ජනතා අදිකරණය (23);- පාලිත තිස්ස කුමාර නඩුව.

Untitled-1

මේ අංක 211/2004 දරන මුලික අයිතිවාසිකම් නඩුවයි. පෙත්සම්කරු මතුගම හල්වල පදිංචි පාලිත තිස්ස කුමාරය. නඩුව පවරන විට ඔහු කළුතර රක්ෂිත බන්දනාගාරයේ පසුවිය. වගයුත්තරකරුවන් වුයේ වැලිපැන්න පොලිසියේ උප පොලිස් පරීක්ෂක සිල්වා, ස්ථානදිපති, පොලිස්පති සහ නිතිපතිය. නඩුව ශේෂ්ට්‍රදිකරන විනිසුරුවරුන් වන ශිරාණි ඒ බණ්ඩාරනායක, ටි බි වීරසුරිය සහ එන් කේ උදලාගම යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විබාග විය. පෙත්සම්කරු වෙනුවෙන් නීතිඥ සංජිව වීරවික්‍රම සමග රවින්ද්‍ර ජයලත්ද වගයුත්තරකරුවන් වෙනුවෙන් නීතිඥ නුවන් දිසානායක, අනුරාද මිගවම, සංජිව එදිරිසිංහ, ක්‍රිෂාන්ති ප්‍රනාන්දු, ජනාදිපති නීතිඥ ඒ එස් එම පෙරේරා, නීතිඥ නෙවිල් ආනන්ද සහ රජයේ නීතිඥ හර්ශිකා ද සිල්වා පෙනී සිටින ලදී.

තීරණය ලබා දුන්නේ 2006.02.17 වැනි දිනය. 1978 ආණ්ඩු ක්‍රම විවස්ථාවේ 13(1) 13(2) සහ 11 වන වගන්ති වලින් සහතික කර ඇති මුලික අයිතිවාසිකම් පෙත්සම්කරු සම්බන්දයෙන් උල්ලංගනය වුයේදැයි සාකච්චා විය. 13(1) වගන්තියට අනුව පෙත්සම්කරුව නීතියට අනුව අත්අඩංගුවට ගතයුතු අතර ඔහුට අත්අඩංගුවට ගැනීමේ හේතුව දැන්විය යුතුය. 13(2) වගන්තියට අනුව ඔහුව රදවා ගැනීම නීතියට අනුව සිදුකල යුතු අතර හැකි ඉක්මනින් ලගම පිහිටි මහේස්ත්‍රාත් අදිකරණයට ඉදිරිපත් කල යුතුව ඇත. 11 වන වගන්තියට අනුව පෙත්සම්කරුව කිසිදු කෘර අමානුෂික වදහින්සාවකට හෝ පහත් කොට සැලකිමකට පාත්‍ර නොකළ යුතුය.

නඩු තීන්දුව ලියු ශිරාණි බණ්ඩාරනායක විනිසුරුවරිය පෙත්සම්කරු සම්බන්දයෙන් 13(1) සහ 13(2) වගන්ති වල සදහන් මුලික අයිතිවාසිකම් කඩවි නැති බවත් 11 වන වගන්තිය පමණක් උල්ලංගනය වී ඇති බවත් තීරණය කෙරිණි. ඇගේ තීරණයට අනෙක් විනිසුරු දෙපලගේ එකගතාවය හිමි විය.

පෙත්සම්කරු දක්ෂ චිත්‍ර ශිල්පියෙක් සහ කැටයම් කරුවෙකි. 2004.02.03 දින උදේ 8.30 ට ඔහුගේ නිවසට පැමිණි පළමු වගයුත්තරකරු සහ සෙසු පොලිස් කණ්ඩායම ඔහුව අත්අඩංගුවට ගනු ලැබිණි. නමුත් ඔහුට පළමුව පැවසුවේ නිදහස් දිනය වෙනුවෙන් පොලිස් ලාංචනය පාට කිරීමට තමන් සමග පොලිසියට යාමට එන ලෙසයි. පොලිස් ජීප් රථය අසලදීද පිස්තෝලයකින් ඔහුට පහර දෙන ලදී. පොලිස් ස්ථානයට ගෙන ගොස්ද විකට් පොල්ල්ලකින් පහර දෙන ලදී. මේ අවස්ථාවේ ක්ෂරෝගයෙන් පෙලෙන සරත්ව පොලිසියට ගෙන ආ අතර ඔහු ලවා පාලිත තිස්ස කුමාරගේ කටට කෙල ගස්සවන ලදී. පළමු වගයුත්තරකරු පෙත්සම්කරුට මේ අවස්ථාවේ කියා සිටියේ තමන්ට ඔහුට රෝගය වැළදීමට සලස්වා මරණයට පත්වීම සිදුකල යුතු බවයි. කාරුණික පොලිස් නිලදරියෙකු ඔහුට කට සෝදා ගැනීමට වතුර වීදුරුවක් ගෙනත් දුන්නේය. පොලිසියේදී පෙත්සම්කරුගේ ඇගිලි සලකුණු බලෙන් අත් බෝම්බයකට ලබා ගන්නා ලදී.

වගයුත්තරකාර පොලිස් නිලදාරීන් අදිකරණයට පැවසුවේ පෙත්සම්කරුගේ සන්තකයේ ආයුද තිබු බවත් මංකොල්ලයකට සැකකොට අත්අඩංගුවට ගත් බවත් ඔහුට තුවාල සිදුවුයේ අවම බලය යොදා අත්අඩංගුවට ගැනීමට යාමේදී බවත්ය. ශේෂ්ට්‍රදිකරණය තීරණය කලේ අවම බලය යේදීම මත වයිද්‍ය වාර්තාවල සදහන් තුවාල 32ක් ඇතිවිය නොහැකි බවයි.

පාලිත තිස්ස කුමාර මුලික අයිතිවාසිකම් නඩුව ජයග්‍රහණය කළේය. වන්දි සහ ගාස්තු ලෙස පළමු වගයුත්තරකරුට සහ රජයට රුපියල් 25,000ක් ඔහුට මාස 03 ක් ඇතුලත ගෙවීමට නියම විය. නඩු තීන්දුවේ පිටපතක් පොලිස්පතිට යවන්නයි ශේෂ්ට්‍රදිකරණයේ රෙජිස්ටර්ට නියෝග කෙරිණි.

http://www.janasansadaya.org/page.php?id=231&lang=en

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )