ජනතා අදිකරණය (21) ;- රාජිත සේනාරත්න නඩුව.

Minister-Rajitha-Senaratne.

මේ අංක 18/95 දරන මුලික අයිතිවාසිකම් නඩුවයි. පෙත්සම්කරු රාජිත එච් සේනාරත්නය. ඔහු වත්මන් ආණ්ඩුවේ ඇමතිවරයෙකි. වගයුත්තරකරුවන් වුයේ අපරාද පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජෙෂ්ට පොලිස් අදිකරිවරයකු, පොලිස්පති සහ නිතිපතිය. මෙම නඩුව ශේෂ්ට්‍රදිකරන විනිසුරුවරුන් වන ප්‍රනාන්දු, අමරසිංහ සහ දිරරත්න යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විබාග විය. පෙත්සම්කරු වෙනුවෙන් ජනාදිපති නීතිඥ තිලක් මාරපන, නීතිඥ දුමින්ද වීරසුරිය සහ ලක්ෂ්මන් රණසින්හද වගයුත්තරකරුවන් වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සි ආර් ඩි සිල්වා සමග රජයේ නීතිඥ බි අලුවිහරේද පෙනී සිටින ලදී.

මෙහි තීරණය ලබා දුන්නේ 1995 නොවැම්බර් 03 වැනිදාය. 1978 ආණ්ඩු ක්‍රම විවස්ථාවේ සදහන් 13(1) වගන්තිය සහ 13(2) වගන්තිය මගින් සහතික කර ඇති මුලික අයිතිවාසිකම් ගැන සාකච්චා විය.

එවකට පෙත්සම්කරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි. නිදහස් සේවක සංගමයේ සබාපතිය. ඔහුට නුගේගොඩ ජෙෂ්ට පොලිස් අදිකරිගෙන් පණිවිඩයක් ලැබිණි. ඒ බේකරියේ වැඩ කරන අය විසින් දෙදෙනෙකු ප්‍රාණ ඇපකරුවන් ලෙස තබා ගෙන ඇති බවටත් පොලිසිය බේකරියට ඇතුළු වුවහොත් ප්‍රාණ ඇපකරුවන් දෙදෙනාව වහලෙන් බිමට තල්ලු කර දමන බවට තර්ජනය කරමිනි. පෙත්සම්කරුගෙන් ඉල්ලා සිටියේ නිදහස් සේවක සංගමයේ සබාපති හැටියට ප්‍රාණ ඇපකරුවන්ගේ නිදහස්වීම සහතික කරන ලෙසටයි. ඒ අවස්ථාවේ පෙත්සම්කරු පාර්ලිමේන්තුවේ කතා කිරීමට නියමිතව සිටියේය. එදින පාර්ලිමේන්තුව කල් තැබූ විට ඔහු කම්කරු අමාත්‍යවරයාට බේකරියේ සිද්දිය ගැන කතා කළේය. මේ සිද්දියට දින දෙකකට කලින්ද මේ ගැන සාකච්චා කිරීමට ඔහු කම්කරු අමත්යවරයා මුණගැසිනි. ඔහු අමාත්‍යවරයාට දන්වා සිටියේ තමා දැන් නුගේගොඩ ජෙෂ්ට පොලිස් අදිකරිවරයා සමග බේකරියට යන බවයි. ඔහු අමාත්‍යවරයාගේන් ගැටුම නිරාකරණය කිරීමට උදවුද ඉල්ලා සිටියේය. අමාත්‍යවරයා එයට එකගවී පෙත්සම්කරුට දන්වා සිටියේ අලුත්ම තත්වය තත්වය ගැන තමාට වාර්තා කරන ලෙසයි. පෙත්සම්කරු එම ස්ථානයට ගිය අතර ඔහුගේ බුමිකාව සාර්ථක විය. ඔහු සේවකයින් සමග සාකච්චා කර ප්‍රාණ ඇපකරුවන් ලෙස තබා ගෙන සිටි ලින් සින් හියු මහතාව සහ ජයන්තද සිල්වා මහතාව නිදහස් කර ගන්නා ලදී.

1994 දෙසැම්බර් 14 ඔහු අපරාද පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගියේ ඊට පෙරදින ඔහුට ලැබුන දුරකථන ඇමතුමකට අනුවයි. ඒ බේකරියේ සිද්දිය සම්බන්දයෙන් ඔහුගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමටයි. ඔහුගෙන් උදැසන 10.20 සිට සවස 6.15 දක්වා ප්‍රශ්න කෙරිණි. ඒ ඔහුගේ පවුල් පසුබිම දේශපාලන වුර්තිය සහ බේකරියේ සිද්දිය ගැනයි. ඉන්පසුව 1994 දෙසැම්බර් 24 දින ඔහුව නිවසේ සිටියදී අත්අඩංගුවට ගෙන අපරාද පරීක්ෂණ දෙපාර්තමේන්තුවට රැගෙන යන ලදී. ඔහුව මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව නිදහස් කෙරිණි.

පසුව පෙත්සම්කරු මෙම මුලික අයිතිවාසිකම් නඩුව ගොනු කරන ලදී. නඩු තීන්දුව ලීවේ අමරසිංහ විනිසුරු විසිනි. එයට ප්‍රනාන්දු විනිසුරු සහ දිරරත්න විනිසුරු යන විනිසුරු දෙපලගේ එකගතාවය හිමි විය. එහිදී පෙත්සම්කරු සම්බන්දයෙන් 13 (1) වගන්තියේ සදහන් අත්අඩංගුවට පත්වීමේදී හේතුව දැන ගැනීමට ඇති අයිතියත් 13(2) වගන්තියේ සදහන් අත්අඩංගුවට පත්වූවන් සාදාරන කාලයක් තුල මහේස්ත්‍රාත්වරයකු වෙත ඉදිරිපත් කරනු ලැබීමට ඇති අයිතියත් පෙත්සම්කරු සම්බන්දයෙන් උල්ලංගනය වූ බව තීරණය කෙරිණි.

පෙත්සම්කරු මිලියන 5 ක වන්දියක් ඉල්ලුමුත් ඔහුට එය නොලැබිණි. නඩුව ජයග්‍රහණය කල පෙත්සම්කරුට නඩු ගාස්තු ලෙස රුපියල් 15,000 ක් හිමි විය.

http://www.janasansadaya.org – judgements –114-18-1995.pdf

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )