Capture
මේ සිදුවීම ඉන්දියාවේ චෙන්නායි වලින් වාර්තා වේ. මෙම විවාහ ගිවිස ගැනීමේ වන්චාවේදී නීතිඥයින් පුජකයින් ලෙස හැසිරී ඇත. මෙම වියාජ විවාහ ගිවිස ගැනීම් නීතිඥයින්ගේ නිල කාමර වල සිදුව තිබේ. මේ තත්වය මඩරාස් මහාදිකරණයේදී හෙළිදරවු වී ඇත. විවාහ වන පාර්ශව පෙනී නොසිටි අවස්ථා වල පවා මෙම විවාහ සිදුව තිබේ. 2013 දී අදිකරණය ඉදිරියේ හෙළිදරවු වූ ආකාරයට චෙන්නායි හි ලියාපදිංචි කාර්යාල දෙකකදී ලියාපදිංචි විවාහ සන්කයාව 3500 ට වැඩිය. වැඩි හරියක් සිදුවීම් වලදී විවාහ සිදුකර ඇත්තේ නීතිඥවරුන්ගේ මුලිකත්වයෙනි. ඉන්පසු සහතික නිකුත් කර ලියාපදිංචි නිලදරින්ට එම විවාහ ලියාපදිංචි කරන ලෙස විවාහ වන පාර්ශව පෙනී නොසිටි අවස්ථාවලදී පවා බල කර ඇත.

මෙම වංචාව හෙළිදරවු වුයේ අගතියට පත් මනමාලයින් ගොනු කල හෙබයාස් කොපුස් පෙත්සම් සලකා බැලිමෙදිය. ඔවුන් අදිකරණයට කිවේ තම බිරින්දෑවරුන් නීතිවිරෝදී ලෙස ඔවුන්ගේ දෙමාපියන් විසින් රදවාගෙන ඇති බවයි. එම යුවතියන් අදිකරණයට කදවු විට ඔවුන් ප්‍රකාශ කලේ තම මනමාලයන් හදුනන නමුත් විවාහයක් සිදු නොවූ බවයි. ඉන්පසුව විනිසුරුවරු පරීක්ෂණයක් පැවැත්වීමට නියෝග කල අතර එහිදී මෙම නීතිඥයින් කර ඇති වංචාව හෙළිව තිබේ.

මෙහිදී විනිසුරුවරු පෙන්වා දුන්නේ නීති වුර්තියේ ගරුත්වය පිරිහෙන විට එය පමණක් කඩා නොවැටෙන අතර සමස්ත අදිකරණ පද්දතියම ආදහනාගාරය වෙත නැතිනම් සොහොන වෙත රැගෙන යන අතර එනිසාම අරාජිකත්වයේ නැටුමක් ආරම්බ විය හැකි බවකි.

Advertisements