thumb150_aaaa_5

මේ අංක 298/2005 දරන නඩුවයි. පෙත්සම්කරුවන් මල්ලිකාගේ පද්මා විජේසුරිය සහ එම් ක්‍රිස්ටිය. වගයුත්තරකරුවන් වුයේ සාලිය වැව පොලිසියේ නිලදාරීන් පොලිස්පති සහ නිතිපතිය. මෙම නඩුව අගවිනිසුරු සරත් නන්ද සිල්වා ශේෂ්ට්‍රදිකරන විනිසුරුවරුන් වන ශිරාණි තිලකවර්දන සලීම් මශ්‍රුෆ් යන ත්‍රිපුද්ගල ශේෂ්ට්‍රදිකරන විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විබාග විය. පෙත්සම්කරුවන් වෙනුවෙන් නීතිඥ විරාන් කොරයා සහ ශාමෙන් ගුණරත්නද වගයුත්තරකරුවන් වෙනුවෙන් නීතිඥ වරුණ සේනාදීර සමග මනෝජ් සන්ජිවද ලියෝ පෙරේරා සමග රජයේ නීතිඥ රියාස් හම්සාද පෙනී සිටින ලදී.

පෙත්සම්කරුවන් දෙදෙනා ඔවුන්ගේ බාල දරුවන් ආබාදිත දරුවාද ඇතුළු පුත්තලම අනුරපුර පාරේ සාලිය වැව හන්දියේ ජිවත් විය. දෙවන පෙත්සම්කරු එනම් ක්‍රිස්ටි යම් ප්‍රහාරයක් නිසා සිදුවූ තුවාල හේතුවෙන් යම් ආබාදිත තත්වයට පත්වෙන ලදී. ඔහු මේ නිසා ජිවන මාර්ගයක් ලෙස නීතිවිරෝදී මත්පැන් නිෂ්පාදනය පටන් ගත්තේය. ඔවුන්ගේ නිවසට යාබද කඩය ඔවුන් විසින් මෙම මත්පැන් අලෙවිය සදහා යොදා ගත් අතර දිගින් දිගටම සාලිය වැව පොලිසියට නඩු හා අල්ලස් දීමට පටන් ගත්තේය. ඔවුන්ව කිහිපවරක් සාලිය වැව පොලිසිය හා පුත්තලම පොලිසිය විසින් අත්අඩංගුවට ගත් අතර ඔවුන්ට පොලිසියට අල්ලස් දීමටද සිදුවිය. ඔවුන් නීතිවිරෝදී මත්පැන් බෝතල ලබා දුන්නේ මසකට පොලිසියට නිශ්ශිත නඩු සංක්‍යාවක් ලබා දිය යුතු බැවිනි.

දිනය 2005.07.26 වැනිදාය. සාලිය වැව පොලිස් මුර පොලින් පැමිණි පොලිස් නිලදාරීන් ඔවුන්ගේ නිවසට පැමිණ කඩයද සෝදිසිකර යම් මුදලක් හා නීතිවිරෝදී මත්පැන් ද ලබා ගෙන පිටව ගියේ එක් නිලදාරියකු විසින් අයුතු යෝජනාවක්ද කරමිනි. එම පොලිස් නිලදාරියා එනම් තෙවන වගයුත්තරකරු මද්යම රාත්‍රියේ නිවසට පැමිණි අතර පෙත්සම්කාරිය කැගසා අසල්වැසියන් පැමිණි විට ඔහු පලා ගියේ මෝටර් සයිකලය හා ටි ෂට් එකද අමතක කරමිනි. එයින් පසුව සාලිය වැව පොලිස් මුරපොලේ නිලදාරීන් ජීප් රියකින් සහ ත්රිවිලරයකින් පැමිණෙන ලදී. එම නිලදාරීන් නිවසේ දොර ජනෙල් කඩා පෙත්සම්කරුවන්ට සහ අසල්වසියන්ටද පහරදී පලා ගියහ. අදිකරණයේදී වගයුත්තරකාර පොලිස් නිලදාරීන් ප්‍රකාශ කලේ තමන් පෙත්සම්කරුවන්ගේ නිවසට මද්යම රාත්‍රියේ ගියේ පැනඩෝල් මිලදී ගැනීමට බවයි. තවද පෙත්සම්කරුවන්ගේ නිවසට පහර දුන්නේ තමන් නොව ඔවුන්ගේම අසල්වැසියන් බවයි. මෙම තර්ක සියල්ල ප්‍රතික්ෂේප කෙරිණි.

තීන්දුව ලබා දුන් අගවිනිසුරු සරත් නන්ද සිල්වා මහතාද ප්‍රකාශ කලේ පෙත්සම්කරුවන්ගේ 11 වගන්තිය 13(1) වගන්තිය යන වගන්ති වල සදහන් 1978 ආණ්ඩු ක්‍රම විවස්ථාවේ එන මුලික අයිතිවාසිකම් උල්ලංගනය වූ බවයි. තවද පොලිසිය අනවශ්‍ය ලෙස සැකසු රථ වාහන නතර කර තැබීම සහ වේග සිමා යන පුවරු ඉවත් කිරීමට නියෝග කෙරිණි.

4 වන වගයුත්තරකරු රුපියල් 100,000 ක්ද තෙවන වගයුත්තරකරු සහ රජය රුපියල් 50,000 බැගින් වන්දිද පෙත්සම්කරුට ගෙවීමට නියම විය. මෙම නඩු තීන්දුවේ පිටපත් ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්ට සහ පොලිස්පතිට යවන ලෙස අදිකරණයේ රෙජිස්ටාර්ටද නියෝග කරනු ලැබිණි.

thumb150_thumb80_a_3_1thumb150_thumb80_c_403thumb150_thumb80_d_4_1thumb150_Untitled-d_2thumb150_Untitled-1a

http://www.janasansadaya.org/uploads/files/02-%20298-2005.pdf

Advertisements