මහේස්ත්‍රාත්වරයකුගේ සිවිල් අදිකරණ බලය ?

73c1c-20130811_175306

ග්‍රේස් කුමාරි අනාථ ළමා නිවාස නඩුව මහේස්ත්‍රාත්වරයකු තම සිවිල් අදිකරණ බලය බාවිතයට ගන්නේ කෙසේද යන්න පිළිබද හොද උදාහරණයකි. මේ කිරානගමගේ සුදාර නිකලස් කාරියවසම් එරෙහි නීතිපති නඩුවයි. අංකය CA (PHC) APN 108/2013 වේ. අබියචනදිකරණයේදී තීරණය වූ අතර අනාත ළමා නිවාසයේ ළමුන් නඩුව ජයග්‍රහණය කරන ලදී.

මෙම කළුතර ග්‍රේස් කුමාරි ළමා නිවාසයේ ළමුන් එහි පාලක පුජකවරයා සමග ආරවුලක් ඇති කරගත් බවට පයාගල පොලිසිය කළුතර මහේස්ත්‍රාත් අදිකරණයේ නඩු පැවරුවේය. කළුතර මහේස්ත්‍රාත් පළමු දිනම ළමුන් අනාත නිවාසයෙන් ඉවත්විය යුතු බවට නියම කළේය. පොලිසියේ තර්කය වුයේ ළමුන් වයස අවුරුදු 18 ට වැඩි බවයි. ළමුන් කළුතර මහාදිකරණයට අබියාචනා කළහ. මහාදිකරන විනිසුරුද පෙනී සිටියේ මහේස්ත්‍රාත්වරයාගේ නියමය වෙනුවෙනි.

ළමුන් ඉන්පසුව අබියචනදිකරණයේ පිහිට පැතිය. මෙම ළමුන් අනාථය. ඔවුන් උපතේ සිට හො මතක ඇති දිනක සිට හැදී වැඩුනේ මෙම අනාත ළමා නිවාසයේය. අබියචනදිකරණය මහේස්ත්රත්වරයකුට යම් ස්ථානයකින් පුද්ගලයින් නෙරපීම පිළිබද සිවිල් තීන්දු දිය නොහැකි බව තීරණය කරන ලදී. මෙහිදී මහේස්ත්රත්වරයකුගේ සිවිල් අදිකරණ බලය පුළුල්ව සාකච්චා විය.

මහේස්ත්රත්වරයකුට සිවිල් අදිකරණ බලතල නැත්තේ නොවේ. එය සීමිතය. මේ පිලිබදව මහජනතාව දැනුවත්වීම අත්‍යවශ්‍ය වේ. මක්නිසාද නීතිය නොදැන සිටීම සමාවට කරුණක් නොවන බැවිනි. තවද උසාවි වල අදික වැඩ ප්‍රමාණය අඩු කර ගැනීමට බන්දනාගාර තදබදය වැළැක්වීමට ඇප පිළිබද සුදුසු වාතාවරණයකට සාදාරණ නඩු විබාගයක් ලංකාවේ ඇති කිරීමට මෙම නඩු තීන්දු පිළිබද දැනුම මහජනතාව වෙත යායුතුව තිබේ.

කළුතර ග්‍රේස් කුමාරි අනාත ළමා නිවාසයේ නඩුවේදී ළමුන් වෙනුවෙන් මෙහ්ස්ත්රත් අදිකරණය, මහදිකරණය සහ අබියචනදිකරණයේදී පෙනී සිටියේ ජෙෂ්ට නීතිඥ ජානක අමරසිංහ මහතාය. වගයුත්තරකරුවන් වෙනුවෙන් නීතිඥ අමිල පල්ලියගේද නීතිපති වෙනුවෙන් රජයේ ජෙෂ්ට නීතිඥ අනුප ද සිල්වාද පෙනී සිටින ලදී. මෙම අබියචනදිකරන නඩුව ඒ ඩබ්ලිවු ඒ සලාම් සහ මාලිනි ගුණරත්න යන අබියචනදිකරන විනිසුරුවරුන් ඉදිරියේ විබාග විය. නඩු තීන්දුව ලීවේ සලාම් විනිසුරුතුමාය.

One thought on “මහේස්ත්‍රාත්වරයකුගේ සිවිල් අදිකරණ බලය ?

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )