???????????????????????????????

මේ අංක 224/2006 දරන මුලික අයිතිවාසිකම් නඩුවයි. පෙත්සම්කරු පානදුර පල්ලිමුල්ලේ පදිංචි එම් ඩි නන්දපාලය. වගයුත්තරකරුවන් වුයේ හෝමාගම පොලිසියේ ස්ථානදිපති ඇතුළු තවත් පොලිස් නිලදාරීන් තිදෙනෙක්, පොලිස්පති සහ නිතිපතිය. මෙය අගවිනිසුරු සරත් එන් සිල්වා ශේෂ්ට්‍රදිකරන විනිසුරුවරුන් වන ශිරාණි තිලකවර්දන, පි ඒ රත්නායක යන ත්‍රිපුද්ගල ශේෂ්ට්‍රදිකරන විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විබාග විය. පෙත්සම්කරු වෙනුවෙන් නීතිඥ ශාමෙන් ගුණරත්නද වගයුත්තරකරුවන් වෙනුවෙන් නීතිඥ සාලිය පිරිස්, රුක්ෂාන් නානායක්කාර, උදිත ඉහලහේවා සහ ජෙෂ්ට රජයේ නීතිඥ කේ ඒ පි රණසිංහ පෙනී සිටින ලදී. තීරණය ලබා දුන්නේ 2009 අප්‍රියෙල් 27 වැනි දිනය.

ශේෂ්ට්‍රදිකරන විනිසුරු ශිරාණි තිලකවර්දන නඩු තීන්දුව ලියු අතර එයට අගවිනිසුරු සහ අනෙක් ශේෂ්ට්‍රදිකරන විනිසුරුවරුන්ගේ එකගතාවය හිමිවිය. 1978 ආණ්ඩු ක්‍රම විවස්ථාවේ 12(1) 13(1) සහ 13(2) යන වගන්ති වලින් සහතික කර ඇති මුලික අයිතිවාසිකම් පෙත්සම්කරු සම්බන්දයෙන් කඩ වූ බව තීරණය කෙරිණි. මෙහිදී ශ්‍රී ලංකා පොලිස් සේවයේ සාමාජිකයින්ට විරුද්දව එල්ලවන චෝදනා වල බරපතලකම ගැනද සලකා බැලිනි. ඒ අතරම ශ්‍රී ලංකාවේ පුරවැසියන් සිය නිත්‍යානුකුල කටයුතුවල නිරත වීමේදී ගමනාගමන කටයුතු වල නිදහස සම්බන්දයෙන් මුහුණදෙන දුෂ්කරතාද සාකච්චා විය.

2006 මැයි 24 රාත්‍රී 10 ට පමණ පෙත්සම්කරුගේ වැන් රථය නවතා සොදිසිකල හෝමාගම පොලිසිය පෙත්සම්කරු ඇතුළු තවත් වාහන අයිතිකරුවන් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගෙන හෝමාගම පොලිසියට ගෙනෙන ලදී. මෙය සිදුවුයේ ගොඩගම සෝදිසි මුර පොලෙදිය.

පෙත්සම්කරුව පොලිසියට ගෙන එමෙන් අනතුරුව ඔහුව පොලිස් ස්ථානයෙන් පිටත ස්ථානයකට ගෙන ගොස් ඔහුට ඉතා තිරිසන් ආකාරයට වගයුත්තරකරුවන් වූ පොලිස් නිලදාරින් විසින් පහර දෙන ලදී. පහරදීමට යොදා ගත්තේ හෝස් පයිප්පයක් සහ පොල්ලකි. ඔහුගේ පිටුපසට, යටිබඩට සහ තට්ටම් වලට පහර දෙන ලදී. පෙත්සම්කරුගේ බිරිද මෙම අත්අඩංගුවට ගැනීම ගැන දැනගෙන පසුදින පොලිසියට පැමිණ පෙත්සම්කරුව ඇප මත නිදහස් කර ගනු ලැබිණි.

2006 ජුනි 05 පෙත්සම්කරු නැවත පොලිසියට යන්නේ ඔහුගේ රියදුරු බලපත්‍රය ලබා ගැනීමටයි. ඔහුව ඇප මත නිදහස් කරන අවස්ථාවේ ඔහුට පොලිසිය විසින් එය ලබා නොදෙන ලදී. පොලිසියට ගිය අවස්ථාවේ වගයුත්තරකාර පොලිස් නිලදාරීන් ඔහුට කිවේ බලපත්‍රය නැතිවූ බවට පැමිණිල්ලක් කරන ලෙසයි. ඔහු එය ප්‍රතික්ෂේප කළේය.

මෙම මුලික අයිතිවාසිකම් නඩුව පැවරු අවස්ථාවේ පෙත්සම්කරුට එරෙහිව චෝදනාවක් වුයේ ඔහුගේ වැන් රථයේ පිහියක් තිබු බවයි. එය පෙත්සම්කරු විසින් ඔහුගේ වියාපාරය වූ වානේ ගෘහබාන්ඩ අලෙවියේදී ඒවා වසා ඇති පොලිතින් කවර කැපීමට යොදාගත් එකකි. එය ඔහු ඉනේ ගසා ගෙන නොසිටි අතර වැන් රථයේ ලාච්චුවක තිබිණි. මේ ගැන අංක 82545 යටතේ එනම් පිහිය ගැන හෝමාගම මහේස්ත්‍රාත් අදිකරණයේ වියාජ නඩුවක්ද පොලිසිය විසින් පෙත්සම්කරුට එරෙහිව පවරන ලදී.

මෙම නඩුවේදී පෙත්සම්කරුව අත්අඩංගුවට ගැනීමට පොලිසියට සාදාරන සැකයක් තිබුනේද යන්න සාකච්චා විය. තවද හදිසි අවස්ථාවල පොලිසියට අත්අඩංගුවට ගැනීම සම්බන්දයෙන් පුළුල් අබිමතයක්ද ඇත. නමුත් එය තාර්කිකව නිසි ක්‍රියාදාමයකට අනුව නිතිය හා සාමය රැකිම සදහා පොලිසිය විසින් යොදා ගත යුතුව තිබේ.

පෙත්සම්කරු මුලික අයිතිවාසිකම් නඩුව ජයග්‍රහණය කළේය. පළමු, දෙවන සහ තෙවන වගයුත්තරකරුවන් පෙත්සම්කරුට රුපියල් ලක්ෂයක වන්දියක් ගෙවිය යුතු වූ අතර පළමු වගයුත්තරකරු රුපියල් 75,000 ක්ද අනෙක් දෙදෙනා සමාන කොටස් වශයෙන්ද මුදල් ගෙවිය යුතු විය. තවද ගාස්තු වශයෙන් පළමු, දෙවන සහ තෙවන වගයුත්තරකරුවන් රුපියල් 10,000/= බැගින් වෙන් වෙන් වශයෙන් ගෙවිමට නියම විය.

http://www.janasansadaya.org/page.php?id=159&lang=en

Advertisements