන්දන ප්රෙමතිලක ද 2 වන සහ 6 වන වගයුත්තරකරුවන් වෙනුවෙන් රජයේ නීතිඥ කේ එස් පි රණසිංහ ද පෙනී සිටින ලදී.

පෙත්සම්කරු ස්මාට් ෆැෂන් පුද්ගලික සමාගමේ සබපතිවරයාය. එහි සේවක ප්‍රශ්නයක් උද්ගත විය. පෙත්සම්කරු නානුඔය පොලිසියේ පිහිට පැතුවද වැඩක් නොවුනි. ඔහුගේ ප්‍රකාශයක් සටහන් කර ගැනීම පවා ප්‍රතික්ෂේප කෙරිණි. ඉන්පසුව ඔහු සිද්දිය ගැන අගමැතිවරයා දැනුවත් කළේය. එම සමාගමේ ඇතිවූ කලබලකාරී වාතාවරණය පිටුපස ප්‍රබල දේශපාලඥයකු සිටින බවද පෙත්සම්කරු පැමිණිලි කළේය.

ඔහු මේ පිලිබදව දිසා අදිකරණයේ අතරු තහනම් නියෝගයක් ලබා ගත් අතර පසුව 2002.04.03 දින නුවරඑලිය හෝටලයකට ගියවිට එම ආයතනයේ වැඩ කරන සේවකයින් කිහිපදෙනෙකු පැමිණ ඔහුට තර්ජනය කරන ලදී. ඔහු ඒ බව දුරකතනයෙන් 4 වන වගයුත්තරකරුට දැන්වූ අතර නුවරඑලිය පොලිසියේ නිලදාරීන් තිදෙනෙකු පැමිණ කිවේ ඔහුට නුවරඑලිය පොලිසියට වාර්තා කරන ලෙස 4 වන වගයුත්තරකරු පැවසූ බවයි. ඔහු එදිනම සවස 2 ට පමණ එහි ගියේය. එවිට වංචාවක් පිළිබද පැමිණිල්ලක් ඇති බව කියමින් ඔහුව අත්අඩංගුවට ගැනිණි.

ඔහු 4 වන වගයුත්තරකරුට පැහැදිලි කලේ තමන් බයද්වේයර් ඉන්ටර් ෆැෂන් පුද්ගලික සමාගම සමග සියලු ගනුදෙනු සමතයකට පත්කර ගෙන ඇති බවයි. නමුත් 4 වන වගයුත්තරකරු එයට ඇහුම්කන් නොදුන් අතර හැසිරුනේ ප්‍රබල දේශපාලඥයාගේ අවශ්‍යතාවටය. පෙත්සම්කරු උද්ගතවූ තත්වය තම නීතිඥවරයාට සහ බයද්වේයර් ඉන්ටර් ෆැෂන් පුද්ගලික සමාගමට දැන්විය. ඒ අනුව නීතිඥ රාජපක්ෂ සහ අදාල ආයතනයේ නිලදාරීන් තිදෙනෙකු පොලිස් ස්ථානයට පැමිණ කරුණු පැහැදිලි කර දෙන ලදී.

නමුත් 4 වන වගයුත්තරකරු කිසිවකට සවන්නොදී එදින රාත්‍රී 8 ට පමණ පෙත්සම්කරුව මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කර 2002.04.04 දින දක්වා රක්ෂිත බන්දනාගාර ගත කරන ලදී.

මෙම නඩුවේදී චන්න පිරිස් එරෙහි නීතිපති නඩුවේදී අමරසිංහ විනිසුරුගේ ප්‍රකාශයක් උපුටා දක්වමින් අත්අඩංගුවට ගැනීමට සාදාරන සැකයක් පැවතිය යුතු බව ප්‍රකාශ කෙරිණි. තවද 4 වන වගයුත්තරකරු මෙහෙස්ත්රත්වරයාව නොමගයවූ බවද තීරණය විය.

තවද 3 වන සහ 4 වන වගයුත්තරකරුවන් පෙත්සම්කරුගේ 13(1) සහ 13(2) වගන්තිවල සදහන් මුලික අයිතිවාසිකම් උල්ලංගනය කිරීම සම්බන්දයෙන් වන්දි ගෙවීමට නියම විය. 3 වන සහ 4 වන වගයුත්තරකරුවන් පුද්ගලිකව රුපියල් 25,000 සහ රුපියල් 40,000 බැගින්ද රජය ගාස්තු වශයෙන් රුපියල් 20,000 ක්ද පෙත්සම්කරුට 31.03.2004 දින හෝ ඊට පෙර ගෙවිය යුතු වූ අතර ජාතික පොලිස් කොමිසමට මෙසේ නියෝග කෙරිණි. ඒ මහේස්ත්‍රාත් නොමග යැවීම ගැන පොලිස්පති සමග සාකච්චා කර 4 වන වගයුත්තරකරුට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙසයි.

http://www.janasansadaya.org/page.php?id=448&lang=en

One thought on “ජනතා අදිකරණය (26) ;- ලතිෆ් (මහේස්ත්‍රාත්වරයකු නොමග යැවු ) නඩුව.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )