DSC_0340

“ඒ 2009 වසරේ මැයි මාසයයි. ගමක් නගරයක් හන්දියක් බසයක් ගානේ කිරිබත් කැවුම් කෙසෙල්ගෙඩි හුමාරු විය. ඇතැම් මත්වූ දෙෂප්ප්රෙමින් සිංහ දජය ලෙල දුහ. ඒ එක් ජනවර්ගයක් සිය විමුක්තිය වෙනුවෙන් ගෙන ගිය සටන පරාජය වීම නිමිත්තෙනි. මේ සිංහල ජාතියේම ඇතැම් පිරිස් එදා ජනාදිපති ප්‍රේමදාස මරා දැමු විට රතිඥා පත්තු කළහ. එවන් ජාතියකින් 2009 මැයි මස තත්වය හැසිරීම අපේක්ෂා කල යුතුය.” – සියල්ල මතකයට නැගුවේ ඊයේ කියවා නිම කල තාරා මගේ දෙවු දුවයි.

නිශ්ශංක විජේමාන්න අපුරු සුන්දර නවකතාවක් ශ්‍රී ලංකා සහිත්‍ය ලෝලීන්ට උරුම කර දී ඇත. සරලය. එක දිගට කියවා ගෙන යාහැක. බානුක, තාරා සහ ප්‍රියංගා යන චරිත පාටක හදවතට මැනවින් සමීප වේ.

බානුක ද විද්‍යාවෙන් උසස් පෙළ ලියා අසමත්ව පසුව කලාව කොට විශ්ව විද්‍යාලයට ගොස් එතනින් පුරා විද්‍යා ක්ෂේත්‍රයට ප්‍රවිෂ්ට වේ. ඔහු අවසානයේ තාරා දෙවගනගේ පිළිරුව සොයා ගනී.

ලේකකයාගේ කැනීම පුරා වස්තුවක් වුවද යුද්දය, සාමය, රාජ්‍ය නොවන සංවිදාන, පුරුෂදිපත්‍ය, සහ ස්ත්‍රී විමුක්තිය ගැන සාකච්චා වේ.

අවසානයේ බනුකගේ යෙහෙළිය මෙහි කතානායිකාව වූ තාරාට මානසික රෝගයක් වැළදේ. අපේ ශ්‍රී ලාංකීය සමාජ සංස්කෘතික ආකල්ප වටා පිටාව තුල තවමත් මානසික රෝග ගැන කතා කිරීම පිළිබද ඇත්තේ මැලි කමකි. ඒ පිළිබද දනවාදී පරිනත බවක් පෙන්නුම් නොකරයි. මේ සමාජය තවමත් මානසික රෝගීන්ගේ ක්‍රියාකාරකම් දෙස හාස්‍යයෙන් බලයි. ඔවුන්ව විහිළුවට ගනී.

ප්‍රියංගා බානුකගේ බිරිදයි. තාරා හිතවතියයි. මෙය මගේ පුද්ගලික අත්දැකීමකි. 1996 වසරේ විශ්ව විද්‍යාලයට තේරී පත්වූ අය සදහා ගෙල්ට් නම් ඉංග්‍රීසි පාටමලාවක් පැවැත්විණි. එහි එක්තරා ඉංග්‍රීසි ගුරුවරියක් තම ශිෂ්‍යාවකගෙන් අසා තිබුනේ ඔයාගේ තාත්තට ඔෆිස් එකේ ගල් ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවාද කියාය. මේ තරමටම අපේ සමාජයේ ඇතැම් උගතුන්ද ලිංගිකත්වය පිළිබද කුහක දුපත් මානසිකත්වයෙන් පෙලේ.

සියලු සාහසික සමාජ සංස්කෘතික ආකල්ප ක්‍රියාවන් වෙනස් කිරීමෙහිලා තාරා නම් මගේ දෙවු දුව නම් වූ පොත් තවතවත් ශ්‍රී ලාංකීය සමාජයට බිහිවිය යුතුව ඇත. සාහිත්‍යට අතින් පයින් තුවක්කුවෙන් කල නොහැකි බොහෝදෙ කල හැක.

Advertisements