මානවඩු අයියා මලෝ ගාතනය කිරීම.

Untitled-1
මේ සිද්දිය මිට වසර 23 කට පමණ පෙර සිදුවුවකි. කුමාර ලාල් මානවඩු සහ කරුණාපාල මානවඩු ගාල්ල බුස්සේ පදිංචිව සිටි දෙසොහොයුරන්ය. දෙදෙනාම එවකට ජනතා විමුක්ති පෙරමුණේ පුර්නකලිනයන්ය. මිය යනවිට කුමාර ලාල්ට අවුරුදු 29කි. ඔහු ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ ආදී ශිෂ්යෙකි. අවිවාහකය.

ඔහු මිය ගියේ 1991 ජනවාරි 17 මැගසින් බන්දනාගාරයේදීය. ඒ පිහියෙන් ඇනීම සහ මොට ආයුද වලින් පහරදීම නිසාය. මේ අපරාදය කලේ බන්දනාගාර නිලදාරීන් විසිනි.

ඒ 88/89 බිෂන යුගයයි. මැගසින් බන්දනාගාරය වක්‍රව පාලනය වූ ජිවිපේ දේශපාලන සිරකරුවන් මගිනි. නමුත් ජෙවිපේ නායක රෝහණ විජේවීර ගාතනය වීමත් සමග රටේ තත්වය මෙන්ම මැගසින් බන්දනාගාරයේ පරිපාලනයත් වෙනස් විය. එහි පාලනය නිලදාරීන් අතට පත් විය. බන්දනාගාර නිළදාරින් පලිගැනීම ආරම්බ කළහ.

දිනක් සිරකරුවන් අදාල වාට්ටුවෙන් එලියට ගත්තේ ඔවුනට පහර දෙමිනි. පසුව තෝරා ගත් සිරකරුවන් බන්දනාගාර බුමියේ වූ රේල් පිලි මත දිගා කර ඔවුන්ට යකඩ පොලු වලින් පහර දෙන ලදී. බොහෝ දෙනෙකු අත් සහ කකුල් කැඩිනි. කුමාර ලාල් ඔහුට බන්දනාගාර නිලදාරීන් විසින් අමානුෂික ලෙස පහරදීමේදී කැගසුවේ නැත. හඩා වැටුනේ නැත. අබිතව මරණයට මුහුණ දුන්නේය.

කුමාර ලාල්ගේ සොහොයුරා කරුණාපාල මනවඩුව පොලිසිය විසින් ගාතනය කරනු ලැබිය. ඒ 1989 පෙබරවාරි 16 වැනිදාය. ඒ ජෙවිපේ දේශපාලන ක්‍රියාකාරකමකට අනුරාදපුරය බලා යමින් සිටියදීය. එවකට කරුණාපාල විවාහක තිදරු පියෙකු විය.

මේ අපේ ලෙයින් නැහැවුණු ඉතිහාසයයි. මේ ඉතිහාසය අමතක නොකළ යුතුය. මක්නිසාද මෙවන් අවාසනාවන්ත සිදුවීම් නැවත ඇතිවීම වලක්වා ගතයුතු බැවිනි.

Kumara Lal Brought to court.Kumara Lal Manawadu at his brother's funeral (Karunapala)Kumara Lal Manawadu's body.

One thought on “මානවඩු අයියා මලෝ ගාතනය කිරීම.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )