14 වයසැති සිසුට පහරදුන් අපරාදකරුවන් සම්බන්දයෙන් පොලිසිය මුනිවත රකි.

DSC_0339
පොලිසියේ සිටින්නේ කොස්තාපල් පුඥාසොමලාද ? සෑම පොලිස් ස්ථානයකම නැති වුවවත් බණ්ඩාරගම පොලිසියේ තත්වය එබදුද? රට දැවැන්ත ආශ්චර්යක් කරා ගමන් කරන බව කියවේ. තවද දැන් අපේ රට මද්යම පන්තික අදායම් ලබන රටක්ලු. නමුත් නිතිය මත පාලනයක් නැත. රාජපක්ෂලා පමණක් නොව පොලිස් කොස්තපල්ද සිටින්නේ නීතියට ඉහළිනි. ශ්‍රී ලංකාවේ අපරාද පාලනය කල නොහැක්කේ පොලිසියේම නොකටයුතුකම් නිසාය. 14 හැවිරිදි ඉර්ශන්ට යුක්තිය ඉටු කරන්නයි අපි පොලිස් බලදාරීන්ට අවදාරණය කරමු. මෙය ජනසංසදයට පැමිණ කල පැමිණිල්ලකි. දු ක 038 2231419.
ලි.ප.තැ.

ස්ථානාධිපති
පොලිස් ස්ථානය
බණ්ඩාරගම
14 වියැති ළමයෙකුට අමානුෂික පහර දීම සම්බන්ධව ලිඛිත පැමිණිල්ල.

අබ්¥ල් සමීන් නිස්මියා, අවු: 40 යි, විවාහක, දරුවන් 03 යි, ලිපිනය : 41/එ්, පාසල පාර, අට`ඵගම, බණ්ඩාරගම. දුරකතන අංකය : 038 7911123

2014.09.18 වන දින දීය.

එම්.අයි.එම්. ඉර්ෂාන්, අවුරුදු 14 යි, ක/අට`ඵගම, අල්ගසාලි ම.ම. විද්‍යාලයේ, 10 ශ්‍රේණියේ ඉගෙනුම ලබයි. මාගේ පුතා වේ.

2014.09.12 වන දින, සවස 5.00 ට පමණ, පාසල් පාරේ, ”ස්වීට්” විකුණන කඩය ඉස්සරහදී, මින්හාච් නැමති අවුරුදු 20 ක් වන අයකු විසින් පහර දෙන ලදි. ඔහුට පහර දීමට මාගේ පුතාව අල්ලාගෙන සිටියේ මීගහමුල්ලේ ත‍්‍රී රෝද රථ රියදුරෙකු වන මුනීර් නැමති අයයි.

මෙම පහර දීමෙන් තුවාල ලැබූ පුතා සමග මා, එ් වෙලාවේදීම බණ්ඩාරගම පොලීසියට ගොස් පැමිණිල්ලක් දැම්මා. එවිට සවස 6.15 ට පමණ ඇත.

පොලීසිය පැමිණිල්ල ලියා ගත්තා. තොරතුරු පොතේ අංකය : සී.අයි.බී. 1 – 316/126 වේ. පැමිණිල්ල ලියා ගත්තේ පො.කො. සෝමපාල යන අයයි. මුලකුරු හා අංකය අපැහැදිලියි.

එයින් පසුව, බණ්ඩාරගම රජයේ රෝහලට යන ලෙසට පෝරමයක් පුරවා දුන්නා. එය රැුගෙන බණ්ඩාරගම රජයේ රෝහලට ගියා.

නේවාසිකව නවත්වා ගත්තා. පසුදින 2014.09.13 දින උදේ, පුතාගේ දකුණු ඇස ඉදීමී, රතුවී වැසී තිබුණ නිසා ටිකට් කප්පවාගෙන කොළඹ ඇස් රෝහලට ගෙන ගියා.

ඇස් රෝහලේ 07 වන වාට්ටුවේ නවත්වා ප‍්‍රතිකාර ලබාදුන්නා.

ඇස් වාට්ටුවේ සිටිය දී, 14 වන දින, එනම් ඉරිදා, පුතාව ගිලන් රථයකින් ජාතික රෝහලේ පොලිස් මුරපොලට ගෙන ගියා. එතනදී විස්තර අසා නඩු දානවාද කියා අසා ඇත. පුතා කියා තිබෙනවා, අම්මාගෙන් අහන්න කියා. ඉන්පසු නැවත ඇස් රෝහලට එවා තිබුණා.

2014.09.15 වන දින, ඇස් වාට්ටුවෙන් ටිකට් කැපුවා. පුතාව ගෙදර ගෙන ආවා. රාත‍්‍රියේ පුතාට තද හිසරදය හැදුනා.

පසු දින එනම්, 2014.09.16 උදේ නැවත පුතාව ඇස් රෝහලට ගෙන ගියා.

ඇස් රෝහලින් උපදෙස් දුන්නා හදිසි අනතුරු වාට්ටුවට ගෙන යන ලෙසට. එ් අනුව හදිසි අනතුරු වාට්ටුවට ගෙන ගියා.

හදිසි අනතුරු වාට්ටුවේ 72 වාට්ටුවට ඇතුළත් කළා. පසුදින 17 වන දින, දවල් 11.00 ට පමණ, 23 වාට්ටුවට මරු කළා. එතනදී ටිකට් කැපුවා.

පුතාව සතියකට වරක්, කොළඹ ඇස් රෝහලේ සායනයට ගෙන යෑමට තිබෙනවා.

මේ දක්වාම මාගේ පුතාට පහර දුන් මින්හාච් යන අයව අත්අඩංගුවට ගෙන නොමැත. ඔහුගේ පියා ව්‍යාපාරිකයෙකු වන මුජසර් වේ.

මාගේ පුතාට පහර දුන් මින්හාච්, පහර දීමට පුතාව අල්ලාගෙන සිටි මුනීර් නැමති ත‍්‍රී රෝද රථ රියදුරාව අත්අඩංගුවට ගෙන නොමැත.

මුනීර් නැමති ත‍්‍රී රෝද රථ රියදුරා මෙම අපරාධය කිරීමෙන් පසුව දින 40 ක් වන්දනාවේ යනවා කියා ගමෙන් පිටවී ඇත.

මා ඉල්ලා සිටින්නේ,

1* 14 හැවිරිදි මාගේ පුතාට බරපතල ලෙස පහර දුන් මින්හාච් හා මුනීර් යන දෙදෙනාව අත්අඩංගුවට ගෙන, නඩු පවරා අධිකරණයට ඉදිරිපත් කර ඔවුන්ව, නිසි නීතිමය පියවර ගන්නා ලෙසටයි.

2* මාගේ පුතාට පහර දීම අදාල, වෛද්‍ය වාර්තා, කොළඹ ඇස් රෝහලෙන්, කොළඹ ජාතික රෝහලෙන් ලබාගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට හා

3* මාගේ පුතාව, අධිකරණ වෛද්‍යවරයෙකු හමුවට පත්කර නොමැති නම් අධිකරණය මගින් නියෝගයක් ලබාගෙන විශේෂඥ අධිකරණ වෛද්‍යවරයෙකු හමුවට ඉදිරිපත් කරන ලෙසටය.

ඉහත සියලූ කරුණු සත්‍ය බව ප‍්‍රකාශ කරන අතර, මෙය ලිඛිත පැමිණිල්ලක් ලෙසට බාරගෙන, ලදුපතක් මා වෙත නිකුත් කරන මෙන්ද ඉල්ලා සිටිමි.

මෙයට

අබ්¥ල් සමීන් නිස්මියා

පිටපත :-
ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී
ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය
පානදුර

පොලිස්පති හා මානව හිමිකම් කොමිෂන් සභාව, 2014.09.17 වන දින මෙම සිද්ධිය අදාලව මා විසින් එවන ලද ලිඛිත පැමිණිල්ල හා සම්බන්ධ වේ.

One thought on “14 වයසැති සිසුට පහරදුන් අපරාදකරුවන් සම්බන්දයෙන් පොලිසිය මුනිවත රකි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )