ජනතා අදිකරණය (25) ;- වදුරබ ප්‍රේමලාල්ගේ නඩුව.

thumb150_Premala_3A_2

පෙත්සම්කරු වදුරබ පදිංචි හේවා මාරඹගේ ප්‍රේමලාල්ය. වගයුත්තරකරුවන් වුයේ වදුරබ පොලිසියේ නිලදාරීන් පොලිස්පති සහ නිතිපතිය. මෙම නඩුව ශිරාණි තිලකවර්දන එන් ඊ දිසානායක සහ බාලපටබැදි යන ශේෂ්ටරදිකරන විනිසුරුවරුන් තිදෙනෙකුගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශේෂ්ට්‍රදිකරන විනිසුරු මඩුල්ලක් හමුවේ විබාග විය. පෙත්සම්කරු වෙනුවෙන් නීතිඥ ශාමෙන් ගුණරත්නද වගයුත්තරකරුවන් වෙනුවෙන් නීතිඥ ඩි අකුරුගොඩ සහ රජයේ නීතිඥ හර්ශිකාද සිල්වා පෙනී සිටින ලදී.

2006.11.29 දින පෙත්සම්කරුව මෙම නඩුව පවත්වා ගෙන යාමට ශේෂ්ට්‍රදිකරණයෙන් අවසර ලැබිණි. ඒ ආණ්ඩු ක්‍රම විවස්ථාවේ එන 11 වන වගන්තිය උල්ලංගනය කළේය යන චෝදනාව මතය. පෙත්සම්කරුව 2006.07.11දින අත්අඩංගුවට ගෙන ඇත්තේ වදුරබ සිය නිවසේ නිදා ගෙන සිටියදීය. ඔහුට අත්අඩංගුවට ගත් අවස්ථාවේදීත් පොලිස් ජීප් රිය තුලත් ගිනිසීරිය පොල්ලකින් එය කැඩෙන තුරු පහරදී ඇත. ඔහුට සිහිය නැතිවී ඇති අතර පොලිසිය විසින්ම කරාපිටිය රෝහලට රැගෙන ගොස් තිබේ.

මෙම සිද්දියට සම්බන්ද සියලු සාක්ෂි දිවුරුම් ප්‍රකාශ මගින්ද ශේෂ්ට්‍රදිකරණය ඉදිරියේ තහවරු වී ඇති බැවින් පළමු වගයුත්තරකරු වෙනුවෙන් නීතිපති පෙනී නොසිටින අතර ඔහු වෙනුවෙන් පුද්ගලික නීතිඥවරයකු ඉදිරිපත් වේ. තෙවන වගයුත්තරකරු ඍජුව පහරදීමට දායක නොවුවද ඔහු සිද්දිය යට ගැසීමට පෙත්සම්කරුට සල්ලි දීමට උත්සහ ගෙන තිබේ. නමුත් ඔහු පොලිස් ස්ථානයට පැමිණීමෙන් පසුව පෙත්සම්කරුට වයිද්‍ය ප්‍රතිකාර ලබාදී කරාපිටිය රෝහලට රැගෙන යන ලදී. ඒ අනුව පෙත්සම්කරුට පහරදීම සම්බන්දයෙන් ඔහුගේ ඍජු දායකත්වයක් සහයක් නොමැති බව සනාථ විය.

වගයුත්තරකාර පොලිස් නිලදාරීන් කිවේ පෙත්සම්කරුට තුවාල සිදුවුයේ අවම බලය පාවිච්චි කිරීමේදී සහ පැනයමේදී වැටීමේදී සහ ගල් බිත්තියක හැපීම නිසා බවයි. නමුත් මෙම පොලිස් පහරදීම දිවුරුම් ප්‍රකාශ වයිද්‍ය සහතික චායරුප මගින් ඔප්පු වූ අතර ඔහු කරාපිටිය රෝහලේ දින 18 ක් නේවාසිකව ප්‍රතිකාර ලැබිය. ඔහුව අත්අඩංගුවට ගැනීමෙන් පසුව ගිනිසීරිය පොල්ලකින් පමණක් නොව ලි පොල්ලකින් යකඩ කුරකින් සහ අත් වලින් පොලිස් නිලදාරීන් පැය ගණනාවක් තිස්සේ පහරදී ඇත.

පෙත්සම්කරුට අනුව මෙම පහරදීමට හේතුව වදුරබ පොලිසියට එරෙහිව කල පැමිණිල්ලකට පලිගැනීමක් වශයෙනි. ඔහු එම පැමිණිල්ල කලේ ගාල්ල කොටුවේ දකුණු පළාත් අපරාද විමර්ශන කාර්යාලයටය. ඒ ඔහුගේ බිරිදගේ මස්සිනා මියයාම සම්බන්දයෙනි. මෙම නඩුවේදී පෙත්සම්කරුට පෙර වැරදි ඇති බවටද කරුණු ඉදිරිපත් විය.

ශේෂ්ට්‍රදිකරණය පෙත්සම්කරුගේ 11 වන වගන්තිය මගින් ස්ථාපිත කර ඇති මුලික අයිතිවාසිකම් පළමු වගයුත්තරකරු විසින් උල්ලංගනය කල බව තීරණය කරන ලදී. 11 වන වගන්තියට අනුව කිසිම පුද්ගලයකු වදහින්සාවට කෘර අමානුෂික දඩුවමකට සහ අවමන් සහගත සැලකිල්ලකට ලක්කළ නොහැක. ශේෂ්ට්‍රදිකරණය මෙම සිද්දියට සම්බන්ද වගයුත්තරකරුවන් වදුරබ පොලිසියෙන් මාරු කල යුතු බවද තීරණය කල අතර පළමු වගයුත්තරකරු පෙත්සම්කරුට පුද්ගලිකව රුපියල් ලක්ෂයක් වන්දි වශයෙන් ගෙවිය යුතුයි තීරණය කරන ලදී.

thumb150_2_4thumb150_3_3thumb150_Premala5A_2

thumb150_Premalal_01A_1thumb150_Untitled-1_5http://www.janasansadaya.org/page.php?id=123&lang=en

Advertisements

One thought on “ජනතා අදිකරණය (25) ;- වදුරබ ප්‍රේමලාල්ගේ නඩුව.

Add yours

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි නොමිලේ වෙබ්අඩවියක් හෝ බ්ලොග් සටහනක් සාදාගන්න.

ඉහළ ↑

%d bloggers like this: