DSC_0378
“එහෙදි නම් දසවද වින්දා. අත් දෙකට කකුල් වලට මාංචු දාලා තිබුණේ. නිදා ගත්තේ මේසයක් උඩ. ඒ කාලේදී නම් ජීවිතයත් එපා වුනා. එක දවසක් හෙන්රි පෙරේරා කියලා පොලිස් බල්ලෙක් ඇවිත් මගේ කම්මුල දෙපැත්තට සිය පාරක් විතර ගහගෙන ගහගෙන ගියා. ඒ වගේ කරදර තමයි එහෙදි දිගටම වින්දේ ඔහු කිවේය.”

මේ අපරාද විමර්ශන දෙපාර්තමේන්තුවට විජිත රෝහණ විජේමුණි නම් නාවික සෙබලා බාර දීමෙන් පසුව සිදුවූ සිදුවීමකි. ඔහු එහි මාස තුනක් සිටියේය. මේ සියල්ල විස්තර වන්නේ 2012 ජුලි 30 මුද්‍රණය කල ඔහු විසින් ලිවූ මවුබිමට උත්තමාචාර පොතේය.

දිනය 1987 ජුලි 30 වැනිදාය. ඒ ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කිරීමෙන් අනතුරුව පිටව යාමේ අචාර පෙළපාලිය නිරීක්ෂණය කල ඉන්දීය අගමැති රජිවූ ගාන්දිට පහර දුන් අවස්ථාවයි. පහරදුන්නේ නාවික සෙබල විජිත රෝහණ විජේමුනිය. ඔහු මේ නිසා යුද්දදිකරන නඩුවේදී වරදකරු වූ අතර වැලිකඩ බන්දනාගාරයේ සිරගතව සිට ජනාදිපති ප්‍රේමදාසගේ විශේෂ සමාවක් යටතේ නිදහස ලැබිය.

ඔහුට රජිවූ ගාන්දිට පහරදීමට අවශ්‍ය විය. එයට බලපෑ කරුණු කිහිපයකි. ඒ වඩමාරච්චි සටන නැවැත්වීම, ඉන්දියාව ගුවනින් ලංකාවට පරිප්පු දැමීම ලංකාවේ උතුරු නැගෙනහිර ඉන්දියාවේ 26 වැනි ප්‍රාන්තය කර ගැනීමට දරන උත්සාහය යන සියල්ලට පලිගැනීමක් වශයෙනි.

මේ පොත කියවූ මා විජිත රෝහණ විජේමුණි මහතාගේ ක්‍රියාව සමග හෝ අදහස සමග එකග නොවෙමි. නමුත් ඉතිහාසය ග්‍රන්තාරුඩ කිරීම ගැන ඔහුට ස්තුතිවන්ත වෙමි. ඔහුට අනුව නම් ඔහු මෙම පහරදීම ගැන සතුටු වන්නේ ක්‍රියාව රාජ්‍යද්‍රෝහී වුවද දේශද්‍රෝහී නොවීම ගැනයි. නමුත් පාටක මා එය සලකන්නේ රාජ්‍යද්‍රෝහී මෙන්ම දේශද්‍රෝහිද ක්‍රියාවක් ලෙසයි.

වර්තමානයේ විජිත රෝහණ විජේමුණි මහතා ජෝතිෂවේදියකු ලෙස කටයුතු කරයි. ඔහුව නුගේගොඩ සුපර්මාකට් හි දෙවන මහලේ ඔහුගේම වියාපාරික ස්ථානයකදී හමුවිය හැකි අතරම එහිදී මෙම පොත මිලදී ගත හැක.

Advertisements