3(416)

අක්මීමණ සැකකරු දියේ ගිලී මැරේ

පොලිසියේ දෙන්නෙකුටත් වතුර පෙවිලා
2014 සැප්තැම්බර් මස 19 06:08:02 | අමිල මධුශංක , ජී.ඩබ්ලිව්.කේ.ප්‍රේමතිලක ද සිල්වා, හේමපාල ලියනගේ

දේමුනි පූජනි හසන්ති ලංකාතිලක (08) දැරිය කෙළෙසා මරා දැමීයැයි කියන පුද්ගලයා මාදොළේ ගිලී මියගිය බව පොලිසිය කියයි. පොලීසියට ඇඳුම් වගයක් පෙන්වීමට යද්දී සැකකාර ගාමිණී කුමාර සමරවීර (27) මාදොළට පැන ඇතැයි ද ඔහු බේරාගැනීමට ගිය පොලිස් නිලධාරීන් දෙදෙනකුට ද ජලය පෙවී රෝහල්ගත කළ බවත් පොලිසිය කියයි. මේ සිද්ධිය වාර්තා වූයේ බ්‍රහස්පතින්දා රාත්‍රී අටට පමණය.

පොලිස සුනඛ රොනී සැකකරු අල්ලා ගැනීමට උපකාරී විය. ඉව ඔස්සේ ඔහුගේ නිවසේ ඇඳ ළඟටම රොනී ගිය බව පොලිසිය කියයි.

නියම රට. බල්ලා තීන්දුව දෙයි. උසාවි නඩුකාරයෝ නීතිඥයෝ සහ රස පරීක්ෂක අවශ්‍ය නැත. සියල්ල රෝනිලට බාර දෙමු. ශාක්ෂි දීමද බල්ලාට පවරමු. රතු පාට ගඩොල් ඇල්ලු අශ්චර්යේ දිගටම ගමන් කරමු.

1(123)

4(179)

2(679)

Advertisements