th

මෙය 1950 දී පිහිටවනු ලැබිය. එය ආසියාවේ පළමුවන එළිමහන් සිර කදවුරයි. ශ්‍රී ලංකා බන්දනාගාර ඉතිහාසයේ සංදිස්ථානයකි. ලොව පුරා අපරාද විද්‍යාඥයින්ගේ ගවුරවයටද පාත්‍ර වුවකි. වසර ගණනාවකට පෙර එක්සත් ජාතින් මේ පිලිබදව රුපවාහිනී චිත්රපටියක්ද නිෂ්පාදනය කරන ලදී.

සිරගෙදර ජීවිතය බාහිර සමාජයේ ජිවිතයෙන් සම්පුර්ණයෙන් වෙනස්ය. සිරකරුවන් උදැසන අවදි වන වෙලාවේ සිට ස්නානය දක්වා පාලනය වන්නේ වෙනත් පිරිසකගේ ආඥාව යටතේය. ඔවුන්ගේ යුතුකම් සහ වගකීම් පාලනය වන්නේද අනෙකකු යටතේය. ඔවුන්ගේ සියලු බවුතික අවශ්‍යතා සපයනු ලබන්නේ බන්දනාගාර පරිපාලනය විසිනි.

මෙවන් තත්වයක් තුල දීර්ග කාලින සිරදඩුවමකින් පසුව නිදහස්ව බාහිර සමාජයට යන මෙම පුද්ගලයා ප්‍රජාව හමුවේ නීතිගරුක පුද්ගලයකු වන්නේ නැත. මේ තත්වය වෙනස් කිරීමේ අරමුණින් පළමු වරට පල්ලෙකැලේ එළිමහන් සිරකදවුර පිහිටවනු ලැබිණි. එහිලා හිටපු බන්දනාගාර කොමසරි ජෙනරාල් වරයකු ජේ පි දෙල්ගොඩ මහතාගෙන් සිදුවූ කාර්යබාරය ඉමහත්ය. එනම් පල්ලෙකැලේ එළිමහන් සිරකදවුර පිහිටුවීමේ දැක්ම වුයේ දිර්ගකාලින සිරදඩුවම් විදි සිරකරුවකු සමාජයට මුදා හැරීමේදී එහිලා සුදුස්සකු කිරීමයි.

පල්ලෙකැලේ ගොඩනැගිලි සහ බවුතික වටාපිටාව සම්ප්‍රදායික සිරගෙයකින් වෙනස්ය. එය මිට පෙර හමුදා කදවුරක් ලෙස පැවතිනි. එහි උස් තාප්ප හෝ කම්බි වැටක් නැත. නමුත් එහි එක වැටක් ගසා ඇත්තේ දඩාවතේ යන හරකුන් ඇතුල්වීම වැළැක්වීමට මිස මිනිසුන් පැනයාම පාලනය කිරීමට නොවේ. එහි දඩුවම් දෙන සිරකුටියක් නොමැති අතරම සිරකරුවන්ගේ ඇදුම අනෙක් සිරගෙවල් වල සිරකරුවන්ගේ ඇදුමින් වෙනස් වේ.

මෙහි රෙජිමේන්ටල් අකාරයේ පාලනයක් නැත. සිරකරුවන් වැඩට යන විට එස්කොට් නිලදාරීන් සැපයිමක්ද නැත. මෙහි සිරකරුවන්ට පාර පැන නැමට නැමට ගගට යාමට පන්සලට පල්ලියට යාමට හැකියාව ඇත. නිලදාරින්ටද සිරකරුවන් පැන යතියි යන බියක් නැත. පල්ලේකැලේදී බන්දනාගාර නිලදාරියා සහ නියාමකයා මිත්‍රයකුගේ සහ මර්ගයුපදෙශයකුගේ බුමිකාව උසුලයි. සිරකරුවාට තම විවේක කාලය තුලදී කුමක් කලයුතුයි දැයි තීරණය කිරීමේ සම්පුර්ණ නිදහස තිබේ. මෙහිදී සිරකරුවාට නායකත්ව පුහුණුවක්ද ලබා දෙයි. තවද සිරකරුවන්ට කෘෂිකර්මය සහ සත්ව පාලනය ගැන පුහුණුවක් ලබා දෙන අතර වඩු වැඩ මේෂන් වැඩ පුහුණුව මෙන්ම බෙකරියක්ද පවත්වා ගෙන යනු ලැබේ.

සිරකරුවන්ගේ ලිපි ගනුදෙනු වලට බාදාවක් නැත. අමුත්තන් පැමිණිවිට ඒ පිළිබද සිමා පැනවීමක් හෝ පාලනයක්ද නැත. ඒවා අදීක්ෂණය කිරීමක්ද සිදුනොවේ. සිරකරුවන්ට තම දරුවන් සහ පවුලේ ඥාතීන් සමග පැය ගණනාවක් කාලය ගතකිරීමේ හැකියාව තිබේ.

මිට අවුරුදූ ගණනාවකට පෙර එළිමහන් සිරකදවුර අදාළ ස්ථානයෙන් ඉවත් කිරීමට තීරණය කලද එය වැළකුණේ බාහිර ප්‍රජාවගේ ඉල්ලීම පරිදිය. පල්ලෙකැලෙන් නිදහස්ව ගොස් බාහිර සමාජයේ යහපත් ජිවිත ගතකරන සැලකියයුතු සිරකරුවන් සන්කයවක්ද සිටිති. සමහර සිරකරුවන් නිදහස්ව යාමෙන් පසුව නැවතත් මෙම එළිමහන් සිරකදවුර බැලීමට පැමිණෙන අවස්ථාද තිබේ.

පල්ලෙකැලේ සිරකරුවන් ශ්‍රමදාන මං මාවත් ඉදිකිරිම ක්‍රීඩාංගන ඉදිකිරිම ගං වතුර අපදා සහන සැලසීම යන කාර්යන්ට දායක වීම මගින් නිදහස් ප්‍රජාව
සමග සම්බන්දතා වැඩිදියුණු කර ගනී. මෙහිලා රොටරි සමාජය සිංහ සමාජය සහ ඇපෙක්ස් සමාජයෙන් ඉමහත් දායකත්වයක් සැපයේ.

පල්ලෙකැලේ සිරකදවුරින් පැන ගිය සිරකරුවන්ගේ සංකයාව මෙන්ම නිදහස්ව ගොස් නැවත එහි පැමිණි සිරකරුවන් සංකයාවද ඉතා අල්පය.

අනුරාධපුරේ මඩකලපුවේ සහ යාපනයේදී මෙවන් එළිමහන් සිරකදවුරු 1957 – 1958 අතර කාල සීමාවේදී පිහිටවනු ලැබිණි. මඩකලපුවේ සහ යාපනයේ ඒවා දැනට ක්‍රියාත්මක වන්නේදැයි දැන ගන්නට නැත. විශ්වාසය විශ්වාසය උත්පාදනය කරයි යන මුලදර්මය මත ගොඩනැගුනු එළිමහන් සිරකදවුරු සංකල්පය බොහෝ බන්දනාගාරය හා සම්බන්ද උවදුරු වලට පිළියමකි. බන්දනාගාර කැරලි මැඩ පවත්විමෙලාද හොද සංකල්පයක් බව අවිවාදයෙන් කිව හැක.

මෙම කරුණු බොහොමයක් ජේ පි දෙල්ගොඩ මහතා සැකසු කුඩා පොත් පින්චකින් උපුටා ගනු ලැබිණි.

Advertisements